Saturday 28th of November 2020

English Tamil
Advertiesment


සෝභිත අමතක කළ ගුණමකුවන්ට කරූගෙන් ප්‍රහාරයක් 


2020-11-08 3195

"සිය ශ්‍රී නාමයට පිං සිදු වන්නට තනතුරු ලැබුණු අයටත් උන්වහන්සේ අමතක වෙලා"

 

"අනගාරික ධර්මපාලගෙයි-සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරගෙයි දේශපාලනය විනාශ කළේත් ගුණමකුවන්" 

 

"ශ්‍රී සෝභිත හිමි භූමිකාව වාරියපොල ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද- වල්පොල ශ්‍රී රාහුල වැනි මහා සංඝ පීතෘවරුන්ට පවා දෙවැනි නැහැ"

 

මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වී පස් වසරක් සපිරේ..!

 

ඉවසුවා ඇති..! 

 

මෙන්න කතාව..!

 
 
(සුජිත් මංගල ද සිල්වා)

  

මෑත යුගයේ අපගේ මාතෘ භූමියේ සුවිශාලතම පෙරළිය සිදු කරමින් රටේත් ජනතාවගේත් අයිතීන් රැක දී ශ්‍රී ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර කරුනු ලැබූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන්නේ මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමියන් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

වාරියපොල ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද සහ වල්පොල ශ්‍රී රාහුල වැනි මහා සංඝ පීතෘවරුන් වහන්සේලාට සම කළ හැකි ගුණ සමුදායක් සේම ජාති මාමකත්වයක් උන්වහන්සේගේ චරිතයේ ගැබ් වී තිබූ බව සිහිපත් කළ හිටපු කතානායක කරු ජයසූරිය මහතා දේවත්වයෙන් සැලකිය යුතු ශ්‍රීමත් අනගාරික ධර්මපාලත සහ නිදහස් අධ්‍යාපනයේ පියා වූ ශ්‍රීමත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර වැනි උත්තමයන්ගේ පවා දේශපාලන ජීවිතය විනාශ කළ ගුණ මකුවන් මේ රටේ සිටී එවැනි දේ තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි ද තරයේ කියා සිටියේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සාධාරණ සමාජයක් ප්‍රාර්තනය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවර මාදුළුවාවේ ශ්‍රී සෝභිත මහා නා හිමියන් අපවත් වී වසර 5ක් ගතවීම නිමිත්තෙන් කොළඹ, අමරසේකර මාවතේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඉරිදා (08) පැවැති ගුණ සමරු උත්සවයේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද කීය.     

මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්  රැකදීමටත්, යුක්තිය, සාධාරණය රජයන සමාජයක් බිහි කිරීමටත්,මෑත යුගයේදී ශ්‍රී ලංකාව තුළ කැපවීමකින් සහ දැඩි අධිශ්ඨානයකින් යුක්තව ක්‍රියා කළ අති ගෞරවණීය මහා තෙරුන් වහන්සේ නමක් සැමරීම සඳහා අද මේ අවස්ථාව අප උදා කර ගන්නවා.

අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේ අපවත් වී අදට පස් වසරක් සපිරෙනවා. උන්වහන්සේගේ ගෞරවනීය චරිතයේ පසඟ පිහිටුවා වැඳුම් ලබා ගැනීමට සුදුසු උත්තරීතර ගුණාංග පිරී තිබුණා.

වාරියපොල ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද, වල්පොල ශ්‍රී රාහුල වැනි ඈත සහ මෑත යුගයන්හි වැඩ සිටි මහා සංඝ පීතෘවරුන් සිහිපත් වන බොහෝ ගුණාංග එකට කැටි කොට සලකා බලන කල්හි මෑත යුගයේ අපගේ මාතෘ භූමියට සුවිශාලතම බලපෑමක් සිදු කරන ලද බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ අපට හදුනා ගත හැකියි.

