"සාගල ආගිය අතක් නැහැ-රනිල් ගැන කලකිරිලා" යන ශීර්ෂය යටතේ "lankanewsweek" 2021.02.08 වැනිදා පළ කළ ප්‍රවෘත්තියට අනියමින් පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සාගල රත්නායක මහතා, "මුළාව පරදමු-එක් වී නැඟිටිමු" යන ශීර්ෂය යටතේ 2021.02.10 වැනිදා සිය නිල "Facebook" ගිණුමේ සටහනක් තබා ඇති අතර එහිදී ඔහු කියා සිටින්නේ 2021.02.07 වැනිදා "සිරිකොත" මූලස්ථානයේ පැවැති උත්සවයට තමා ද සහභාගී වූ බවය.
එම උත්සවයට අදාළ ඡායාරුප පහක් ද පළ කරමින් සාගල රත්නායක මහතා කියා සිටින්නේ, එක්සත් ජාතික පක්ෂයේ දීප ව්‍යාප්ත දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩ සටහන් මාලාවේ එකොළොස් වන දිස්ත්‍රික් වැඩ සටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ පැවැති අතර ඊට තමා ද සහභාගී වූ බවය.
සාගල රත්නායක මහතා සම්බන්ධයෙන් "lankanewsweek" කළ හෙළිදරව්ව සම්බන්ධ ප්‍රවෘත්තියේ ඔහු 2021.02.07 වැනිදා "සිරිකොත" මූලස්ථානයේ පැවැති උත්සවයට සහභාගී නොවූ බව කිසිදු ස්ථානයක සඳහන් නොවූ අතර එහි සඳහන් වූයේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි මස 21 වැනිදා "සිරිකොත" මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයේ වැඩ භාර ගැනීමේ උත්සවයට සේම, 2021 පෙබරවාරි මස 04 වැනිදා එම මූලස්ථානයේම පැවැති ජාතික නිදහස් දින උත්සවයට සාගල රත්නායක මහතා සහභාගී නොවූ බවය.
මේ අනුව පැහැදිළි වන්නේ "මුළාව පරදවමු" යැයි යෝජනා කරමින්ම සාගල රත්නායක මහතා තව දුරටත් එක්සත් ජාතික පාක්ෂිකයින් මුළා කරමින් සිටින බව සහ "lankanewsweek" හෙළිදරව්වෙන් ඔහු කෙතරම් කබලයට සේම අපහසුතාවයට පත්ව සිටිනවා ද යන්න පිළිබඳවය.
අදාළ ජාතික මට්ටමේ ප්‍රධානතම උත්සව දෙක වර්ජනය කරමින් එම උත්සව මඟ නොහැර ඊට සහභාගී වූවා නම් එම අවස්ථාවන් දැක් වෙන ඡායාරුප ද සිය නිල "Facebook" ගිණුමේ හැකි නම් පළ කරන ලෙසට "lankanewsweek" සාගල රත්නායක මහතාට අභියෝග කර සිටින්නෙමු.
එමෙන්ම වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරු ලබා දීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් හෝ කලකිරීමක් නොමැති නම් ඒ පිළබඳව ද ප්‍රසිද්ධ ප්‍රකාශයක් හැකි නම් කරන ලෙසට ද ඔහුට අභියෝග කර සිටින්නෙමු.
කොළඹ වාරයේ වාරයේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වයට අදාළව හිටපු වරයා සහ නාවික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සේම යහ පාලන ආණ්ඩුව එම ජැටිය සම්බන්ධයෙන් එදා අනුගමනය කළ වැඩ පිළිවෙළ පිළිබඳව රට-ජනතාව දැනුම්වත් කරන ලෙසට නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළේ නම් ඔහු ඒ ගැන ද කිව යුතු අතර ඒ කතාව අසත්‍යක් බව ඔහු කියන්නේ නම් ඉතිරි හරිය රනිල් වික්‍රමසිංහ මහතා බලා ගනු ඇත.
එපමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරය, සභාපති ධූරය හෝ උප නායක ධූරය බලාපොරොත්තුවෙන් නොසිටියා නම් ඒ පිළිබඳව සහ මාතර අත හැර කොළඹ පැමිණීමේ සූදානමක් නොමැති නම් ඒ පිළිබඳව ද සාගල රත්නායක මහතා පැහැදිළි කිරීමක් කළ යුතු බව "lankanewsweek" හී ස්ථාවරය වේ.
"සාගල ආගිය අතක් නැහැ-රනිල් ගැන කලකිරිලා" යන ශීර්ෂය යටතේ "lankanewsweek" පළ කළ ප්‍රවෘත්තිය සහ "මුළාව පරදමු-එක් වී නැඟිටිමු" යන ශීර්ෂය යටතේ සාගල රත්නායක මහතා සිය නිල "Facebook" ගිණුමේ තැබූ සටහන පාඨක ඔබගේ දැන ගැනීම සහ අවබෝධය සඳහා පහතින් පළ කර ඇත. http://lankanewsweek.com/news_view.php?news_id=6132&cat_id=4 / https://www.facebook.com/SagalaRatnayakaOfficial/posts/2946356542312566
Lanka Newsweek © 2021