Tuesday 2nd of March 2021

English Tamil
Advertiesment


ඩොනල්ඩ් ට්‍රම්ප්ව දේශපාලනයෙන් සදහටම අතුගා දැමෙයි ද..? 


2021-01-14 1507

ඩිමොක්‍රටික් පක්ෂයෙන් දෝෂාභියෝගයක්

 

දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් පළමු ජනපති 

(ජෝශප් ඩයස්)

 

2020 වර්ෂයේ නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වී 2021 ජනවාරි 20 වැනිදා සිය ධූරයෙන් ඉවත්වීමට නියමිතව සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ඉදිරිපත් වී ඇත.

මේ අනුව ඇමරිකන් ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ එකම ජනපතිවරයා බවට ද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වී ඇති අතර මෙසේ  ඔහුට එරෙහිව මෙවර  දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට හේතු වී ඇත්තේ  නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පසුගිය දවසක රැස්වෙමින් සිටින විට ඔහුගේ ආධාර කරුවන් "කැපිටල්" ශාලවට කඩා වැඩි සිදු කළ විනාශයට ඔහුගේ ක්‍රියා කලාපය හේතු වී ඇති නිසාය. 

මීට පෙර කොංග්‍රසයේ බලය හිමි ඩිමොක්‍රටික් පක්ෂය, එරට උප ජනපති මයික් පෙන්ස්ට දැනුම් දුන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් නොකර සිටිමට නම්  25 වැනි ව්‍යවස්ථාව අනුව පැය 24 ක් ඇතුළත කැබිනට් මන්ඩලය සමග එක් වී ඔහු බලයෙන් කර 2021 ජනවාරි 20 වැනිදා දක්වා ඔහු ජනපති ධූරයේ තවකාලිකව වැඩ බැලීමට පමණක් පත් කරන ලෙසයි. 

එහෙත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කටුයුතු කිරීමට තමාට නොහැකි බවය රිපබ්ලිකන් පක්ෂයේ උප ජනපති මයික් පෙන්ස් කියා සිටී නිසා ලබා දුන් පැය 24 සම්පූර්ණ වීමෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කොංග්‍රස් මණ්ඩලයට දෝෂාභියෝගය ඉදිරිපත් කළ අතර එහි ජන්ද විමසීම ද මේ වන විටත් සිදු කර ඇත.

මිට පැය කීපයකට පෙර කොංග්‍රසයේ සම්මත වූ  දෝෂාභියෝගයට පක්ෂව ජන්ද 232ක්  ද, විපක්ෂව ජන්ද 197ක් ද, ලැබී සම්මත වූ අතර මෙහි විශේෂත්වය වූයේ ඩිමොක්‍රටික් පක්ෂයෙන්  ඉදිරිපත් කළ මෙම දෝෂාභියෝගයට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ කොංග්‍රස් සභිකයින් දස දෙනෙකු ද  දෝෂාභියෝගයට පක්ෂව ජන්දය ලබා දීමය. 

මෙසේ කොංග්‍රස් මණ්ඩලයෙන් සම්මත වූ දෝෂාභියෝගය තවමත්  පූර්ණ ලෙස බලාත්මක වී නොමැත. එසේ බලාත්මක වීමට නම් සෙනට් මණ්ඩලයේ 2/3ක ජන්දයෙන් ද එම දෝෂාභියෝගය සම්මත විය යුතුය. එහෙත් පසුගිය ජන්දයෙන් බලාත්මක වූ නව සෙනෙට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත්තේ 2021 ජනවාරි 19 වැනිදා වන අතර එහිදී ඔවුන් මෙම දෝෂාභියෝගය විවාද කර ඡන්දය විමසන විට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 2021 ජනවාරි 20 වැනිදා සිය ධූරයෙන් ඉවත් වී සිටිනු ඇත. 

එහෙත්  ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ බලාපොරොත්තුව වන්නේ ජනපති  ඩොනල්ඩ් ට්‍රම්ප් 2021 ජනවාරි  20 වැනිදා ධූරයෙන් ඉවත්ව ගියත්  දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයේ සම්මත කර ගැනීමයි. එමගින් ඔවුන් බලාපොරොත්තුව වනුයේ 2024  දී නැවත වරක් ජනපති ධූරයට ඉදිරිපත්වීමට නොහැකි වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැට කඩොලු බැදීමය.

සෙනට් මණ්ඩලයේ මෙම දෝෂාභියෝගය සම්මත වීමට නම්  ඩිමොක්‍රටික් පක්ෂයේන්  2/3ක් හෙවත් ජන්ද 67ක්  ලබා ගත යුතු අතර එහෙත් ඔවුන්ට දැනට හිමිව තිබෙන්නේ සිය පක්ෂයේ ඡන්ද 50 පමණි. ඒ අනුව ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධී ඡන්ද 17 ක් රිපබ්ලිකන් පක්ෂයෙන් ලබා ගෙන දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයේ සම්මත කර ගැනීමය.

රිපබ්ලිකන් පක්ෂයෙන් එසේ ඡන්ද 17ක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත. එදා "කැපිටල්" ශාලාවේ සිදු වූ අපකීර්තිමත් සිදුවීමට එරෙහිව සෙනෙට් සභිකයින් කිහිප දෙනෙකු රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තරයේ  සිටියත් දාහත් දෙනෙකුම සිටී ද යන්න සිතා ගැනීමට නොහැකිය. මේ අතර කොංග්‍රස් මණ්ඩලයේ දී අදාළ දෝෂාභියෝග යෝජනාව සම්මත වූ පසුව එහි කතා නායක නැන්සි පොලෝසි මහත්මිය පැවසුවේ කිසිවෙකු ඇමරිකානු නීතියට  ඉහළින් නොමැති බවය. ඇය ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකාවකි. මෙහි ඉදිරි ක්‍රියා මාර්ග 2021 ජනවාරි 19න පසු දැන ගත හැකිය.

 

Advertiesment