සිය ජීවිත කාලය පුරා අවංක වූ ජාතික හැගීමකින් කටයුතු කළ උන්වහන්සේ ජාතික, ආගමික සහ සංස්කෘතික වශයෙන් මේ රට අභියෝගයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම රට වෙනුවෙනුත් රටේ සමස්ත ජනතාව වෙන්වෙනුත් පෙරමුණට සැපමිණ මේ රටේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් නොපැකිළවම පෙනී සිටියා.

2015 වසරේදී මේ රටේ සිදුවූ දේශපාලන පරිවර්ථනය එහි සුවිශේෂී ප්‍රතිළුලයක් ලෙස හැඳින්විය හැකිය. ඒ වනවිට 2/3ක බලයක් අත් පත් කර ගෙන පැවැති බලගතු රාජ්‍ය යාන්ත්‍රණයක් මේ රටේ ජනතාව විසින් වෙනස් කරනු ලද්දේ ජාති, ආගම් සහ පක්ෂ භේදයකින් තොරව උන්වහන්සේ රට පෙරට තබා ගනිමින් සිදු කරන ලද මඟ පෙන්වීමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. ජනතාවගේ බුද්ධිය අවදි කිරීමට තරම් උන්වහන්සේගේ හඬ බලවත් වූ හෙයිනි. මේ රටේ ජනතාව උන්වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් සහ විශ්වාසයක් තබා පැවති හෙයිනි.

මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන් වහන්සේ  කිසිවිටක ධනය, බලය සහ කීර්තිය පිටු පස හඹා ගියේ නැහැ. අවම වශයෙන් උන්වහන්සේට මහත් ගෞරවයෙන් යුතුව පුද දෙනු ලැබූ සාසනික තානාන්තර කිසිවක් පවා පිළි ගැනීමට උන්වහන්සේ කිසිදු කැමැත්තක් දැක් වූයේ නැහැ. උන්වහන්සේ ගත කළේ ආදර්ශමත්, අල්පේච්ඡ ජීවිතයක් බව කිව යුතුයි. අප උන්වහන්සේට ඇලුම් කළේ, ගරු කළේ, පසු පස ගියේ ඒ උතුම් ගුණාංග අප අගය කළ නිසායි.

2012 මැයි 29 දින කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී සෝභිත නා හිමි 70 වන ජන්ම දින සැමරුමට අප ද සහභාගී වුණා. ඒ අවස්ථාව වන විට ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සහ මිනිස් නිදහස ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබුණා. යුක්තිය සහ සාධාරණත්වය යට කර ගෙන යුක්තිය සහ අසාධාරණය රජ වෙමින් තිබුණා.

මේ ගැන කලකිරීමට පත්ව සිටි අප මා හිමිපාණන් වහන්සේ සිය හඬ බලවත් ලෙස අවදි කිරීමට එම මොහොතේ රට-ජාතිය හමුවේ ප්‍රතිඥාවක් දෙනු ලැබුවා.
එදින මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමිපාණන්ගේ දේශනයේ ප්‍රධාන තේමාව වූයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකි අසීමිත බලතල ඇති, විධායක ජනාධිපති පදවිය ජනතාවට පිළිලයක් බවයි.

එම නිසා අනාගතයේ දී විධායක ජනාධිපති පදවිය අහෝසි කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක දීමට ජීවන පරිත්‍යාගයෙන් කටයුතු කරන බවට එහිදී අවධාරණය කර සිටී මාදුළුවාවේ සෝභිත නා හිමියන් ඒ සදහා ජාති, ආගම් සහ දේශපාලන භේදයෙන් තොරව තමාට සහය ලබා දෙන්නැයි සමස්ත මහා සඟරුවන ප්‍රධාන සර්වාගමික නායකයින්ගෙන් සහ දේශයට ලැදි සියලු ජන කොටස්වලින් ඉල්ලා සිටී ආකාරය අපට මේ මොහොතේ සිහිපත් වනවා. 

