Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


COVID එක්ක ජීවත් වෙමින් මරණයෙන් ගැල වෙමු


2020-11-07 1357

සිය දිවි නසා ගැනීම හෙවත් COVID-19

 

සබන්  යොදා දෑත නොසේදිමෙන් මරු කටට වැටෙන හැටි මෙන්න 

 

වසංගතවේදයට අනුව COVID -19 කියවමු

 

  
(දේශප්‍රිය නානායක්කාර)
 

ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස්(Description Hippocrates of Kos, also known as Hippocrates II,) ඇතැම් අවස්ථාවලදී වසංගත වේදයෙහි පියා ලෙස හැදින්වේ.රෝගවල ඇති වීම සහ ඒ සදහා අවට පරිසරයෙහි ඇති බලපෑම පිළිබදව ඇති සම්බන්ධතාව මුල් වරට නිරීක්ෂණය කළ පුද්ගලයා වූයේ ඔහුය. ඔහු විසින් යම්කිසි ප්‍රදේශයකට පමණක් ආවේනික වූ ඒක දේශික රෝග තත්වයන් සහ වසංගත රෝග පිළිබඳව සොයා ගැනීම් සිදුකරන ලදී. රෝගවල මුලාරම්භය පිළිබදව මුල් යුග වලදී පැවති සිද්ධාන්තයක් වනුයේ එය මිනිසුන්ගේ අති සුඛෝපභෝගි ජීවිතවල ඇති වරදක් නිසා මූලික වශයෙන් ඇති වූවක් බවයි.

මෙය ප්ලේටෝ( Plato ) ප්‍රධාන  දාර්ශනිකයන් සහ ජොනතන් ස්විෆ්ට් (Jonathan Swift )වැනි සමාජ විචාරකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.මධ්‍යයතන ඉස්ලාමික ලොවෙහි විසූ ඉස්ලාම් ජාතික වෛද්‍යවරුන් ආසාදිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලදී. පර්සියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඇවිසෙනා ( Ibn Sina (Persian: also known as Abu Ali Sina  Pur Sina and often known in the West as Avicenna c. 980 – June 1037 ) නූතන වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත පද්ධතියෙහි හැදින්වේ. ඔහු විසින් ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලද අතර ජලය, පස් හා සිරුරෙන් ස්‍රාවයවන අපවිත්‍ර වූ ද්‍රව්‍යය මගින් රෝග බෝකිරීමට හැකියාව ඇති බව සොයා ගන්නා ලදී. ඔහු රෝග බෝවීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රම, ඒ සදහා ඇති අවධානම් සාධක අධ්‍යයනය කිරීම සහ යම්කිසි රෝගයක් හදුනා ගැනීම පිළිබදව ක්‍රම ඉදිරිපත් කරන ලදී. 14 වන ශත වර්ෂයේදී මහාමාරිය මගින් අල් අන්ඩාලුස් ප්‍රදේශයෙහි කළු මරණ සංඛ්‍යාව ඉහළ යත්ම ඉබන් කාටිමා( Ibn Khatima ) විසින් කරන ලද උපකල්පනයක් වූයේ ආසාදිත රෝග ඇති වනුයේ මිනිස් සිරුර තුළට ඇතුළු වන ඉතා කුඩා අංශු විශේෂයක් නිසා වන බවයි. 

 

"Ibn Sina (Persian: also known as Abu Ali Sina  Pur Sina and often known in the West as Avicenna c. 980 – June 1037), was a Persian , polymath who is regarded as one of the most significant physicians, astronomers, thinkers and writers of the Islamic Golden Age, and the father of early modern medicine.Sajjad H. Rizvi has called Avicenna "arguably the most influential philosopher of the pre-modern era". He was a Muslim Peripatetic philosopher influenced by Aristotelian philosophy. Of the 450 works he is believed to have written, around 240 have survived, including 150 on philosophy and 40 on medicine. His most famous works are  The Book of Healing, ( Published 1027 (Arabic) a philosophical and scientific encyclopedia, and The Canon of Medicine, a medical encyclopedia which became a standard medical text at many medieval universities and remained in use as late as 1650.- Besides philosophy and medicine, Avicenna's corpus includes writings on astronomy, alchemy, geography and geology, psychology, Islamic theology, logic, mathematics, physics and works of poetry"

