Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


එක කෙළ බිඳුවක වෛරස බිලියනයක්


2020-11-02 3926

මෙවර මෙරට තුළ ව්‍යප්ත වී තිබෙන COVID-19 වෛරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන අතර ගියවර වෛරසය ශරීර ගතවූ අයෙක්  කහින විට හෝ කිවිසුමක් පිට කරද්දී එම කෙල බිදුවේ වෛරස් කොටස් ලක්ෂයක් තිබුණා නම් මෙවර එය මිලියනය, බිලියනය දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය  අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජිව මුණසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

මාධ්‍යයට ඊයේ (1 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් ලේකම්වරයා මේ බව පැවැසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ​ලේකම්වරයා:

මෙම වෛරසය ඉතාම  වේගයෙන් ගමන් කිරීමට හැකියාවක් ඇති අතර ඒ සමගම  ඔබත් ගමන් කරන්න ගත හොත් ඒ වේගය දෙගුණ තෙගුණ වෙයි. සමහරවිට මුළු රටටම පැතිරෙන්න ඉඩ තිබෙනවා. 

මෙම වෛරසය ඉතාම භයංකර තත්වයේ පවතින බැවින් බැවින්   ඔබගේ   ගමන් බිමන් අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් සිමා කර නිවෙස්වලට වී සිටින ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.  

කුඩාම දරුවන්ට  සහ වැඩිහිටියන්ට මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඉතාම අවම මට්ටමක පවතින අතර දියවැඩියාව,අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ වැනි නිදන්ගත රෝගී තත්වයන්ගෙන් පෙලෙන අයට ද මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් නොමැති බව ද පරීක්ෂණවලින් දැනට සොයාගෙන ඇත.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පවත්නා කාලයේ යම්කිසි රෝග ලක්ෂණයක් ඇති වුවහොත් 011-7966366 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත්, එවිට ඔබ වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කිරීමට කටයුතු කරනු ලබන බවත්, රෝග ලක්ෂණ සොයා බලා පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය පහසුකම් සපයන බවත් ලේකම්වරයා වැඩි දුරටත්  ප්‍රකාශ කර සිටියේය.

Advertiesment