Thursday 25th of April 2024

English Tamil
Advertiesment


ජාතික එකමුතුවක් සඳහා මැදිහත් වන්නැයි කරූට බල කරති 


2021-02-28 7692

මහා සංඝ රත්නය ප්‍රධාන සියල්ලෝ පෙරට එති 

 

"කරූ හැර කිසිවෙකු ගැන විශ්වාසයක් නැහැ"

 

සාධාරණ සමාජයත් එක්ක කරූ අලුත් වැඩකට අත ගහයි 

 

රටේ අර්බුදයට මුහුණ දීම-ජනතා අයිතීන් දිනා දීම අරමුණයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ සහ ගැඹුරු අර්බුදයට මුහුණ දෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලන මූලධර්ම ඇතුළු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් එම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කරන ජාතික එකමුතුවක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කටයුතු යොදා තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මෙම තීරණය ගෙන තිබෙන්නේ, මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින්, දේශපාලන නායකයින්, වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, උගතුන්, බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකාරීන් සහ බහු ජන සංවිධාන ඇතුළු ජන සමාජයේ සියලු පාර්ශව මගින් කෙරුණු ඉල්ලීමකට අනුවය.

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ සහ ගැඹුරු අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශවයන්හී ඒකාබද්ධ මැදිහත්වීමක අවශ්‍යතාවය පෙන්වා දෙමින් එම සියලු පාර්ශවයන් කරු ජයසූරිය මහතා හමුවේ අවධාරණය කර ඇත්තේ, දේශපාලනික වශයෙන් විරුද්ධ මත දරන රටේ ප්‍රමුඛ දේශපාලන නායකයින් ද ඇතුළු ජන මත ප්‍රධානීන් දඩයම් කිරීම සදහා රාජ්‍ය බලධාරීන් දරන උත්සහය වහාම පරාජය කළ යුතු අතර ජනතාවගේ අයිතිවාසිකම් ද ඇතුළු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස මැදිහත් විය යුතු බවය. 

ඒ වෙනුවෙන් ජාතික එකමුතුවක් ගොඩනැගීම උදෙසා වහාම මැදිහත් වන්නැයි කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති එම සර්වාගමික නායකයින් ප්‍රධාන සියලු පාර්ශවයන් අවධාරණය කර ඇත්තේ එවැනි සිවිල් සහ සමාජ සටන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැක්කේ කරු ජයසූරිය මහතා කෙරෙහි පමණක් බවය.

ඒ අනුව එම ජාතික එකමුතුව ගොඩනැගීමට අදාළව මූලික සාකච්ඡාවක් කොළඹ "ජානකී" හෝටලයේ දී 2021.02.04 වැනිදා සවස 3.00 ට පැවැත්වීමට බල දේශපාලනයෙන් තොර ස්වාධීන සිවිල් ආයතනයක් වන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කටයුතු යොදා තිබේ. 

Advertiesment