එදින රාත්‍රී උන්වහන්සේට ගරු කළ අනුගාමිකයින් නා හිමිපාණන් බැහැදැක එම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සදහා අපගේ පූර්ණ සහයෝගය සහ කැපවීම සහතික කර ඒ වෙනුවෙන් විවිධ යෝජනාද ඉදිරිපත් කරමින් උන්වහන්සේට ශක්තිය ලබාදීමට ප්‍රභූ ජන සම්භාරයක් ඉදිරිපත්වීම රටේ වාසනාවක් බව කිව යුතුයි.

ඊට දින කිහිපයකට පසු මුළු රටේම මහා සංඝ රත්නය නියෝජනය කරමින් නා හිමිපාණන් වහන්සේලා 60ක් පමණ කොළඹට වැඩමවා උන්වහන්සේලාගේද ආශිර්වාදයෙන් "සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය" බිහි කළා. බලවත් සහ ඒකාධිපති පාලන තන්ත්‍රයක් වෙනස් කිරීමට හැකිවූ ජාතික බලවේගයක් බිහි වූයේ මේ අයුරිනි.

එදා සිට 2015 ජනාධිපති මැතිවරණය පැවැත් වෙන තුරු දිවයිනේ විවිධ පෙදෙස්වලට වැඩමවමින්, මහා සංඝ රත්නයේ පූර්ණ සහාය ලබා ගනිමින් මේ රටේ විවිධ මතවාද දැරූ නොයෙකුත් දේශපාලන ප්‍රවාහයන් එක් රැස් කර ගනිමින් ජාති හිතෛෂි ජනතාවගේ පූර්ණ ශක්තිය ලබා ගෙන උන්වහන්සේ කළ මහා කැපවීම අප ගෞරවයෙන් සහ භක්තියෙන් සිහි කරමු.

එමෙන්ම විවිධ අවස්ථාවල උන්වහන්සේගේ ජීවිතයට තර්ජන ඇතිවූ අවස්ථාද අප සඳහන් කළ යුතුව තිබෙනවා. වරක් උන්වහන්සේ ගමන් කළ වාහනය හප්පා ජීවිත තර්ජනයක් ඇති කළ ආකාරයත්, වස විස දීමට ගත් අසාර්ථක උත්සහයද අපට අමතක කළ නොහැකියි. මේ සම්භාවනීය සහ උත්තරීතර අවස්ථාවේ දී අප බලාපොරොත්තුවන්නේ උන්වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරන ගමන්ම උන්වහන්සේට සිදු වූ සිත් වේදනාවන්ට අපහාස සහ ආසාධාරණයන් වෙනුවෙන් උන්වහන්සේගෙන් සමාව අයැදීමටයි.

ගෞරවණීය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමිපාණන් වහන්ස..,ඔබ වහන්සේ අවවාද අනුශාසනා සහ නායකත්වය හේතුවෙන් මේ රටේ පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති වුණා. විවිධ පුද්ගලයින් ඔබ වහන්සේට පිං සිදු වන්නට විවිධ වූ තානාන්තර ලබාගත්තා. ඔබ වහන්සේ අපවත් වූ පසු එම ශ්‍රී දේහය ඉදිරිපිට නොඉටු වුණ පොරොන්දු ඉටු කිරීමට ප්‍රතිඥා ලබා දුන් බව අප කවුරුත් දන්නවා. ඒ ගැන කතා කිරීම අපටත් වේදනා ගෙන දෙන කරුණක් බව කිව යුතුයි. සමහරුන්ට ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම අමතක වුණා. 

දේවත්වයෙන් සැලකිය යුතු ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සහ නිදහස් අධ්‍යාපනයේ පියා වන ශ්‍රීමත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමන් වැනි අයගේ දේශපාලන ජීවිතය විනාශ කළ පුද්ගලයින්ද මෙරට සිටි නිසා එවැනි ගුණමකු ක්‍රියා අපට වටහා ගත හැකියි. එහෙත් එවැනි දේ තවදුරටත් ඉවසා සිටිය නොහැකියි.  

