ජාතික සහ ගෝලීය දේශපාලන, ආර්ථික සහ සමාජ ප්රවණතා සම්බන්ධයෙන් "zoom" තාක්ෂණය යොදා ගෙන අන්තර් ජාලය ඔස්සේ "කතිකාව" යනුවෙන් ජාතික දේශපාලන සංවාදයක් ආරම්භ කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පියවර ගෙන තිබේ.
සතිපතා සෑම ඉරුදිනකම "zoom" තාක්ෂණය ඔස්සේ පැවැත් වෙන "කතිකාව" ජාතික විද්වත් සංවාදයට එක් වන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට, පිළි ගැනීමට සහ ගෞරවයට පත් සෑම ක්ෂේත්රයක්ම නියෝජනය කරන විද්වත්හූ වෙති.
"කතිකාව" ජාතික විද්වත් සංවාදයේ පළමු කතිකාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කුමකටද..? යන තේමාව යටතේ 2020.11.29 වැනි ඉරිදා ද, දෙවැනි කතිකාව පාර්ලිමේන්තු සභාවේ පෙර මඟ ලකුණු යන තේමාව යටතේ 2020.12.06 වැනිදා ද "zoom" තාක්ෂණය ඔස්සේ පැවැති අතර තෙවැනි කතිකාව පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීනද..? යන තේමාව යටතේ 2020.12.13 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00 සිට 7.00 දක්වා පැවැත් වෙන මෙම "කතිකාව" ජාතික විද්වත් සංවාදයට සංවාදයට ඔබටද එක් විය හැකි අතර 071 812 4191 යන "WhatsApp අංකයට හෝ 071 3783587 යන ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබාදිමෙන් ඒ සදහා වන වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.
Lanka Newsweek © 2021