Saturday 28th of November 2020

English Tamil
Advertiesment


විපක්ෂනායක ලේකම් ඇතුළු තිදෙනෙක් ඉල්ලා අස් වෙති 


2020-11-12 3597

ජලනි ප්‍රේමදාසයි-ලක්ෂ්මන් ෆොන්සේකායි රාජකාරිවලට ඇඟිලි ගහලා 

 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඉල්ලා අස් වෙලා-පරිපාලන නිලධාරියා මාරු වෙලා 

 

නීතියට පටහැනිව දේශපාලනය කරලා හිරේ යන්න බැහැලු 

 

නව විපක්ෂ නායක ලේකම් රවී ජයවර්ධන 

 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ අබේරත්න 

 

විපක්ෂනායක කාර්යාලයෙන් ජලනිටත් සුපිරි කාර්යාලයක් 

 

"ජලනි-ලකී" භූමිකාව විපක්ෂය යළි යළිත් දෙදරවයි 

 

නිලධාරීන්-සේවකයින් කලකිරිලා 

 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

විපක්ෂනායක ලේකම් නවුෆර් රහුමාන් සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මදුශංක දිසානායක යන මහත්වරුන් එම ධූරවලින් ඉල්ලා අස්වී ඇති අතර විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයා රජයේ අමාත්‍යංශයකට මාරුවීමක් හදා ගෙන ගොස් තිබේ.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ඔහුගේ සමීපතම මිත්‍රයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා එම නිලධාරීන්ගේ රාජකාරිවලට දේශපාලන සේම පෞද්ගලික පදනමක් මත පිහිටා එම නිලධාරීන්ට උපදෙස් සහ නියෝග ලබා දෙමින් ඒ අයගේ රාජකාරිවලට ඇඟිලි ගැසීම වේ.

නවුෆර් රහුමාන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ විපක්ෂ නායක ලේකම් ධූරයට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටී නීතීඥ රවී ජයවර්ධන මහතා පත් කරනු ලැබ තිබෙන අතර මදුශංක දිසානායක මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරපපාඩු වූ විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධූරයට ඒ අබේරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

නීතීඥ රවී ජයවර්ධන සහ ඒ අබේරත්න යන මහත්වරුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ එම පවුලේ අතිශය සමීපතම හිතවතුන් වන අතර පුරප්පාඩු වූ අදාළ තනතුරු සඳහා එම පුද්ගලයින් වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ගනු ලැබුවේ විපක්ෂ නායක කාර්යාලයේ සියලු කටයුතු ජලනි ප්‍රේමදාස මහත්මියගේ සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ අවශ්‍යතාවය, උපදෙස් සහ නියෝග මත පහසුවෙන් කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට යැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

කොළඹ,07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරන ස්ථානයේ පිහිටි විපක්ෂ නායකය කාර්යාලයේ විශේෂ පහසුකම් සහිත කාර්යාලයක් සහ සේවක පිරිසක් ජලනි ප්‍රේමදාස මහත්මියට ලබා දී තිබෙන අතර ඇය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සියලු නිලධාරීන්ට උපදෙස් සහ නියෝග ලබා දෙමින් විපක්ෂ නායක කාර්යාලයේ සියලු කටයුතු මෙහය වන්නේ එම කාර්යාලයේ සිටය.

විපක්ෂ නායක ලේකම් සහ විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම ධූරවලින් ඉල්ලා අස් වී තිබෙන්නේ සහ විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ස්ථාන මාරුවීමක් ලබා ගෙන එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන්නේ දේශපාලන සහ පෞද්ගලික පදනමක් මත පිහිටා ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ලබා දෙන උපදෙස් සේම නියෝග ක්‍රියාත්මක කිරීමට යාමෙන් උල්ලංඝන වන රජයේ නීති රීති සහ රෙගුලාසි වෙනුවෙන් අනාගතයේ යම් දවසක ඒ අයට වහ කීමට සිදු වන නිසාය. 

විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රජයෙන් සේවක සේවිකාවන් 45ක් අනුයුක්ත කර සිටින අතර ඒ අතරින් බහුතරය යොදවා තිබෙන්නේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ කටයුතු සඳහා නොව සමගි ජන බලවේගයේ දේශපාලන වැඩ කටයුතු සහ ක්‍රියාකාරකම් සඳහාය.  

 

Advertiesment