එහෙත් ශ්‍රී ලංකාව 2015 – 2016 මුල් අවුරුදු දෙක ඇතුළත ලෝක ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වූයේත් ලෝකයේම ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක නායකයින් අපට ගරු කළේත් ඔබ වහන්සේගේ දර්ශනය නිසයි. ඒවා දැකීමට ඔබ වහන්සේට නොහැකි වුණා.
ඊට පසුව ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබූ අසමගිය නිසාත් රටේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය ගැනත් අපි දුක් වූවෙමු. කම්පාවට පත් වූවෙමු.
ඒ ගැන ඔබ වහන්සේගෙන් ද සමාව අයැද සිටින්නෙමු.

ඔබ වහන්සේගේ අපවත්වීමෙන් පසු දේශපාලනයේ සහ රටේ සාරධර්ම පිරුහුණු ආකාරයත්, සමහරුන් ජාතිය-ආගම තිය දඩ මීමා කර ගෙන ජනතාව නොමඟ යැවූ ආකාරයත්, විවිධ අසත්‍ය වාර්තා පතුරුවමින් ආගමික මධ්‍යස්ථාන පටු දේශපාලන කටයුතු සඳහා යොදා ගත් ආකාරයත්, නාග ලොවින් නයි ගෙනවිත් උවැසි උවැසියන් මුලා කළ ආකාරයත් ගැන අද අපව වඩාත්ම දැනුම්වත් කරන්නේ මහා සංඝරත්නයයි.

සත්‍යය යම් දිනක එළිවන බව අපි දනිමු. ඉහත කරුණු ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරමින් දහස් සංඛ්‍යාත මහා සංඝ රත්නයත්, ගිහි ජනතාවත් අපව දැනුම්වත් කරන බව ඔබ වහන්සේට දන්වන්නේ ඉතා නිහතමානී ලෙසයි. ගෞරවනීය නා හිමිපාණන් වහන්ස.., අපි ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කළත්, ඔබ වහන්සේගේ දර්ශනය නැවතත් අවශ්‍ය වන්නේ බොරුවෙන්, වංචාවෙන්, අසාධාරණයෙන්, අයුක්තියෙන් මුළා කෙරුණු සමාජයක් නැවතත් හරි මඟට ගෙන ඒමටයි.

ඒ පිළිබදව අවබෝධයක් සහිත මේ රටේ යුක්ති ගරුක ජනතාව කල් නොයවාම  මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමියන්ට ලබා දිය යුතු නිසි ගෞරවය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. නා හිමිපාණනි, අපගේ එම උතුම් පරමාර්ථය ඉටු කර දෙනු මැන. ඒ නූපන් පරපුර වෙනුවෙනි. අපගේ මෙම උත්සාහය උන්වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක්ම වේවා..!

Remarks by Hon. Karu Jayasuriya, former Speaker and the Chairman of the National Movement for a Just Society on the fifth-year commemoration of late Venerable Maduluwawe Sobitha Thero on 08 November 2020.

Today is an opportunity to commemorate a Most Venerable Thero, who has worked tirelessly with sheer determination in recent times to protect the democratic rights of the people of this country and to create a society where justice and fairness reigned.

It has been five years since the death of the Most Venerable Maduluwawe Sobitha Thero. His honorouble character was full of sublime qualities that demonstrated his infallible rectitude.
We can identify him as a great follower of the Buddhist philosophy who had a colossal impact on our motherland in recent times, espousing the many qualities displayed by revered theros of the bygone era such as Wariyapola Sri Sumangala, Migettuwatte Sri Gunananda and Walpola Sri Rahula.

Throughout his lifetime, he has acted with a sincere sense of nationalism, and whenever he was faced with challenges, be it national, religious or cultural, he always stepped up and represented the national aspirations of the country without any hesitation.

