මේදිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'සත්‍යා' ටෙලි සිතුවම නරඹන ඔබට මේ රුවැත්තිය ආගන්තුක නැහැ. පුංචි තිරයේ ටෙලි සිතුවම් රැසක කැපී පෙනෙන චරිත මැවූ ඇය ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂයි.
'සත්‍යා' හී ශාක්‍යා කියන මගේ චරිතය තවම ප්ලේ වුණත් මගේ චරිතයට අදාළ රූගත කිරීම් සේරම පසුගියදා නිමා වුණා. දැන් වෙනත් කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙන නිසා බොහොමත්ම කාර්ය බහුල වෙලා ඉන්නේ.
මම කුරුණෑගල ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. එහි ගුරුවරියක් විදියටත් කටයුතු කරනවා. ඉතින් මේ දවස්වල ප්‍රාථමික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔන්ලයින් උගන්වන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය. පාසලේ ගුරුවරියන් පුහුණු කිරීම සිදු කෙරෙන්නෙත් මගේ අනු දැනුම යටතේ. විසිටිං ලෙක්චර් කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේවා තමයි මම මෙච්චර කාර්ය බහුල වෙන්න හේතුව.
මුල් කාලේ දී මම රඟපාන්න ආවෙත් දෙගිඩියාවකින්. නිතරම කල්පනා කළේ රඟපෑවට පස්සේ ලැබෙන නිළිකම කියන ටයිටල් එකත් එක්ක ගුරුවරියක් විදිහට ළමයින්ගෙන්, මවුපියන්ගෙන් මොන වගේ පිළිගැනීමක් තියේවිද කියලයි. සමහර අයගේ ක්‍රියාකලාප නිසා නිළිකම කියන වෘත්තිය පහළ මට්ටමකට වැටුණු අවස්ථා තිබුණා. එහෙම වුණාම 'ආපෝ මෙයත් නිළියක්නේ' කියලා සමාජය බලන විදිහක් තියෙනවා. හැබැයි මම නිළියක් වුණාට පස්සෙත් වගකීමෙන් හැසිරෙන විදිහ හැමෝගෙම අගය කිරීමට ලක් වුණා. අම්මලා තාත්තලා වුණත් කැමතියි දැන් මම ම එයාලගේ දරුවන්ට උගන්වන එකට. ළමයිනුත් මං එනකල්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ.
මම චරිතයක් බාර ගන්න කලින් දෙවතාවක් නෙමේ තුන් හතර වතාවක් හිතනවා. විශේෂයෙන් වෙළෙඳ දැන්වීම්වල. මට රඟපාන්න ආරාධනා ලැබුණු වෙළෙඳ දැන්වීම් බහුතරයක් මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. මම දවස තිස්සෙම ළමයින්ට හොඳ පුරුදු උගන්වනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්රමෝපායයන්, සම බල ආහාර වේලක් කියන්නේ මොනවද කියලත් කියා දෙනවා. එහෙම තියෙද්දි මට බැහැනේ වෙළෙඳ දැන්වීම් වලින් පෙන්වන සමහර අහිතකර දේවල් වලට පෙනී ඉඳලා ඒවා හොඳයි කියන්න. මම කියන කරන දේවල් දිහා මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලාගෙන ඉන්නවා. හිතට එකඟව මට බැහැ ඔවුන්ට බොරු කරන්න.
ඔව්. ඒවා ලියන්නෙත් ළමයින්ටම තමයි. ඉංග්‍රීසි සාහිත්‍යමය පද්‍ය රචනා අඩංගු පොත් කිහිපයක් තමයි මම ලියමින් සිටින්නේ.
