කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව නිසි ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේ ද යන්න පිළිබඳව ජාතික අවශ්‍යතාවයකි. වරාය නගරයේ කෙරෙන ව්‍යාපාර බදු වර්ග ගණනාවකින් නිදහස් කිරීමේ බලය වරාය නගර ආර්ථික කොමිසමට හිමිය. ඊට ආදායම් බදු, VAT බදු, සුරා බදු, වරාය බදු සහ ගුවන් බදු අයත්ය.
මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවක් සලකා බලා වසර ගණනාවක් මුළුල්ලේ කෙරුණු පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ, බදු සහනවලට වඩා ආයෝජකයන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ බදුවල ස්ථාවර බව සහ බදු ප්‍රතිශතය පහළ මට්ටමක පැවතීම යන කරුණු පිළිබඳව බවය.එසේම විදෙස් ආයෝජකයින් පහත කාරණාවලට වැඩි ප‍්‍රමුඛතාවයක් ලබා දෙයි.
(01) රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය.
(02) අමුද්‍රව්‍යවල මිල.
(03) නීති කටයුතුවල විනිවිදභාවය.
(04) දේශීය වෙළෙඳ පොළ.
(05) කුසලතා සහිත ශ‍්‍රම බලකායක් සිටීම.
(06) දේශීය සැපයුම්කරුවන් සිටීම.
(07) අදාළ රට පවත්වා ගෙන යන ද්විපාර්ශවීය හෝ කලාපීය ගිවිසුම්.
මෙම තත්ත්වයන් දියුණු කර ගෙන එම සාධක සපුරා ගැනීමට නම් අධ්‍යාපනය, තාක්ෂණික පුහුණුව, නීති පද්ධතිය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත‍්‍ර සඳහා රජය විසින් කරන වියදම වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ප‍්‍රමාණවත් ආදායමක් නොමැතිව, සැළකිය යුතු විදේශ ආයෝජනයන් ඇද ගැනීමට හැකි වන පරිදි මෙම ක්ෂේත‍්‍ර සංවර්ධනය කිරීම සදහා මුදල් යෙදවීමට රජයට නොහැකිය.
කොළඹ වරාය නගරයේ ව්‍යාපාරවලට මහා පරිමාණ බදු සහන දිගු කාලයක් පුරා ලබා දීමට කටයුතු කිරීම නිසා දැනට බදුවලින් රට උපයා ගන්නා මුදලට බලපෑමක් එල්ල විය හැකිය. එසේ වන්නේ, මෙරට දේශීය සමාගම් බදුවලට යටත් වන සිය ලාභය, වරාය නගරයේ ව්‍යාපාර වෙත විතැන් කිරීමට නොඑසේ නම් මාරු කිරීමට ඉඩ තිබෙන බැවින්ය.
රටේ දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ වත්මන් බදු ආදායම අතීතය සමඟ සංසඳනය කරද්දී විශාල වශයෙන් පහත වැටී ඇති බව කිව යුතුය. අනූව දශකයේ දී දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 20%ත් 21%ත් අතර පැවැති ශ්‍රී ලංකාවේ බදු ආදායම අද වන විට 12% දක්වා අඩු වී ඇත. එම බදු ආදායම ත දුරටත් පහතට වැටෙමින් පවතින අතර සාමාන්‍යයෙන් මධ්‍යම ආදායම්ලාභී රටක් වන ශී‍්‍ර ලංකාව වැනි රටක බදු ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 25%ක් පමණවත් විය යුතු වේ.
Lanka Newsweek © 2024