Friday 5th of March 2021

English Tamil
Advertiesment


පකිස්ථාන අගමැති මැති සබයට නොඑන්නේ ආණ්ඩුවේ තීරණයකට අනුව 


2021-02-19 4912

පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් නොවෙයි 

 

ජනමාධ්‍ය ඔස්සේ යන ප්‍රචාර බොරු 

 

(සුජිත් මංගල ද සිල්වා)
 

2021. පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කලින් යොදා ගෙන තිබූ පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමෙන් වැළකී සිටින්නේ පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයකට අනුව නොව ආණ්ඩුව ගත් තීරණයකට අනුව යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ කාරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින වැරදි තොරතුරු නිවැරදි කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

2021/02/08 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී (පක්ෂ නායක රැස්වීම) සභානායක දිනේෂ් ගුණවර්ධන අපහට දැන් වූයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වන බවත්, එම පැමිණෙන අවස්ථාවේදී 2021 පෙබරවාරී මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට තිරණය කර ඇති බවත් රජය විසින් එදින පක්ෂ නායක රැස්වීමේදී දන්වන ලදී. මෙහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම අදහසට එකඟ විය.

නමුත් බ්‍රහස්පතින්දා එනම්  2021 පෙබරවාරී මස 18 වන දින පැවති පක්ෂ නායක රැස්වීමේ දි සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් දැන් වූයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා පෙර දැන්වූ පරිදි 2021 පෙබරවාරි මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතන්නේ නැති බවය.

එම අවස්ථාවේදී මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රිවරුන් ගරු පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණිම ඉතා උද්යෝගයෙන් අපේක්ෂා කළ අතර නමුත් එතුමා පාර්ලිමේන්තුවට නොපැමි‍ණෙන හේතුව කුමක් ද යන්න මා විසින්  විමසන ලදි.

එහිදී සභානායකවරයා, ගරු කතා නායකතුමාගේ අනුමැතිය යටතේ පැවසුවේ වාර්තමාන කොවිඩ් අර්බුදය නිසා පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුව ඇමතිමට පෙර ගත් තීරණය වෙනස් වූ බවත්, එම තීරණය ශ්‍රි ලංකා රජය සහ පාකිස්ථාන රජය එකඟතාවය මත සිදු වූ බවත්ය. එවිට මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ මෙම තීරණය ආණ්ඩුව විසින් ගත් තීරණයක් බවත්, පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් නොවන බවත් සටහන් කර ගන්නා ලෙසය.

ජනමාධ්‍යවල මේ සම්බන්ධයෙන් මේ වන විට වැරදි අදහසක් පළ වී ඇති අතර එම වරද නිවැරැදි කිරීමට මෙම මධ්‍ය නිවෙිදනය නිකුත් කරනු ලැබේ.

Advertiesment