පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන කුරිරු බෝම්බ ප්‍රහාරයට ද, මහා සීනි බදු වංචාවට සහ මාරාන්තික පිළිකා කාරක පොල් තෙල් ජාවාරමට ද සම්බන්ධ මහා මොළකාරයින් වගේම යහ රජය යටතේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ මහා මොලකරුවා ද වත්මන් ආණ්ඩුව යටතේ කවදාවත් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ප්‍රවීණ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන දර්ශන හඳුන්ගොඩ මහතා පවසයි.
යහ පාලන රජය යටතේ සිදු වූ බැඳුම්කර ගණුදෙනුව හදිසියේ යළි කරළියට ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රධාන පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන කුරිරු බෝම්බ ප්‍රහාරයට ද, මහා සීනි බදු වංචාවට සහ මාරාන්තික පිළිකා කාරක පොල් තෙල් ජාවාරමට ද සම්බන්ධ මහා මොළකාරයින් වගේම බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ මහා මොලකරුවා ද සැඟ වීමට යැයි ද ඔහු චෝදනා කළේය.
නාට්‍යානුසාරයෙන් යුතු මේ ක්‍රියාවලියේ අවසානයේ දී රවී කරුණානායක මහතා නිදොස් කොට නිදහස් වනු ඇති බවට උපකල්පනය කරන දර්ශන හඳුන්ගොඩ මහතා එසේ වුණොත් මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවේ මහා මොළකරුවා ද කවදාවත් මේ රටට-ජනතාවට හෙළි නොවනු ඇතැයි ද අවධාරණය කර සිටියේය.
"ශ්‍රී ලංකා මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය තිබුණේ රනිල් වික්‍රමසිංහ යටතේ. සියලු රාජ්‍ය බැංකු එදා තිබුණේ කබීර් හෂීම් යටතේ. මලික් සමරවික්‍රම ගැන කතා කරලා වැඩක් නැහැ. මේ කිසිවෙකුට සීරීම් තුවාලයක්වත් නැහැ.එහෙම නම් කතාව පැහැදිළියි. මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවේ මහා මොළකරුවාත් අපට අපේ ජීවිත කාලයේ හමු වන්නේ නැහැ. මිනිස්සු හිත හදා ගත යුතුයි." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
නිදහස් මාධ්‍යවේදී සහ ප්‍රවීණ සමාජ මාධ්‍ය ක්‍රියාකරු දර්ශන හඳුන්ගොඩ මහතා මේ බව කියා සිටියේ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි දේශපාලන මෙහෙයුම සම්බන්ධයෙන් "SLVLOG-YouTube" නාළිකාව ඔස්සේ කරුණු පැහැදිළි කර විශේෂ ප්‍රකාශයක් කරමිනි.
Lanka Newsweek © 2021