Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


COVID මර්දනයට Athens International වෙතින් ලොකු දායකත්වයක්


2020-11-10 2253

"ස්වර්ණවාහිනී" සමග එක්ව පොලීසියට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දෙයි 

 

ස්වර්ණ සත්කාර මනුදම් මෙහෙවර රට පුරා සාර්ථකව 

 

"රටත්-ජනතාවත් වසංගතයෙන් බේරා ගමු" සහන් අකලංක 

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

මාරාන්තික COVID-19 වසංගතයෙන් රටත්-ජනතාවත් බේරා ගැනීම සඳහා සිය දිවි පරදුවට තබා දිවා රෑ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය විෂ බීජ නාශක සහ මුඛ ආවරණ ඇතුළු පෞද්ගලික ආරක්ෂක උකරණ කට්ටල පරිත්‍යාග කිරීමේ "ස්වර්ණ සත්කාරක මනුදම් මෙහෙවර" මේ වන විට රට පුරා අති සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ වැඩ සටහන රට පුරා මෙසේ ක්‍රියාත්මක කරන්නේ "සවර්ණවාහිනී" නාළිකාව සහ "Athens International Education Center" ආයතනය එකට ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සහ සමාජ සත්කාරයක් ලෙසට වන අතර මේ වන විට එම වැඩ සටහනේ අදියර ගණනාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇත.

රට-ජාතිය පමණක් නොව මුළු ලෝකයම COVID-19 මාරාන්තික වසංගතයකට ගොදුරු වී සිටින මොහොතක "Athens International Education Center" වැනි ජාත්‍යන්තර තලයේ දේශීය පෞද්ගලික අධ්‍යාපන ආයතන "ස්වර්ණවාහිනී" වැනි පෞද්ගලික ජනමාධ්‍ය ආයතන සමග එකට එක්ව මෙවැනි සමාජ සත්කාරක වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම පමණක් නොව මෙම වසංගතයෙන් බේරීම සඳහා ජනතාවට අවශ්‍ය දැනුම ලබා දීමේ ජාතික කාර්ය භාරය අතිශයින් අගය කළ යුතු බව සියලු පාර්ශවයන්ගේ ස්ථාවරය වී තිබේ.

"Athens International Education Center" හී සභාපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Bsc ICT ඉංජිනේරු, විද්‍යුත් මුදල් උපද්ශක තොරතුරු සන්නිවේදන තාක්ෂණ සන්නිවේදක සහ මාර්ග ගත ව්‍යවසායකයක සහන් අකලංක මහතා මේ සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි අදහසකි.

මාරාන්තික COVID-19 වසංගතයෙන් රටත්-ජනතාවත් බේරා ගැනීම අප සියලු දෙනාගේම වගකීම, යුතුකම සහ කාර්ය භාරය වී තිබෙන අතර එමගින් කිසිවෙකුට ගැළවිය නොහැකියි. මේ වසංගතය හේතුවෙන් සියලු ජනයා මරණ බියට පත්ව අන්ත අසරණ වී සිටින අතර ජන ජීවිතය වගේම මුළු රටම කඩා වැටී තිබෙනවා. රටේ සියලු ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු, පරිපාලන සේවා සහ ජන ජීවිතය මුළුමනින්ම කඩා වැටිලා.

රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කරන අපේ පොලීසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශවල සියලු දෙනාගේ සේවා සහ රාජකාරි සඳහා රුකුලක් ලබා දී, ඒ අය ධෛර්යමත් කරන අතර වසංගතයෙන් රට-ජනතාව මුදා ගැනීමේ අරමුණින් "Athens International Education Center" ආයතනය "ස්වර්ණවාහිනී" නාළිකාව සමග එකට එක්ව මේ සමාජ සත්කාරය සිදු කරන බව කිව යුතුයි.

 

Advertiesment