14 වන ශතවර්ෂයේ විසූ අරාබි ජාතික වෛද්‍යවරයෙකු වූ ඉබන් අල් කාටිබ් විසින් (1313 – 1374) රචිත මහාමාරිය ( Muqni'at al-Sā'il 'an al-Maraḍ al-Hā'il), (ca.753/1362), ) පිළිබදව වූ නිබන්ධයෙහි සටහන් වනුයේ ඇදුම් පැලදුම්, පරිහරණය කරන ද්‍රව්‍ය හා ආභරණ මගින් එක් රෝගියෙකු‍ෙගන් තවත් කෙනෙ‍කුට ස්පර්ශය මගින් රෝග බෝ කිරීමට හැකියාව ඇති බවයි.16 වන ශතවර්ෂයෙහි මැද භාගයේදී විසූ ෆ්ලෝරන්ස් ප්‍රදේශයෙන් පැමිණි ප්‍රසිද්ධ ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝ ( Girolamo Fracastoro )විසින් යෝජනා‍ කරන ලද සිද්ධාන්තයක් වූයේ ඉතා කුඩා ඇසට නොපෙනෙන ජීවී අංශු මගින් රෝග ඇති කරන බවයි. උක්ත ජීවි අංශු වාතය මගින් ව්‍යාප්ත වීමට හැකි අතර ස්වයං ගුණනය වීමට හැකියාව ලබමින් ව්‍යාප්ත වීමට හැකිමුත් ගින්දර මගින් විනාශ කළ හැකි බවට ඔවුන්ගේ විශ්වාසය වී ඇත. 1546 දී ඔහු  De Contagione et Contagiosis Morbis (1546) නම් ග්‍රන්ථය රචනා කරන ලදී. එකල ඔහුගේ සිද්ධාන්ත මත පදනම් ව පෞද්ගලික සහ පාරිසරික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට මුල්ම පුරෝගාමියා වූයේ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝමයැ .

මෙම සිද්ධාන්ත 1675 දී ඇන්ටන් වෑන් ලීවන් හුක් (Antonie van Leeuwenhoek) සහ රොබට් හුක් Robert Hooke විසින් මුල්ම අන්වීක්ෂය සොයා ගන්නා තෙක්ම ඔප්පුකල නොහැකි විය.

ආධුනික විද්‍යාඥයකු වූ ජෝන් ග්‍රාන්ට් (John Graunt (24 April 1620 – 18 April 1674) has been regarded as the founder of demography.) 1662 දී "Natural and Political Observations … upon the Bills of Mortality " නම් කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් ඔහු මහාමාරිය රෝගය ඇති වීමට ප්‍රථම ලන්ඩනයේ මරණ අනුපාතය අධීක්ෂණය කරන ලද අතර අද්‍යතන සහ පැරණි බොහොමයක් රෝගවල කාලයට අනුව ඇතිවන ප්‍රවණතාවය ජීවී දත්ත වගු ආශ්‍රීතව වාර්තා කරන ලදී.  ඔහු රෝග පිළිබදව වූ විවිධ සිද්ධාන්තයන් සදහා සංඛ්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළ අතර ඇතැම් ඒවා පිළිබදව පුළුල්ව ව්‍යාප්තව පැවති මති මතාන්තර නිෂ්ප්‍රභා කරන ලදී.1854 දී ලන්ඩනයේ සොහෝ දිස්ත්‍රික්කයේ( (now Broadwick Street) වසංගත රෝගයක්ව පැවති කොළරාව මර්දනය කිරීමට පුරෝගාමි වූ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූයේ වෛද්‍ය ජෝන් ස්නෝය(John Snow (15 March 1813 – 16 June 1858) රෝගය ව්‍යාප්ත වීමට හේතුව මාර්ගවල පැවති පොදු ජල කරාමයක් බව ඔහු හඳුනා ගත් අතර එය ඉවත් කිරීම මගින් වසංගත රෝග තත්වය නිමා කිරීමට හැකියාව ලැබුණි. (වෛද්‍ය ස්නෝ විසින් ඉහත කී ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාව වන විට වසංගත රෝග තත්වය ස්වභාවිකවම නිමාවෙමින් පැවතිණි ද යන්න පිළිබදව ප්‍රශනාර්ථයක් ද පවතී. ) උක්ත තත්ත්වය  ඉතිහාසය තුළ ප්‍රජා සෞඛ්‍ය පිළිබදව සිදු වූ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන අතර වසංගතවේදය (Epidemiology) නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම උක්ත හේතුවෙන් ඇති වී යැයි බහුතර පිළිගැනීම වී ඇත. 

 

"Ignaz Philipp Semmelweis (German:Hungarian: Semmelweis Ignác Fülöp; 1 July 1818 – 13 August 1865) was a Hungarian physician and scientist, now known as an early pioneer of antiseptic procedures. Described as the "saviour of mothers",Semmelweis discovered that the incidence of puerperal fever (also known as "childbed fever") could be drastically cut by the use of hand disinfection in obstetrical clinics. Puerperal fever was common in mid-19th-century hospitals and often fatal. Semmelweis proposed the practice of washing hands with chlorinated lime solutions in 1847 while working in Vienna General Hospital's First Obstetrical Clinic, where doctors' wards had three times the mortality of midwives' wards.He published a book of his findings in Etiology, Concept and Prophylaxis of Childbed Fever.Despite various publications of results where hand washing reduced mortality to below 1%, Semmelweis's observations conflicted with the established scientific and medical opinions of the time and his ideas were rejected by the medical community.He could offer no acceptable scientific explanation for his findings, and some doctors were offended at the suggestion that they should wash their hands and mocked him for it. In 1865, the increasingly outspoken Semmelweis supposedly suffered a nervous breakdown and was committed to an asylum by his colleagues. He died 14 days later after being beaten by the guards, from a gangrenous wound on his right hand which might have been caused by the beating. Semmelweis's practice earned widespread acceptance only years after his death, when Louis Pasteur confirmed the germ theory, and Joseph Lister, acting on the French microbiologist's research, practised and operated using hygienic methods, with great success"         

