එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එහි නායකයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රජාව සම්බන්ධීකරණය කරන අතර විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගේ ද, ආචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ ද මතවාදී සහය ලබා ගනිමින් කාලයක් මුළුල්ලේ එම පක්ෂයට දේශපාලන වශයෙන් යටිබිම් ගතව විශාල මෙහවරක් කළ ආචාර්ය රංජින් බණ්ඩාර මහතා ද සමගි ජන බලවේගය සමග එක් වී ඇත.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනයකට අනුව වන අතර කොළඹ, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අඟහරුවාදා (22) උදෑසන රංජන් බණ්ඩාර මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමු වී සමගි ජන බලවේගයට එක් වූයේ පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කැළණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙනියේ පියරතන නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ ද සමගිනි.
ඒ අනුව සමගි ජන බලවේගය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව, වෘත්තීයවේදීන් සහ රට පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාර සම්බන්ධීකරණය කිරීමේ වගකීම සහ කාර්ය භාරය ආචාර්ය රංජන් බණ්ඩාර මහතාට පැවැරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබෙන්නේ සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ සිය ප්‍රතිපත්තිය, දර්ශනය සහ වැඩ පිළිවෙළට අනුවය.
හිටපු කතා නායක දේශබන්දු කරූ ජයසූරිය මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස අවුරුදු දහයක් සහ ඌව පළාත් සභාවේ හිටපු මහා ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස අවුරුදු හයක් ද සේවය කර ඇති ආචාරය රංජන් බණ්ඩාර මහතා හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මහා ජන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ද කලක් සේවය කළේය.
Lanka Newsweek © 2021