Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


පාඨලීට No Chance -සජිත් කියයි-


2021-01-15 9017

"පාඨලී හදන්නේ මාව ප්‍රාණ ඇපයට ගන්න"

 

"මම යට වෙන්නෙත් නැහැ-පස්සෙන් යන්නෙත් නැහැ"

 

"කරන ඕනෑම වැඩක් සජබය ඇතුළේ විතරයි"

 

පාඨලීගේ  "43 වැනි සේනාංකය" ට සජිත්ගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් 

 
 
සුජිත් මංගල ද සිල්වා) 

 

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කිසිම "Chance" එකක් ලබා නොදෙන අතර කිසිසේත් ඔහුට යට නොවන්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

පාඨලී චම්පික රණවක උත්සහ කරන්නේ තමා ඇතුළු සමගි ජන බලවේගය බිත්තියටම හේත්තු කර තර්ජනය කරමින් ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගෙන 2024 ජනපති පොදු අපේක්ෂකත්වය දිනා ගැනීමට වන අතර ඊට තමා යට වන්නේ නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා කියා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා තිබෙන්නේ "43 වැනි සේනාංකය" ගොඩනගා ගෙන පාඨලී චම්පික රණවක මහතා පැනීමට යන දේශපාලන පිම්ම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සිය අභ්‍යන්තර කවයේ (INNER CIRCLE) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

පාඨලී චම්පික රණවකට ඕනෑ නම් ඕනෑම දේශපාලන ක්‍රියාකාරකමක්, වැඩ සටහනක් සහ සංවිධාන කටයුත්තක් සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද, පක්ෂයට පරිභාහිරව එවැනි කටයුතු සිදු කිරීමට ඉඩ තැබිය නොහැකි බව ද, තමා කිසිසේත් ඔහු පස්සෙන් නොයන බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය තිබේ.

Advertiesment