Thursday 25th of April 2024

English Tamil
Advertiesment


එජාපය ගිනි ගනී-ඉවසුවා ඇති-ජ්‍යෙෂ්ඨයෝ කැරලි ගසති 


2020-11-17 7615

රනිලුයි-වජිරයි ඉටු කරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව මෙන්න 

 

රජයේ සාක්කිකරුවෙකු වන රනිල් එජාපයයි සවි බල ගන්වයිද..?

 

විපක්ෂය සංවිධානය කරයිද..?

 

ආණ්ඩු විරෝධීන්ගේ විරෝධියා රනිල් බවට චෝදනා  

 

පාක්ෂිකයින් වෙනුවෙන් රනිල්ට එරෙහිව ජ්‍යෙෂ්ඨයෝ ගත්ත තීරණය

 

රනිල්-රුවන් පසෙක තබා ජ්‍යෙෂ්ඨයින් වැඩ අරඹලා 

 

සමගි බලයේ කට්ටියකුත් ජ්‍යෙෂ්ඨයින් එක්ක 

 

ප්‍රතිසංස්කරණ වාදීන්ට සාධාරණ සමාජයේ පූර්ණ හයිය

 

මහා සඟ රුවනේ ආශීර්වාදය..!

 

යොවුන් පෙරමුණයි-සන්නිවේදන බලකායයි දැඩි ස්ථාවරයක  

 

සරසවි ඇඳුරෝයි-සිවිල් සමාජයයි-සංඝ රත්නයයි රනිල් ගැන කියන කතා

 

"රනිල්-සාගල" ගැන අකිලගේ විග්‍රහය 

 

එජාප නීති ලේකම් වැට උඩ

 

සංවිධායකවරුන් රැසක් එජාපය හැර යාමට සැර සෙති 

 

සාගලගේ සිහිනය සැබෑ වෙයිද-ගෝඨා ළඟ නතර වෙයිද..?

 

නවීන්-අර්ජුන කළ සැර ප්‍රකාශවල පසුබිම මෙන්න 

 

රුවන් ගැන බෝපිටියේ ධම්මිස්සර නා හිමි කිව්ව කතාව 

 

එජාපයෙයි-සමගි බලයෙයි බර සාධාරණ සමාජයට කර ගහන්න සිදු වෙලා 

 

චන්න වික්‍රමසිංහ ගැන විශේෂ හෙළිදරව්වක්..?

 

එජාපයේ ආත්මීය ඛේදවාචකය ගැන විශේෂ හෙළිදරව්වකි..!

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර දැවැන්ත, විශ්වසනීය, පුළුල් සහ රැඩිකල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ ජාතික දේශපාලන ව්‍යාපාරයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහිව බල මුළු ගන්වා විජයග්‍රහණය කරා යළි මෙහෙයවීමට අදාළව තව දුරටත් කල් නොමරා වහාම අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන් ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයට බල කර සිටීමේ ප්‍රබල දේශපාලන සටන් ව්‍යාපාරයක් එම පක්ෂ  අභ්‍යන්තරයේ මේ වන විට ආරම්භ වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙම සටන් ක්‍රියා මාර්ගයට අවතීරණය වී තිබෙන්නේ, සර්වාගමික නායකයින්ගේ ආශීර්වාදය, දේශපාලන න්‍යායාචාර්යවරුන්ගේ උපදෙස්, සිවිල් සමාජයේ මඟ පෙන්වීම, රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සහ පාක්ෂිකයින්ගේ දැඩි ඉල්ලීම මතය.

ඊට හේතු වී තිබෙන්නේ මහා මැතිවරණයේ දී රටේ සමස්ත ජනතාව, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර, එම පක්ෂය දේශපාලන වශයෙන් බිමටම සමතලා කර තිබිය දී, පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ පක්ෂය එම දේශපාලන ඉරණමින් ගළවා ගෙන විජයග්‍රහණය කරා යළි මෙහෙයවීමට අදාළව ජනතාව ඉල්ලා සිටින, පිළි ගත හැකි සහ විශ්වසනීයත්වයෙන් යුතු කිසිදු ක්‍රියා මාර්හයක් නොගෙන සුපුරුදු පරිදි කල් මරමින් තව දුරටත් පක්ෂයේ බලය අල්ලා ගෙන සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය වේ.

