Friday 5th of March 2021

English Tamil
Advertiesment


දැනුම ප්‍රජාතාන්ත්‍රීය කළ යුතු කාලය එළැඹ ඇත


2021-01-16 1613

වැඩි තොරතුරු-වැඩි දැනුම වැඩි ප්‍රජාතන්ත්‍රවාදයකට තුඩු දෙනු ඇත

 

ව්‍යාජ තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදයේ අංශභාගයට හේතුවේ 

 

සැබෑ ප්‍රඥාව වන්නේ කිසිවක් නොදන්නා බව දැන ගැනීමය

 
 
 (දේශප්‍රිය නානායක්කාර)

 

දැනුම ප්‍රජාතන්ත්‍රීයකරණය යනු පූජ්‍ය පක්ෂය සහ ශාස්ත්‍රඥයින් වැනි වරප්‍රසාද ලත් ප්‍රභූන් පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරද දැනුම ලබා ගැනීම පහසු කිරිම සහ ව්‍යාප්ත කිරීමයි. මුද්‍රණාලය දැනුම ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ මුල් පියවරවලින් එකකි. කාර්මික විප්ලවය අතරතුර දැනුම ප්‍රජාතාන්ත්‍රීයකරණයට තවත් කුඩා උදාහරණයක් වනුයේ  18 වන සියවසේ සමහර ස්කොට්ලන්ත ගම්මානවල පතල් කම්කරුවන් සඳහා පුස්තකාල නිර්මාණය කිරීමයි. පුස්තකාලය දැනුම හෝ තොරතුරු ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා ඇති විශාලතම බලවේගය ලෙස හැඳින්වේ. 

මහජන පුස්තකාල විශේෂයෙන් එක්සත් ජනපදයේ ඉතිහාසය සහ පරිණාමය සමඟ නොවැලැක්විය හැකි ලෙස බැඳී ඇති බවට එක්සත් ජනපදයේ දියුණුව සාක්ෂි දරනු ඇත. පොදුවේ පාසල් පුස්තකාල, ජනමාධ්‍ය මධ්‍යස්ථාන, විද්‍යාල, විශ්ව විද්‍යාල පුස්තකාල සහ විශේෂ පුස්තකාල සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දැක්වීමට බලපෑම් කර ඇත. දැනුමට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය යනු විවිධ ආකෘතීන්ගෙන් තොරතුරු සැපයීම යනුවෙන් අර්ථ දක්වා ඇති අතර, එමගින් අදහස් කරන්නේ පුස්තකාල අනුග්‍රාහකයන්ගේ භාවිතය සඳහා විද්‍යුත් සහ ඩිජිටල් ආකෘති ව්‍යාපෘතිය වැඩිදියුණු කිරිමය.

තොරතුරු ලබා ගැනීමේ නිදහස සහතික කිරීම, අපක්ෂපාතී විවිධාකාර තොරතුරු ප්‍රභවයන්, රජයේ සේවාවන්ට ප්‍රවේශය ලබා දීම, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාකාරී පුරවැසිභාවය ලබා දීම ආදියෙන් තොරතුරු තවදුරටත් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට දැනුම නැමැති විසල් මානව හැකියාව සමුද්ධරණයට මහජන පුස්තකාල අති මහත් සේවාවකී. ගෝලීය මානව පවුලේ දැනුම ප්‍රජාතන්ත්‍රීයකරණයේදී ඓතිහාසිකව ග්‍රන්ථාගාර නොහොත් විශේෂයෙන් මහජන පුස්තකාල නොසෙල් වී, විසල් විශ්ව සේවාවක් ඉටු කර ඇත. අද්‍යතන විශ්ව පරම්පරාවට අන්තර්ජාලය වැනි නව්‍ය ඩිජිටල් තාක්ෂණය අති විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

සියවස් ගණනාවක් පුරා තොරතුරු බෙදා හැරීම පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගොස් තිබේ. මුද්‍රණ ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 3500 තරම් ඈත කාලයකදීය. එනම් අද්‍යතන  ඉරානයේ කුසෙස්තාන් හෙවත් එවකට ඉලාම් (Elam ) පළාතේ පහත් බිම්වල සේම දකුණු ඉරාකයේ කුඩා කොටසක ක්‍රියාත්මක වූ ප්‍රෝටෝ-එලමයිට් (The Proto-Elamite Period) කාලයේ සහ අද්‍යතන දකුණු ඉරාකයේ එවකට දකුණු මෙසපොටේනියානු සුමේරියානු ශිෂ්ඨාචාරයන් ( Sumerian Civilizations) විසින් මැටිවලින් ලියා ඇති ලේඛන අනුවයැ.

ඉහත සඳහන් කළ පරිදි මෙම ක්‍රියාවලියේ ආරම්භය මුද්‍රණාලයෙන් සලකුණු කළ හැකි අතර, එහි අරමුණ වූයේ තොරතුරු ජනතාව අතර ඒකාකාරව ව්‍යාප්ත කිරීමයි. අද්‍යතනව ඩිජිටල්කරණය කරන ලද ලෝකයක, සබැඳි අන්තර්ගතයන් තිබීම පොත්, සඟරා හෝ ඕනෑම මුද්‍රිත ආකාරයකින් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු අභිභවා යයි.

2017 ජුනි මාසයේදී දකුණු ඇමරිකාවේ කොලොම්බියාවේ කාටජිනා (Cartagena-Colombia ) නගරයේදී දැනුම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගෝලීය සභාව (Global Assembly for Knowledge Democracy. ARNA ) නම් වූ ක්‍රියාවලියක් ආරම්භ විය. ස්පාඤ්ඤ දාර්ශනිකයෙක් සහ රචකයෙකු වන ඩැනියෙල් ඉනරරිටි ග්‍රෝ (Daniel Innerarity Grau) තර්ක කරනුයේ, නිසැකවම වැඩි තොරතුරු සහ හා වැඩි දැනුමක් වැඩි ප්‍රජාතන්ත්‍රවාදයකට තුඩු දෙනු ඇති නමුත් එම ක්‍රියාවලිය අත්‍යවශ්‍යයෙන්ම සිදු නොවන බවයි. 

නුසුදුසු සහ ව්‍යාජව සැකසූ තොරතුරු සමූහය ප්‍රජාතන්ත්‍රවාදයේ අංශභාගයකට තුඩු දිය හැකි බවට ඔහු කරුණු දක්වා ඇත. අද්‍යතන ගෝලීය මානව පවුල දැනුමේ සමාජයක් ද, එහි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීම තවදුරටත් ඉදිරියට ගෙන යන සමාජයක් ද බවට පත්වීම සහතික කිරීම සඳහා රජයන්, විශ්ව විද්‍යාල සහ පුරවැසියන් කළ යුතු කැපවීම අතිමහත්මැයමය.

(The Only True Wisdom Is In Knowing You Know Nothing Socrates.)
 

Advertiesment