Tuesday 24th of November 2020

English Tamil
Advertiesment


බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ


2020-11-01 3232

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ.

Covid-19   පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (1) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව තවත් ප්‍රදේශ කිහිපයකට ද අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව ද මෙහිදී  යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.

අලුතින් ඇදිරිනීතිය පැනවෙන ස්ථාන මෙසේය

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
ඇහැලියගොඩ පොලිස් වසමට හෙට (02) උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
කුරුණෑගල නගර සභා සීමාවට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
කුලියාපිටිය පොලිස් වසමට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා

 


 

 

 

 

-වීඩියෝ අනුග්‍රහය News 1st-

Advertiesment