පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහා ලේකම් ධූරයෙන් ඉවත් විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බල වේගයේ සාමාජිකත්වය ලබා ගනිමින් ඊට එකතු වීමට කිසිදු දේශාලන තීරණයක් ගෙන නොමැති බව ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි.
ජාතික හෙළ උරුමයේ මහා ලේකම් ධූරයෙන් ඉවත් වී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බල වේගයේ සාමාජිකත්වය ලබා ගනිමින් ඊට එකතු වීම තබා එවැනි සාකච්ඡාවක්වත් අභ්‍යන්තර තලයේ සිදු වෙමින් නොපවතින බව පාඨලී චම්පික මහතාගේ පෞද්ගලික ලේකම් සහ ප්‍රධාන සම්බන්ධිකාරක ධනුෂ්ක රාමනායක මහතා "lankanewsweek" සමග තහවුරු කර සිටියේය.
ඔහු මේ බව පැවසුවේ, ජාතික හෙළ උරුමයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක මහතා එම ධූරයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බල වේගයේ නිල සාමාජිකත්වය ලබා ගෙන ඊට එකතු වීමට තීරණය කර ඇති බවට "ඉරිදා දිවයින" (2020.12.06) පළ කර ඇති වාර්තාව සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් වන අතර "ඉරිදා දිවයින" කිනම් පදනමක් යටතේ එම ප්‍රවෘත්තිය පළ කළේ දැයි තමා නොදන්නා බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
Lanka Newsweek © 2021