සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඩිලානි අබේවර්ධනගේ දියණිය කවිෂා කාවින්දි ද මීට වසර කිහිපයකට පෙර සිය මවගේ මඟෙහි ගමන් කරමින් සිනමාවට අවතීර්ණ වුණා. එතැන් සිට නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ඇය මීට මාස කිහිපයකට පෙර ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ෂෙහාන් ජයසූරිය සමඟ ඇමෙරිකාවෙදි විවාහ ගිවිස ගත්තා. පසුගිය දිනෙක ලංකාවට පැමිණි කවිෂා සහ ෂෙහාන් නැවත විවාහ උත්සවයක් පැවැත්වූවා.
අපි පහුගිය ජූලි මාසෙ විවාහ උත්සවය ලංකාවේ ගන්න සැලසුම් කළේ. නමුත් කොරෝනා තත්ත්වය එක්ක මට ලංකාවට එන්න බැරි වුණු නිසා ඇමෙරිකාවෙදි පුංචි උත්සවයකුත් එක්ක විවාහ ගිවිස ගත්තා. විවාහ ගිවිස ගැනීමට ෂෙහාන්ගේ මවුපියන්ට එන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපට ඕනෑ වුණා ෂෙහාන්ගෙ මවුපියන්ගේ ආශිර්වාදයෙන් ලංකාවේ දී නැවත විවාහ උත්සවයක් ගන්න.
30 - 40ත් අතර පිරිසකට තමයි උත්සවයට ආරාධනා කරන්න පුළුවන් වුණේ. නෑදෑයෝ ඔක්කොටම කිව්වොත් සීයත් පනිනවා. ඉතින් ළඟම යාළුවන්ට විතරයි ආරාධනා කළේ.
මේ වසංගත තත්ත්වය නිසා මගෙ අම්මාටයි තාත්තාටයි මල්ලිටයි ලංකාවට එන්න බැරි වුණා.
විවාහ උත්සවය දවසේ මගේ පැත්තෙන් මං ළඟින්ම ඉන්න අම්මාගේ සමීපතම මිතුරියන් කිහිප දෙනකුට ආරාධනා කළා. සංගීතා ආන්ටි, ෂෙරීන් ආන්ටි, ගයාත්‍රී ආන්ටි, පුෂ්පා ආන්ටි වගේම ජීවන් අන්කල් මගේ ළඟින්ම හිටියා. මගේ තාත්තා වගේ හැමදේම හොයලා බැලුවේ ජීවන් අන්කල්. සංගීතා ආන්ටි මගේ මවුපියන්ගේ විවාහයෙදි දෙවැනි මනාලිය වුණා. මමයි සංගීතා ආන්ටි විවාහ වෙද්දි ඇගේ මල් කුමාරිය වුණේ.. ඇගේ දුව මගේ විවාහයේදි ලිට්ල්මේඩ් වුණා.
අපි හඳුන ගන්නේ මුහුණු පොතෙන්. බොහොම සාමාන්‍ය විදිහට අපි කතාබහ කළා. කාලයක් යද්දි එයා මට ආදර යෝජනාවක් ගෙනාවා. පස්සේ මාව බලන්නම ඇමෙරිකාවට ඇවිත් මගේ අම්මයි තාත්තයි එක්ක කතා කළා. ඊට පස්සෙ තමයි අපේ සම්බන්ධය හරි විදිහට පටන් ගත්තේ.
ෂෙහාන් මට ආදරය ප්‍රකාශ කළාට පස්සෙ මම එයා එක්ක කතා නොකර, මැසේජ් කළාම ඒවා දැක්කේ නෑ වගේ හිටියා. අපිව ගොඩක් අය දන්නවා. අනවශ්‍ය ගොසිප් හැදෙනවට මම කැමැති වුණේ නැහැ. ෂෙහාන් මාව බලන්නම ඇමෙරිකාවට ඇවිත් එයා මොනවගේ කෙනෙක්ද කියලා හරියටම දැනගත්තාට පස්සෙ මට එයාට ආදරේ නොකර ඉන්න බැරි වුණා.
මුලින් අපේ සම්බන්ධයට ඔවුන් කැමැති වුණේ නැහැ. ෂෙහාන් කෙළින්ම අම්මයි තාත්තයි මුණගැහිලා කතා කළාට පස්සේ දෙන්නම ෂෙහාන්ට ගොඩක් ආදරේ වුණා. දැන් මටත් වඩා එයාලා ෂෙහාන්ට හරිම ආදරෙයි.
ෂෙහාන්ගේ මවුපියෝ මට ගොඩක් ආදරෙයි. ලංකාවට ආවට පස්සෙ එයාලා මාව ආදරයෙන් බලා ගන්නවා. ලංකාවෙදි මම කොහේ ගියත් ෂෙහාන්ගේ තාත්තා අනිවාර්යෙන්ම මා එක්ක එනවා.
ඔව්. LPL නිසා ෂෙහාන්ගේ බිරිය විදිහට මටත් ලංකාවට එන්න ලැබුණා. විදේශීය ක්‍රීඩකයන්ගේ බිරින්ඳැවරුන්ට හැර ලංකාවේ ක්‍රීඩකයන්ගේ බිරියන්ට තරගය බලන්න අවස්ථාව ලැබුණේ නැහැ. මට තියෙන්නෙ ඇමරිකන් පාස්පෝට් නිසා තරගය නරඹන්න හැකි වුණා.
මම ලබන සතියේ ලංකාවෙන් යනවා. ෂෙහාන් දැනට ලංකාවේ ඉඳියි.
මම කැමැතියි කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට. ඒ නිසා අපි ස්ථිර පදිංචියට ඇමෙරිකාව තෝරා ගනියි.
ලොකු සැලසුම් නැහැ. මේ මොහොත සතුටින් ඉන්නයි උත්සහ කරන්නේ.
-රසඳුන-
Lanka Newsweek © 2021