Thursday 28th of January 2021

English Tamil
Advertiesment


මහා ලේකම්කමින් යන්න සූදානම්ලු-හැබැයි ලියුම නැහැ


2020-11-23 5589

"ජනතාව බත් කන හරක් නොවෙයි" -සිරිකොත-

 

අනුකම්පාවෙන්වත් ගොඩ යන්න පුළුවන් දැයි අකිල බලයි 

 

අකිලගේ ඉල්ලා අස් වන කතාව "සිරිකොතට" රජ මඟුලක් වෙලා

 

"එජාපයට ශාපයක්ලු-හෙනහුරෙක්ලු-කොඩිවිනයක්ලු"

 

(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන් සහ සමස්ත පාක්ෂිකයින්ගෙන් අඛණ්ඩවම එල්ල වන විරෝධය සේම දැඩි පිළිකුල හමුවේ සියලු දෙනාගේ අනුකම්පාව දිනා ගැනීමේ අරමුණින් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම මහතා "සිරිකොත" පක්ෂ මූලස්‌ථානයේ සියලු පාර්ශවයන් සමග මේ වන විට වාචිකව කියා සිටිමිනි සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට සුදුසු සහ කැමති පුද්ගලයෙකු මහා ලේකම් ධූරය සඳහා පත් කර ගැනීමට ඉඩ සලසා දෙමින් තමා මෙසේ එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා පුන පුනා කියා සිටින නමුත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ දක්වාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී නොමැත.

සිය ඉල්ලා අස්වීමට අදාළව අකිල විරාජ් කාරියවසම් මහතා කුමක් හෝ ලියවිල්ලක් මේ වන විට සකස් කර ගෙන සිටින බව "සිරිකොත" සිටින ඔහුගේ සමීපතමයින් "lankanesweeek" වෙත කියා සිටියත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ පක්ෂ මහා ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළව කිසිදු ලියවිල්ලක් අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන තුරුත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී නොමැති බවය.

එක්සත් ජාතික පක්ෂය විනාශ කළ සහ ඊට පත් වූ අතිශය දුර්වලම මහා ලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරින් ඉල්ලා අස් වන තුරු "සිරිකොත" තරුණ තරුණියන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ සේවක සේවිකාවෝ දෑස් දල්වා බලා සිටිති. එක්සත් ජාතික පක්ෂයේ පිළිලය සහ හෙනහුරා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා හඳුන් වන ඔවුහූ කියා සිටින්නේ මහා ලේකම් ධූරයෙන් ඔහු ඉවත් වන්නේ නම් පක්ෂයේ ලොකුම කොඩිවිනය අවසන් වන බවය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතාට අදාළ තොරතුරු රැසක් ඉදිරියේ දී හෙළිදරව් කරන බව ද එම තරුණ තරුණියෝ "lankanesweek" සමග වැඩි දුරටත් සඳහන් කළහ. 

Advertiesment