Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


රනිල් ආණ්ඩුවට කියලා කබීර්ගේ පරණ පව් හෝදයි ද..?


2021-01-23 4717

රනිල්-කබීර් රහස් දුරකථන සංවාදය එළියට 

 

හන්තාන ඓතිහාසික ගොඩනැගිල්ල සිය බෑණනුවන්ට පවරලා 

 

කබීර් හෂීම්ගේ පරණ පව් එළියට ඇදෙන ලකුණු..!

 

කලකිරීමට හේතුව හොරකම් හෙළි වෙයි කියන බියද..?

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

සමගි ජන බලවේගයේ සභාපති කබීර් හෂීම් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මීට දින ගණනාවකට පෙර විශේෂ සහ රහස් දුරකථන සංවාදයක් සිදුව තිබේ. 

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ගැන කරුණු මතු කර මෙම දුරකථන සංවාදයේ දී කබීර් හෂීම් මහතා කළ යෝජනාවට පිළිතුරු ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතාට දේශපාලන අනාගතයක් නොමැති අතර ඔහුගේ දේශපාලන ගමන අවසන් වෙමින් පවතින නිසා එවැනි අවශ්‍යතාවයක් නොමැති බවය. 

ඒ නිසා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පුද්ගලිකව තනි තීරණයක් ගෙන එක්සත් ජාතික පක්ෂය සමග එක් විය හැකි බව ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කබීර් හෂීම් මහතාට දැනුම් දී ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් සන්දිත් සමරසිංහ යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී කියා තිබෙන්නේ, සමගි ජන බලවේගයේ සභාපති කබීර් හෂීම් මහතා දේශපාලන වශයෙන් කලකිරීමට පත්ව හුදෙකලාව සිටින බවට බවට ආරංචි ලැබෙමින් පවතින බවය.

එම නිසා කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයට යළි සම්බන්ධ කර ගැනීම සඳහා ඔහු සමග සාකච්ඡා කිරීමට අවසර ලබා දිය හැකි යැයි ද පාලිත රංගේ බණ්ඩාර සහ සන්දිත් සමරසිංහ යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇත.

පාලිත රංගේ බණ්ඩාර සහ සන්දිත් සමරසිංහ යන මහත්වරුන් මේ ඉල්ලීම කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ කබීර් හෂීම් යන මහත්වරුන් කර ඇති රහස් දුරකථන සංවාදය ගැන කිසිදු අවබෝධයකින් තොරව වන අතර එහිදී එම දුරකථන සංවාදය ගැන කිසිවක් නොකියා රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ කබීර් හෂීම් මහතා ගැන තමා බලා ගන්නා බවය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ වකවානුවට අදාළව කබීර් හෂීම් මහතාට එරෙහිව දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා රැසක් එල්ල වී තිබෙන අතර මුස්ලිම් අන්තවාදයට අදාළව ද ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරද්දී, කබීර් හෂීම් මහතා ඔහු යටතේ පැවැති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඓතිහාසික සහ ඉපැරණි ගොඩනැගිල්ලක් සිය දියණියගේ ස්වාමි පුරුෂයාට අයත් මහනුවර, පේරාදෙණිය මාර්ගයේ පිහිටි "බ්‍රාවෝ ඉන්ටර්නැෂනල්" යන පුද්ගලික සමාගමට පවරා දී ඇත.

හන්තාන 5 කණුව උඩුවෙල පිහිටි මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා හන්තාන කමිටු අනුමැතිය 2011 වර්ෂයේදී ලැබුණු අතර එම අනුමැතිය අව භාවිතා කරමින් නාන තටාක සහිතව ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය සම්පුර්ණයෙන්ම වෙනස් කරමින් ඉදි කිරීම් කර තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් වෙත එවකට පැමිණිලි කළ ද කිසිදු බලධාරියෙකු ඒ සම්බන්ධයෙන් කබීර් හෂීම් මහතාට සහ ඔහුගේ බෑණනුවන්ට එහෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත් බව හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා සාක්කි සාධක සහිතව අවධාරණය කර සිටියි. 

මේ පසුබිම යටතේ කබීර් හෂීම් මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරමින් ඔහු සමග හදිසියේම සම්බන්ධතා ගොඩනගා ගනිමින් සිටින්නේ තමාට එරෙහිව එල්ල වී තිබෙන බරපතළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා වාතාවරණයක් උද්ගත වුණොත් රනිල් වික්‍රමසිංහ මහතා මාර්ගයෙන් ආණ්ඩුවට කතා කර එම ප්‍රශ්න බේරුමක් කර ගැනීමට විය හැකි යැයි "සිරිකොත" ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවැසීය.  

 

    

Advertiesment