Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


ඉතිහාසයේ පළමු වතාවට ඩොලරය 202 ඉක්මවයි 


2021-03-31 15751

 

මාස තුනක් ඇතුළත 6.1% කින් අවප්‍රමාණය වෙලා  

 

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 202 සීමාව ඉක්මවා පහළ යමින් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුව මගින් දෛනිකව නිකුත් කෙරෙන විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය බදාදා (31) රුපියල් 202.04ක් ලෙස ද ගැනුම් මිල රුපියල් 197.62ක් ලෙස ද වාර්තා කෙරිණ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ යමින් අවප්‍රමාණය වූයේ මීට වසරකට පමණ පෙර, එනම් 2020 අප්‍රේල් මස 08 වැනිදා වන අතර අනතුරුව 2021.03.16 වැනිදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළිත් වතාවක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ වැටුණේ 2021.03.17 වැනිදා වන අතර 

2021 ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.1% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. 

Advertiesment