මේ පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ සහ ඍජුව සාකච්ඡා කරමින් ද, බහුතරය අපේක්ෂා කරන සාධනීය ප්‍රතිසන්ධනයක් වෙනුවෙන් පාක්ෂිකයින් ප්‍රධාන ජන සමාජයේ සියලු පාර්ශ්වයන් සහ පක්ෂ අභ්‍යන්තරයේ සියලු ප්‍රබල ක්‍රියාකාරීන් ද බල මුළු ගන්වන ලෙසට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වෙත ජනපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් පසුව දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පැවතිණ. 

ඒ අනුව අවුරුදු ගණනාවක් මුළුල්ලේ ජනතාව ඉල්ලා සිටින ඒ දැවැන්ත සහ රැඩිකල් දේශපාලන ප්‍රතිසංධානය, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලය මාර්ගයෙන් සිදු කරවා ගැනීම සඳහා කණ්ඩායමක් ලෙස එකට ඒකරාශී වෙමින් ඔහුට බල කර සිටීමට ද, උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සේම පක්ෂයට අනුබද්ධිත සියලු සංවිධාන දැනුම්වත් කර සියලු පාර්ශවයන් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පෙළ ගැස්ස වීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.

මේ සටන් ව්‍යාපාරය පක්ෂ අභ්‍යන්තරයේ ආරම්භ කර තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන ජෝන් අමරතුංග, පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ, අනෝමා ගමගේ, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න, අර්ජුන රණතුංග, රවී කරුණානායක, ආනන්ද කුලරත්න, පාලිත තෙවරප්පෙරුම, චම්පිකා ප්‍රේමදාස, කේ. කේ. පියදාස සහ ආචාර්ය මර්වින් සිල්වා යන මහත්ම මහත්මීන් ප්‍රධාන කණ්ඩායමක් වන අතර එම කණ්ඩායමට පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ද, පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ද, ආසන සංවිධායකවරුන්ගේ ද, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින්ගේ සහ පක්ෂයට අනුබද්ධිත සංවිධානවල ක්‍රියාකාරීන්ගේ ද බහුතර සහය හිමි වෙමින් පවතියි.

විශේෂයෙන් දේශබන්දු කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රහය මෙම කණ්ඩායමට ලැබෙමින් පවතින අතර ඉදිරි දේශපාලන අරමුණු, ඉලක්ක, න්‍යාය පත්‍රය, ක්‍රියා මාර්ග සහ ආණ්ඩුවට එරෙහි දේශපාලන සටන් ව්‍යපාරය සම්බන්ධයෙන් එම දෙපාර්ශවයේ නායකයින්, න්‍යායචාර්යවරුන් සහ ප්‍රබල ක්‍රියාකාරීන් අතර විශේෂ, තීරණාත්මක සේම රහස් සාකච්ඡාවක් කොළඹ දී බ්‍රහස්පතින්දා (13) රාත්‍රියේ සිදුව තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ රටට-ජනතාවට අහිත කර ක්‍රියා මාර්ගවලට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය ද, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය ද, ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ අයිතීන් සහ අවශ්‍යතා වෙනුවෙන් ඇඟට දැනෙන සටනක් නොකරන තත්ත්තවය හමුවේ විපක්ෂයේ කාර්ය භාරය කරට ගෙන සිටින්නේ කරූ ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වේ.

මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද, විශ්ව විද්‍යාල ප්‍රජාව, සිවිල් ක්‍රියාකාරීන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ඉහත කණ්ඩායම ද, සමගි ජන බලවේගයේ දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සේම මනෝ ගනේෂන් ඇතුළු කණ්ඩායමක්ද, ද්‍රවිධ ජාතික සන්ධානයේ පී සුමන්තිරන් ඇතුළු ක්‍රියාකාරීන් ද, ජනමාධ්‍යවේදීන් රැසක් ද, මේ වන විට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමග එකට ඒකරාශී වෙමින් සිටින්නේ මේ පසුබිම යටතේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රය වී තිබෙන්නේ අපවත් වී වදාළ මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමියන් අනුව යමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව හිම්කම්, යහ පාලනය සහ ජනයාගේ ආර්ථික යුක්තිය රජ කරවන දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහි සාධාරණ සමාජයක් වෙනුවෙන් සියලු ආගමික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික බලවේග එකට ඒකරාශී කිරීමය.