'ශාක්‍යා' කියන්නේ අප්රකාශිත ප්‍රේමයක් හිත තුළ තියන් විඳවන තැනැත්තියක්. තමන්ගේ පෙම්වතා ජීවතුන් අතර නැහැ කියල කිවුවට ඇය හිතන්නේම ඔහු කෙදිනක හෝ ඒවි කියලා. මේක මම කරපු අසීරු රංගනයක්. ශාක්‍යා තුළ තිබෙන සියුම් ගති ලක්ෂණ පිළිබඳ 'සත්‍යා' නාට්‍යයේ පිටපත රචනා කළ නාමල් ජයසිංහ අයියත් එක්ක මම නිතරම වගේ සාකච්ඡා කළා. ඒ මේ චරිතය හොඳින් ග්‍රහණය කරගන්න. ඒ වගේම ශාක්‍යයා වෙනුවෙන් මට පාලනයකින් යුතුව රංගන කටයුතු කරගෙන යන්නත් සිදු වුණා. මේ වගේ චරිත රඟපෑමට ලැබීමත් ලොකු තෘප්තියක්.
නැහැ කවදාවත්ම නැහැ. හැබැයි ප්‍රේමය නිසා මම ඕනෑ තරම් විඳවලා තියෙනවා. ආදරය කරද්දී දුක..කඳුළ...වගේ ඔය කියන නොයෙක් දේවල් ලැබෙනවානේ. මටත් ඒව හිමි වෙලා තියෙනවා. ඒ මුහුණ දුන් අත්දැකීම් වලදී මම හැසුරුණු විදිහ, හැඟීම් ප්‍රකාශ කරපු අන්දම පසු කාලීනව මම නිරූපණය කරපු චරිත සාර්ථක කර ගන්න යොදා ගත්තා.
ඔව් කියලා තමයි මම දෙන උත්තරේ.
ඔහු දන්නවා මම වැරදි නැහැ බොහොම වගකීමෙන් කටයුතු කරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුගෙන් මට කිසිදු තහංචියක් නැහැ. මේ ක්ෂේත්රයේ නොවුණත් ඔහු හොඳ රසවින්ඳනයක් ඇති කෙනෙක්. පොඩි කාලේ මම නිළියක් වෙන්න හිතාගෙන හිටියට පස්සේ ඒ සිතුවිල්ල යටපත් වුණා. ඒ කාලේ ඔහු තමයි මාව මේ ක්ෂේත්රයට යොමු කළේ. එතනින්ම හිතාගන්න පුළුවන් නේ.. ඔහු මට ලබා දෙන්නේ මොන වගේ සහායක් ද කියලා.
සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ දෙනෙක් මාව දකින්නේ කෙළින් වැඩ කරන කෙනෙක් හැටියට. කාට වුණත් කියන්න තියෙන දෙයක් මූණටම කීමයි මගේ සිරිත. "ඩිෂ්නිට අනම් මනම් කියලා අපිට ගුටි කන්න තමා වෙන්නෙ" කියලා සමහරු කියනවා. වෙලාවකට මම කොල්ලෙක් වගේ කියලයි මගේ ළඟම යාළුවෝ කියන්නේ. හැබැයි එච්චර දඟකාර කෙළිලොල් මම, ආදරය ඉස්සරහ හාත්පසින්ම වෙනස්.
සාමාන්‍ය ජීවිතයේ මට සෘණාත්මක දෙයක් වුණොත් කොයි වෙලාවකවත් වැටෙන්නැතුව ඉන්න මනස හදාගන්න පුළුවන්. හැබැයි ආදරේ කරද්දි පොඩි දේකට වුණත් මගේ හිත හරියට රිදෙනවා. මම ආදරය ඉස්සර හරිම සංවේදී චරිතයක්.
චිත්‍රපට දෙකකට මට කතා කරලා තිබුණා. එහි රූගත කිරීම් අරඹන්න සැලසුම් කරලයි තිබුණේ. නමුත් මේ වසංගතය එක්ක ඒවා ඉදිරි දිනවලට කල් ගියා. ඒ චරිත දෙකෙන් එකක් ආන්දෝලනාත්මක එකක් වේවි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා වැඩි විස්තර දැන්ම නොකියා ඉන්නම්.
Lanka Newsweek © 2023