එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් පත් කෙරුණු විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එම පක්ෂයේ ප්රබලයෙකු 2021.01.13 වැනිදා "සිරිකොත" පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙන්නේ ආණ්ඩුවේ අති සුඛෝපභෝගී වාහනයකින් බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී තිබේ.
මේ ප්‍රබලයා එදින "සිරිකොතට" පැමිණියේ වෙනදාට පැමිණෙන වාහනයෙන් නොවන නිසා, ඔහු වාහනයෙන් බැස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේ දී "සිරිකොත" සේවකයින් පිරිසක් එම වාහනය අතපත ගා පරීක්ෂා කර වාහනය පදවා ගෙන ආ රියදුරාගෙන් වාහනය පිළිබඳව විස්තර අසමින් ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදී ඇත.
එහිදී එම රියදුරා කියා සිටියේ එම වාහනය ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයට අයත් වාහනයක් බව යැයි "සිරිකොත" එම සේවක පිරිස "lankanewsweek" සමග කියා සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තනතුරකින් එදින පිදුම් ලැබූ එම ප්‍රබලයා යහ පාලන රජයේ ඉහළම කැබිනට් ඇමැති ධූරයක් දැරූ පුද්ගලයෙකු වන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සහ Avant Garde Maritime Services අධිපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ගේ සමීපතම මිත්‍රයෙකු ද වේ.
Lanka Newsweek © 2021