Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


විමල් චීන කුමන්ත්‍රණකාරයෙක්-බැසිල් පිටුපස ඉන්දියාව


2021-02-28 4452

පොහොට්ටු ජනපති අපේක්ෂක ලෙස 2023 බැසිල් නම් කෙරේ 

 

බැසිල්ට චීනය විරුද්ධයි-ඉන්දියාව සහය දෙයි

 

බැසිල් BJP හිතෛෂී වන්තයෙක්    

 

"Prima" හරහා චීනය ශ්‍රී ලංකාව මෙහෙය වන හැටි

 

ඉන්දීය විරෝධීන්ට "Prima" වෙතින් අතහිත

 

බැසිල්-විමල් ගැටුමේ තිරය පිටුපස ඇති භූ දේශපාලන ඇත්ත 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියා කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා සහ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම පිටු පස සිටින්නේ චීනය යැයි රටේ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් "lankanewsweek"සමග තොරතුරු හෙළිදරව් කරමින් කියා සිටියේය.

ඉන්දු-ලංකා-චීන-ඇමරිකානු භූ දේශපාලනය සම්බන්ධයෙන් මනා පරිචයක් ද, ඉන්දියාව, ඇමරිකාව, චීනය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල් වගේම ඒ ඒ රටවල බුද්ධි අංශ සමග අතිශය සමීප සබඳතා ද ඇති ඒ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා මේ කාරණය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරමින් "lankanewsweek" වෙත කළ එම සම්පුර්ණ ප්‍රකාශය මෙසේය.

"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2025 හෝ 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නැහැ. ඒ සඳහා ඉදිරිපත් වන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. ඒ තීරණය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන එම පවුල් සංස්ථාව මේ වන විටත් ගෙන තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස 2023 දී බැසිල් රාජපක්ෂ මහතා නියත ලෙසම නම් කිරීමට නියමිතයි. 

බොහෝ අය නොදන්නවා වුණාට චීනය බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධයි. ඊට හේතුව ඔහු ඉන්දියාවේ සමීපතමයෙකු වන නිසයි. විශේෂයෙන් ඔහු ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අතිශය හිතෛෂී වන්තයෙකු වනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ රට ඉදිරියට ගෙන යා හැක්කේ කලාපීය බලවතා සේම අපේ අසල්වැසියා වන ඉන්දියාව සමග බවයි. එමෙන්ම ඔහු ඇමරිකාව කෙරෙහි ද විශ්වාස කරනවා. ඇත්තෙන්ම රටක් ලෙස අපට ඉදිරි ගමනක් තිබෙන්නේ ඉන්දියාව-ඇමරිකාව සහ යුරෝපය සමග විනා චීනය සමග නොවෙයි. බැසිල් රාජපක්ෂ මහතා දරන මේ ස්ථාවරය හේතුවෙන් ඔහුට ඉන්දියාවේ පූර්ණ සහයෝගය තිබෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ ජනතිපතිවරයා වනු ඇතැයි ඉන්දියාව විස්වාශ කරනවා. 

මේ පසුබිම යටතේ බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවීම කෙසේ හෝ වළක්වා ගැනීමට චීනයට අවශ්‍යවී තිබෙන අතර චීනය ඒ සඳහා විමල් විරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ඉන්දීය විරෝධීන් පාවිච්චි කරමින් සිටිනවා. ඉන්දීය ව්‍යාප්ත වාදයට එදා සිටම විරුද්ධ ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහා ජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුළු වාමාංශික යැයි කියන චීන හිතවාදී දේශපාලන බලවේග සහ නායකයින් පිරිසක් ද මේ අතර සිටිනවා. 

චීනය මෙම ඉන්දීය විරෝධීන් අල්ලා ගෙන ඒ අයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙහෙයවිමට උත්සහ දරන්නේ සහ බැසිල් රාජපක්ෂට එරෙහිව ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක "Prima" සමාගම හරහායි. මෙම "Prima" සමාගම මේ වන විට ත්‍රිකුණාමලයේ පිහිටි අපේ ඉඩම් අක්කර සියයකටත් වඩා හිමි කර ගෙන සිටින අතර කොළඹ වරාය අභ්‍යන්තරයේ එම සමාගමේ මර්මස්ථාන ද පිහිටුවා තිබෙනවා.

මේ සමාගම ශ්‍රී ලංකාවේ බලයට පත් වන සෑම ආණ්ඩුවක් වගේම රාජ්‍ය නායකයින් සහ දේශපාලන නායකයින් ද, ඉන්දීය විරෝධීන් ද අල්ලා ගන්නා අතර ඒ අයට රුපියල් කෝටි ගණන් වියදම් කරමින් චීන බල අධිකාරියේ අණසක ශ්‍රී ලංකාවේ පතුරුවා හැරීමට ක්‍රියා කරමින් සිටිනවා."   

Advertiesment