රට-ජාතිය වෙනුවෙන් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු ප්‍රගතිශීලී බලවේග එකට ඒකරාශී කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජන මතය නොතකා ඊට අවඥා කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික සහ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් පක්ෂ නායකත්වයේ බලහත්කාරයෙන් රැදී සිටිමින් කිසිදු සාධනීය, විධිමත් සහ සාධාරණ ක්‍රියා මාර්ගයක් නොගෙන කල් මැරීම නිසා බව මහා සංඝ රත්නය, දේශපාලන විචාරකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙති.

එමගින් රනිල් වික්‍රමසිංහ මහතා ඉටු කරන්නේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පුළුල් බලවේගයක් ලෙස ගොඩනැගීමට ඉඩ නොතබන දේශපාලන කොන්ත්‍රාත්තුවක් බව පෙන්වා දෙන ඔවුහූ ආණ්ඩුව වෙනුවෙන් කරන එම කොන්ත්‍රාත්තුවේ දී ඔහුට පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දෙන්නේ වජිර අබේවර්ධන මහතා බවට ද චෝදනා කර සිටිති.

යහා පාලන සමයේ සිදු කළේ යැයි කියන දේශපාලන පළි ගැනීම් සම්බන්ධ කරුණු විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ රජයේ සක්කිකරුවෙකු ලෙස ක්‍රියා කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුවට එරෙහිව එම පක්ෂය ප්‍රධාන විපක්ෂය සවි බල ගන් වනු ඇතැයි සිතීමට තරම් දේශපාලන අඳ බාලයෝ මේ රටේ සිටිනවා දැයි ද ඔවුහූ ප්‍රශ්න කර සිටිති.

උඩ සිට පහළට පුළුල් ප්‍රතිසන්ධනයක් ඉල්ලා සටන් කරන උක්ත කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඍජු සහයෝගයක් නොමැති නමුත් පක්ෂයට අත්ව ඇති දේශපාලන ඉරණම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ජයතුංග මහතා සමග මෑතකදී කළ සංවාදයකදී ඔහු කියා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ සම්පූර්ණ වගකීම නායක රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක යන මහත්වරුන් භාර ගත යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ ද පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් ඇති විය යුතු අතර ඔහු සිය සමීපතමයින් වෙත යෝජනා කර තිබෙන්නේ කුමක් සිදුවේ ද යන්න පිළිබඳව අවධානයෙන් යුතුව බලා සිටිය යුතුය යන්නය. කෙසේ නමුත් ඔහුගේ සමකාලීන මිත්‍රයින් වන නීතීඥ සංජීව සෙනෙවිරත්න සහ නීතීඥ ලිලාන් අමරකෝන් යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් රැසක් සූදානමින් සිටින්නේ පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් නොවන්නේ නම් දේශපාලන වශයෙන් අනාගතයක් නොමැති නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගෙන පූර්ණ කාලීනව නීති වෘත්තියේ යෙදීමටය.

එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ මහා ලේකම් තීනියාවල පාලිත සහ සභාපති බෝපිටියේ ධම්මිස්සර නා හිමිවරුන් ප්‍රධාන එම භික්ෂූ පෙරමුණේ ද, ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් බහුතරයේ සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ පූර්ණ සහය ද පක්ෂ ප්‍රතිසංස්කරණ වාදීන්ට හිමි වෙමින් පවතින අතර ජාතික භික්ෂූ පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් "lankanewsweek" සමග කියා සිටියේ, පක්ෂයට අවශ්‍ය නව නායකයෙකු විනා නියෝජ්‍ය නායකයෙකු නොවන බවය.

නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතාට එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීමේ හැකියාවක් සහ ශක්තියක් නොමැති බව පෙන්වා දුන් බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ එක්සත් ජාතික පක්ෂයේ සේම පොදු ජන සමාජයේ 70% ක් තරයේ කියා සිටින්නේ පක්ෂ නායකත්වය දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත භාර දිය යුතු බව යැයි ද අවධාරණය කර සිටියහ. 

එක්සත් ජාතික පක්ෂය අත හැර ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක් වූ පී හැරිසන් මහතා ප්‍රධාන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වාදී කණ්ඩායම සමග මේ වන විට සකච්ඡා ආරම්භ කර සිටිති.

විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයට කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ කළ විශ්ව විද්‍යාල සක්‍රීය සේවයේ නියුතු මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රධාන විශ්ව විද්‍යාල මහාචර්ය-ආචාර්යවරුන් රැසකගේ පමණක් නොව ඒ අය මැදිහත් වී එකට ඒකරාශී කර සිටින වෘත්තීයවේදීන් විශාල පිරිසක් ද තිරය පිටුපස සිටිමින් සිය මතවාදී සහයෝගය ප්‍රතිසංස්කරණ වාදීන් වෙත ලබා දෙමින් සිටිති.

"මිනිස්සු ඉල්ලුවේ අලුත් නායකයෙක්-දුන්නේ නියෝජ්‍ය නායකයෙක්" -  "නව නායකත්වයකින් තොරව එජාපයට ගමනක් නැහැ" - "එජාපය පුද්ගලයෙකුගේ හෝ පවුලක පක්ෂයක් නොවෙයි" - "එජාප නායකයා තේරිය යුත්තේ මෙහෙමයි" - "එජාපය විජයග්‍රහණය කරා මෙහෙයවීමට තමා සූදානම්" ආදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක ද, ඊට සමගාමීව අර්ජුන රණතුංග ද, යන මහත්වරුන් ජනමාධ්‍ය ඔස්සේ ගෙවුණු සතියේ දී ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ මගින් තහවුරු වන්නේ ද එම පක්ෂය අභ්‍යන්තරයේ අළු යට පැවැති ගිණි අඟුරු පුපුරා යමින් ඇතිවීමට යන මහා දේශපාලන ගිණි ජාලාවේ තරම වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න සහ ආචාර්ය මර්වින් සිල්වා යන මහත්වරුන් ඉරිදා (15) කළුතරට ගොස් පාලිත තෙවරප්පෙරුම මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් කර ඇත්තේ ද මේ සටන් ව්‍යාපාරයේ කොටසක් ලෙසය.   

මේ සාකච්ඡාවේදී පාලිත තෙවරප්පෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ගේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අසරණ පාක්ෂිකයින් තව දුරටත් වළපල්ලට ඇද දැමීමට ඉඩ නොතබා නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ එහෙයියන් සුළුතරයට එරෙහිව වහාම සංවිධානය විය යුතු බවය.

මේ අතර සාගල රත්නායක මහතාගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු "lankanewsweek" සමග කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඔහුට පක්ෂයේ ඉහළ තනතුරක් නොලැබුණොත් ඔහු දේශපාලනයෙන් සමු ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව සිය දැනුම සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් රටට යම් සේවයක් කිරීමට සැලුම් කර ඇති බවය.

සාගල රත්නායක මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සම්බන්ධයක් තිබෙන බව තහවුරු කර සිටී ඔහු, සාගල රත්නායක මහතා එවැනි තීරණයක් ගන්නේ නම් ඒ සඳහා ඉෂිනි වික්‍රමසිංහ ඔහුට උදව් කරනු ඇතැයි සඳහන් කළේය. ඉෂිනි වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩුමහල් සොහොයුරා වන "TNL" ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය වන අතර ඇය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතියකි. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන ක්‍රියා කළ ඇය "TNL" රූපවාහිනිය ඔස්සේ ඔහුට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එම නාළිකාව හරහා පහර පිට පහර එල්ල කරමිනි. 

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය දේශපාලන වශයෙන් කුණු වී ඕජස් ගළන ආකාරයට සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ එහෙයියන් පක්ෂයත් පාක්ෂිකයාත් දේශපාලන වශයෙන් පවා දෙමින් සිය පැවැත්ම තහවුරු කර ගන්නා ආකාරයට අදාළ තවත් තොරතුරු රැසක් ඔප්පු තිරප්පු පිටින්ම "lankanesweek" සතුව තිබෙන අතර ඒ සෙස්ස පස්සට තබා මේ දිගු සටහන අපි තාවකාලිකව මෙසේ අවසන් කරමු. මේ සියල්ල පිටු පස සිටිමින් මෙහය වන මහා මොළකරු වන රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරා වන චන්න වික්‍රමසිංහ මහතා සම්බන්ධ ඇඟ කිල්පොලා යන හෙළිදරව්වක් හෙට අනිද්දාම බලාපොරොත්තු වන්න. වාර්තාව අපගේය.තීරණය ඔබ සතුය.  
      

 

  

Advertiesment