මීට වසර දෙකකට පෙර විදෙස්ගත ශ්‍රමිකයන් මාසයකට ශ්‍රී ලංකාවට එවනු ලැබූ මුදල්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 800ක ට ආසන්නය. ඉන්ධන, ඖෂධ, පොහොර සහ කෑම බීම ඇතුළු ශ්‍රී ලංකාවට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයනය කරනු ලැබුවේ එම මුදල්වලිනි.
කෙසේ නමුත් වැරදි ආර්ථික කළමනාකරණය, අධික දූෂණය සහ වංචාව වගේම අමනෝඥ තීන්දු තීරණ නිසා රුපියලේ අගය පාලනය කළ නොහැකි වූ විට පා වෙන විදේශ විනිමය අනුපාතිකය ඉවත් කොට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඩොලරයේ අගය පාලනය කිරීම ආරම්භ කළේය.
ඉතිහාසයේ ඉහළම විදේශ සේවා නියුක්තියක් තිබියදී පවා ලැබෙන ආදායම ඩොලර් මිලියන 800 සිට මෙම මාසය වන විට ඩොලර් මිලියන 300 දක්වා පහත වැටී ඇති ආකාරය ඉහළ වගුවෙන් පැහැදිලි වේ. එසේ සිදු වන්නේ මුදල් සංසරණය කළු කඩ හරහා සිදු වීමෙනි .
එමගින් ශ්‍රී ලංකාවට විදෙස් මුදල් ලැබෙන්නේ නැත. රට අභ්‍යන්තරයේ රුපියල් හිඟ වීමට වීමට ද එම තත්ත්වය හේතුවකි. මන්ද ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ නොකොට විදේශ මුදල් මිලදී ගැනීම සඳහා මුදල් ජාවාරම්කරුවන් විශාල වශයෙන් රුපියල් සඟවා ගෙන සිටීම නිසයි. ඒ අනුව ශ්‍රී ලංකාව අද මුහුණ දෙන මේ අර්බුදය තනිකරම කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයට ගොඩනගන ලද කෘත්‍රීම එකක් බව පැහැදිලිය.
මේ අනුව පා වෙන විනිමය අනුපාතිකය යළි ගෙන විත් ඩොලරයට නියම මිල ගෙව්වොත් මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 650ක් රටට වැඩියෙන් ලැබෙන අතර එවිට රටේ මේ වන විට උද්ගත වී තිබෙන ඩොලර් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන බව කිව යුතුය.
Lanka Newsweek © 2023