මේ හා සම්බන්ධ ඉතා වැදගත් වෛද්‍යවරයෙකු වන්නේ හංගේරියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඉග්නාස් සෙමෙල්විස් ය. (Ignaz Philipp Semmelweis was a Hungarian physician and scientist, now known as an early pioneer of antiseptic procedures. Described as the "saviour of mothers") " මව්වරුන්ගේ ගැලවුම්කරුවා" යන විරුදාවලියට හිමිකම් ඇති ඔහු 1847 දී වියානාවෙහි රෝහල්වල ළදරු මරණ ( puerperal fever (also known as "childbed fever") අනුපාතය විෂබීජ මරණ ක්‍රමෝපායන් හදුන්වාදීම මගින් අවම කරන ලදී. 19 වන සියවසේ මැද භාගයේ රෝහල්වල  ළමා උණ බහුලව පැවති අතර බොහෝ විට මාරාන්තික විය. 1847 දී වියානා මහ රෝහලේ පළමු ප්‍රසව හා නාරිවේද සායනයේ සේවය කරමින් සිටියදී ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවණවලින් අත් සේදීමේ පුරුද්ද සෙමෙල්විස් විසින් යෝජනා කරන ලදී. ඔහුගේ සොයා ගැනීම් 1850 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඔහුගේ සමකාලීනයන් විසින් ඔහු කල මෙහෙය එතරම් ඇගයීමකට ලක් නොකළ අතර උක්ත ක්‍රමවේදය වන ක්ලෝරිනීකෘත හුණු ද්‍රාවණවලින් අත් සේදීමේ යෝජනාව නොහොත් පුරුද්ද පවත්වාගෙන නොයන ලදී. නමුත් ඉන් වසර ගණනාවකට පසු වෛද්‍ය ඉග්නාස් සෙමෙල්විස්ගේ යෝජනාව ලොව පුරා පිළිගැනීමට ලක් විය.

 

 

16 වන ශතවර්ෂයෙහි මැද භාගයේදී විසූ ෆ්ලෝරන්ස් ප්‍රදේශයෙන් පැමිණි ප්‍රසිද්ධ ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝ ( Girolamo Fracastoro )විසින් යෝජනා‍ කරන ලද සිද්ධාන්තයක් වූයේ ඉතා  කුඩා ඇසට නොපෙනෙන ජීවී අංශු මගින් රෝග ඇති කරන බවයි. ඒවා වාතය මගින් ව්‍යාප්ත වීමට හැකි අතර ස්වයං ගුණනය වීමට හැකියාව ලබමින් ව්‍යාප්ත වීමට හැකිමුත් ගින්දර මගින් විනාශ කළ හැකි බවට ඔවුන්ගේ විශ්වාසය වී ඇත. 

 

 

"Girolamo Fracastoro (Latin: Hieronymus Fracastorius; c. 1476/8 – 6 August 1553 was an Italian physician, poet, and scholar in mathematics, geography and astronomy. Fracastoro subscribed to the philosophy of atomism, and rejected appeals to hidden causes in scientific investigation. His studies of the mode of syphilis transmission are an early example of epidemiology"

අද්‍යතන ශ්‍රී ලාංකේය ජනසමාජයේ සෑම රටවැසියෙක්ම මේ අවස්ථාවේ "සබන් යොදා" අත්සේදීමෙන් මව්වරුන්ගේ පමණක් නොව ජාතියේම ගැළවුම්කරුවන් බවට පත් වනු ඇත. බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝසප් ලිස්ටර් ( Sir Joseph Lister,) විසින් 1865 දී ලුවී පාස්චර්ගේ ( Louis Pasteur was a French biologist, microbiologist, and chemist renowned for his discoveries of the principles of vaccination, microbial fermentation and pasteurization.) සොයා ගැනීම් අනුව යමින් විෂබීජ නාශක ද්‍රව්‍යයන් හදුන්වා දෙන තෙක්ම ඒවා බහුල වශයෙන් භාවිතා නොවීය. 20 වන ශත වර්ෂයේ මුල භාගයේදී රොනාල්ඩ් රෝස්,( Sir Ronald Ross ) ඇන්ඩර්සන් ග්‍රේ මැකෙන්ඩ්‍රික් (Anderson Gray McKendrick) සහ අනෙක් අය විසින් වසංගත වේදය සදහා ගණිත ක්‍රම හදුන්වාදෙන ලදී.
 

 

 

Advertiesment