Thursday 25th of April 2024

English Tamil
Advertiesment


බ්‍රිතාන්‍ය ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි


2019-07-03 7795

(නිලන්ති චන්ද්‍රසේන)

සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුගිය සතියේ කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක්  මෙරටට පැමිණි අතර පසුගිය 12 වනදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක දී එම සුහද තරගාවලිය පවත්වා ඇත.  පසුව මෙම කණ්ඩායම  ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබේ.

අනතුරුව  එදින රාත්‍රීඔවුන් නැවති සිටි හෝටලයට පැමිණ රාත්‍රී 10. 30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.පසුව ඊයේ (13)  අලුයම 4 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකුට  උදෑසන 10 ට පමණ ශ්වසන අපහසුතාවයක් ඇති වී ඇති අතර  එම ක්‍රීඩකයින් දෙදෙනා  කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී 26 හැවිදිරි හාවඩ් තෝමස් ඇනඩෘ නම් ක්‍රීඩකයා  දහවල් 12 ට පමණ මියගොස් ඇති අතර  අනෙක් ක්‍රීඩක 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් මේ වන විට  අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවද වාර්තා වේ.

 

Advertiesment