Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


නිරෝගී දිවියකට අවැසි කායික ප්‍රඥාව


2021-02-08 1312

THE BASICS OF BODY WISDOM

 

 (දේශප්‍රිය නානායක්කාර)

 

Everything You Put In To Your Mouth Has Complex Biochemical Messages For The Body. We Can Heal Ourselves With What We Eat. And Becoming Bodywise About What Your Body Wants To Eat Can Literally Save Your Life.

මිනිසා ජිවත් වනුයේ ඉඳුරන් ඇසුරෙනි. ශරීරයෙහි නැත හොත් සත්වයාගේ ජීව ක්‍රියාවලියේ ඊටම ආවේණික වූ ප්‍රඥාවක් තිබේද..? එබඳු ප්‍රඥාවක් එහි පහළ වනුයේ, දැඩි ආයාසයද, තෘෂ්ණාධික භාවික වූ හෝ ඉන්ද්‍රියගත වූ හෝ බලවත් පෙළඹිම් ද නොමැති වනු පිණිස, සමස්ත ඉන්ද්‍රිය පද්ධතියම එක්වන්ව ක්‍රියා කරන විටය. 

ඕනෑම පුද්ගලයෙක් කුස ගින්න පිබිදෙන විට ආහාර ගනියි. ඒ නමුත් බොහෝ විට ඔහු හෝ ඈ ආහාරයට ගන්නා හෝ බීමට ගන්නා දෑ තිරණය කරනුයේ ක්‍රමිකව අභ්‍යාස වූ පුරුද්දට අනුව හැඩ ගැසුණු රස තෘෂ්ණාව හේතු කොට ගෙනය. ඒ අනුව කොටස්වලට බෙදිම ඇති වෙයි. සෞඛ්‍ය සම්පන්න සිරුරක් ඇති කර ගත හැකි වනුයේ, සියලු ඉඳුරන් හී අවිරෝධය මඟින් පමණී. ඒ වනාහී සිරුරෙහි ඊටම ආවේණික වූ ප්‍රඥා මහිමය ය.

මතකය විසින් සිරුරෙහි අති මහත් ව්‍යසනයක් සිදු කරනු ලැබේ. සිරුරෙහි ප්‍රධානියා නැත හොත් ස්වාමියා බවට සිතීම පත් කරනුයේ, පෙර දින විඳින ලද ආස්වාදයෙහි මතකය ය. අනතුරුව සිරුර උක්ත ස්වාමියාගේ වහලෙකු බවට පත් වන අතර, ප්‍රඥාව ප්‍රතික්ෂේප වනු ඇත. ඒ අනුව ඇති වනුයේ ගැටුමකි. කුසීතකම, තෙහෙට්ටුව, උදාසීනත්වය නැත හොත් අසහනකාරි ප්‍රතික්‍රියා ආදි වශයෙන් මෙම ප්‍රශ්තුත අරගලය ක්‍රියාත්මකය. 

එහෙත්  සිතීමෙන් මිදුණු සිරුරටම ආවේණික වූ ප්‍රඥාව අභ්‍යාස වන විට, සිතීම ශරීරයේ කොටසක් වුව ද, ප්‍රඥාව විසින් ශාරීරික සෞඛ්‍ය සුරැකෙනු ඇත. මිත්‍රවරුනි..! බොහෝ විට වැඩිමනත් වශයෙන් සිරුරේ සකළ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටිනුයේ සිතීම ය. මේ අනුව සිරුරෙහි ජීව ශක්තිය සහ ප්‍රඥා මහිමයත්, සිරුරෙහි විර්‍ය්‍යයත් සිරුරට අහිමි වෙයි. අසහනකාරි ප්‍රතික්‍රියාවන් ඇති වනුයේ එහෙයිනි. කායික ප්‍රඥාව අභ්‍යාස කිරිමට පුහුණු විය යුත්තේ එහෙයිනි .

Advertiesment