One such instance was the political transformation that took place in this country in 2015. The people of Sri Lanka managed to change a powerful regime that had then gained a two-thirds majority. This was a result of him placing the country at the forefront irrespective of race, religion or party affiliation and leading the people towards that change.  His voice was instrumental in awakening the minds of the people. It was due to the resounding admiration and appreciation he received from the people in this country.

The Venerable Thero never pursued wealth, power or fame. At the very least, he was even unwilling to accept any of the religious titles bestowed upon him. He lived an exemplary and humble life. We revered, respected, and followed him because we valued those noble qualities.

We also participated in the 70th birth anniversary celebrations of the Most Venerable Sobitha Thero that was held on 29 May 2012 at the BMICH. At that time, the very fabric of our democratic heritage was under threat and personal freedoms were in complete disarray. Justice was undermined and injustice prevailed. Disappointed at these developments, the Most Venerable Thero, at that moment, pledged to raise his voice against these injustices.

On that day, the main theme of his lecture was on how the executive presidency, a political system that was unique to Sri Lanka which possessed unlimited power, had turned into a parasite.
As such, we recall how he made an emotional appeal to all segments of the clergy, other religious leaders as well as all patriotic communities in the country to support him in his endeavour to abolish the executive presidency and to safeguard democracy.

On the same night, the Venerable Thero was visited by his followers. The fact that he was assured of their unwavering support and commitment to make the movement a success while submitting various proposals was a testament to the trust they had placed in him. It was also the country's good fortune that a large number of people had come forward to support him.
A few days later, about 60 Buddhist monks representing the Maha Sangha arrived in Colombo and with their blessings, the 'National Movement for a Just Society' was born. This is how a national movement that was able to create a regime change was formed.

From that time until the 2015 Presidential Election, we respectfully and devoutly remember his great commitment, visiting all corners of the island, with the full support of the Maha Sangha, uniting various ideological and political movements in this country and amalgamating the patriotic people under one banner. Furthermore, we should also mention the myriad of occasions when his life was under threat. We cannot forget how his life was placed in danger once as the vehicle in which he was travelling was subject to a hit and run. We can't forget the failed attempt to poison him.
With today's press briefing, while commemorating the Most Venerable Thero, we hope to apologise to him for the many insults and injustices he had endured.

The Most Venerable Thero, Due to your advice, guidance and leadership, there was a regime change. Many people secured various positions because of you. It is a known fact that after your death, pledges were made to fulfill the promises that were yet to be realised. Talking about it hurts us too. Some have completely forgotten you. As there were prior instances of people who had ruined the political lives of Anagarika Dharmapala, one of the most revered figures in our country and Sir CWW Kannangara, the father of free education, it was not a surprise. But such things can no longer be tolerated.

However, it was due to your philosophy that Sri Lanka was lauded by the international community, including the United Nations and world leaders, for having one of the most exemplary democracies in the world during the first two years of that administration from 2015-2016. But you were not able to see that. Thereafter, we were saddened by the unfortunate situation that arose in the country due to the disagreements within the government. We were shocked. We apologise to you for that.

After your demise, it has been clear to all how politics has degraded the values of our country, how some misled the masses by exploiting race and religion, how religious centres were used to propagate petty political agendas by spreading various misinformation, and how people were deceived by the snake king that manifested inside a bottle. Today, it is the Maha Sangha that exposes such incidents.

We know that the truth can never be suppressed and will come out one day. It is with great humility that I inform you that the aforementioned facts are being brought to light by the thousands of members of the Maha Sangha and the general public in remembrance of your great name. The Most Venerable Thero, although we wish that you attain nirvana, your philosophy is very much required to restore a society that has been hoodwinked by lies, injustice and deceit. Therefore, we are hopeful that the people who are aware of these developments and value a just society will soon accord him the respect that he deserves. Venerable Thero, may you help us to fulfil that noble aspiration. It is for the generation that is yet to be born. May this endeavor of ours be a tribute to his name!
 

Advertiesment