Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


ෆොනී-හරීන් මාරාන්තික ගැටුමෙන් සජබය දෙදරයි  


2021-03-06 3517

දෙදෙනාගේ ගැටුම සමනය කරන්න සජිත්ටත් බැරි වෙලා 

 

ෆොනීගේ නියෝග හරීන් නොතකයි-හරීන්ගේ වැඩවලට ෆොනී විරුද්ධ වෙයි  

 

හරීන්ට ගහන්නේ ගම්පහින් එන නිසාලු 

 

ෆොනීගේ සභාපතිකමට කොටසක් විරුද්ධලු 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එම පක්ෂයේ උප සභාපති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර මේ වන විට උද්ගත වී තිබෙන උග්‍ර මත ගැටුම හේතුවෙන් එම පක්ෂයේ අභ්‍යන්තරය අවුල් ජාලයක් බවට පත්ව දෙදෙරා යමින් තිබේ.

දෙපාර්ශවය අතර උද්ගත වී ඇති මෙම ගැටුම සමතයකට පත් කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද නොහැකි වී තිබෙන අතර හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ද, සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හරීන් ප්‍රනාන්දු මහතා ද, විපක්ෂ නායකවරයා වෙත ගතු කියමින් සිටියි.

කොළඹ "හයිඩ්'  පිටියේ දී 2021 මාර්තු මස 15 වැනි දා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ පළමු මහා සංවත්සරයේ සියලුම සංවිධාන සහ ප්‍රචාරක කටයුතු භාරව සිටින්නේ එම පක්ෂයේ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතාය. කෙසේ නමුත් සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා, හරීන් ප්‍රනාන්දු මහතාගේ එම වැඩ කටයුතුවලට ඇඟිලි ගසමින් විවිධ නියෝග ලබා දෙන අතර එම නියෝග පිළිගැනීම  සහ ක්‍රියාත්මක කිරීම හරීන් ප්‍රනාන්දු මහතා තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියි.

උද්ගත් වී තිබෙන මෙම තත්ත්වය හමුවේ සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර ඇති වී තිබෙන මාරාන්තික සහ උග්‍ර ගැටුම හෙට අනිද්දාම පුපුරා ගොස් දෙදෙනා එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් ප්‍රසිද්ධියේම බැණ අඬ ගසා ගනු ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග කියා සිටියේය.

දෙපාර්ශවය අතර මෙම  උග්‍ර ගැටුම ඇති වී තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ම හරීන් ප්‍රනාන්දු මහතා ද ඉදිරියේ දී සිය දේශපාලන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව සිටින නිසා විය හැකි යැයි පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ නායකයා සමගි ජන බලවේගයේ සභාපති ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් පවතින බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 

  

Advertiesment