“හොඳ වැඩේ", "මක්කැයි කියන්නේ", "ගහනවැයි ගේමක්" යන වචන ඇහෙද්දි මතක් වෙන නළුවා කවුදැයි ඇහුවොත්.... කතා දෙකක් නෑ ඔබ කියන්නේ එකම නමයි. ඒ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. මෑත කාලයේ ඉසුරු වඩාත් ජනප්‍රිය නළුවෙක් බවට පත් කළ ‘සඳ හැංගිලා‘යන ටෙලි නාට්‍යයේ ඔහු කතා කරන දකුණේ භාෂා ස්වරූපය අනුකරණය කරන්නත් සමහරු පෙලඹුණා. රංගන ගමන් මගේ සාර්ථකව ගමන් කරන නළුවන් අතරේ පෙරමුණේ සිටින ඉසුරු දැන් පැහැදිලි අනාගතයක් ඇති චරිතාංග නළුවෙක් ලෙසද කැපී පෙනෙනවා.
ඔව්. වෘත්තියක් විදිහට ස්ථාවරයි. වසර ගණනාවක් තිස්සේ මම කන්නෙ බොන්නෙ, යාන වාහන ගන්නේ, මවුපියන්ට සලකන්නේ රඟපාලා උපයන මුදල් වලින්. එහෙම බලනකොට මම ස්ථාවර තැනෙක ඉන්නවා. නමුත් රංගනයේ මගේ අරමුණු තියෙනවා.
හොඳ නළුවෙක් චරිත පිපාසෙන් පෙළෙනවා. මමත් එහෙමයි. සිනමාවේ සහ ටෙලි නාට්‍යවල තව තව චරිත කරමින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න එපායෑ.
රංගනය වෘත්තීය කරගන්න කලින් මමත් හමුදාවේ හිටියා. අලෙවිකරණය සම්බන්ධ රැකියාවල, ව්‍යාපාරවල යෙදුණා. නමුත් මම රංගනය තරම් ඒ කිසිම දේකින් ආත්ම තෘප්තියක් ලැබුවේ නැහැ. සමහරු කියනවා තමයි මැරෙනකම්ම මේ වෘත්තියේ නියැළිලා ඉන්න බෑ කියලා. නමුත් මං හිතන්නේ ඒකෙ අනික් පැත්ත. මට පුළුවන් මැරෙනකම්ම රඟපාන්න.
මම දැකලා තියෙනවා අපේ පරපුරේ සමහර අය ව්‍යාපාර සඳහා යොමු වෙනවා. ඒ වුණාට මට එහෙම කරන්න අමාරුයි. මගේ වෘත්තියට සාධාරණයක් නොකර වෙන දේවල්වලට ඔළුව යොමු කළොත් මගේ අරමුණු ඔක්කොම අසාර්ථකයි. ඒ නිසා රඟපාන ගමන් වෙන කිසිම වෘත්තියක හෝ ව්‍යාපාරයක නොයෙදෙන්නයි මගේ තීරණය.
ඒක ඇත්ත. සුදත්ත තිලක්සිරි අධ්‍යක්ෂණය කළ ‘සඳ හැංගිලා‘නාට්‍යයේ නාරද කියන්නේ දකුණේ කොල්ලෙක්. “හොඳ වැඩේ“, “මක්කැයි කරන්නේ‘ වගේ වදන් ගොඩක් ඔහු නිතරම භාවිත කරනවා. මමත් දකුණෙ කොල්ලෙක් නිසා මට ඒ චරිතය රහට කරන්න පුළුවන් වුණා. සමහරු ඒ නාරද ගේ වාක්‍ය ඛණ්ඩ යොදා ගෙන ෆේස්බුක් පෝස්ට් පවා නිර්මාණය කළා. මගේ රංගන ජීවිතයේ වඩාත්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් චරිතය නාරද.
ඒක එහෙම තමයි. ‘සඳ හැංගිලා‘ නාට්‍ය අධ්‍යක්ෂ සුදත්ත තිලක්සිරි තමයි මේ නාට්‍යයත් අධ්‍යක්ෂණය කරන්නේ. නාරද කියන චරිතයත් එහෙමම තියෙනවා. මම මේ නාට්‍යයේ ද්විත්ව චරිත රඟපාන නිසා අනෙක් චරිතය ඊට හාත්පසින්ම වෙනස්.
ගිය දෙසැම්බර් මාසේ මම විවාහ වෙනවා කියලත් කතාවක් ගියා. ඊට පස්සේ ජනවාරි මාසෙත් විවාහ වෙනවා කියලා කතාවකුත් පැතිරුණා. මං දන්නෑ කවුරු කොහොම ඕවා හදනවද කියලා. මගේ විවාහය නම් ඉතින් අද හෙට සිද්ධ වෙන එකක් නැහැ.
නළුවෙක්ට කොහොමත් කාන්තා ආකර්ෂණය තියෙනවා. නමුත් මගේ තාත්තා නිතරම කියන කතන්දරයක් තමයි විවාහය කලබලේ සිද්ධ වුණොත් නිවී සැනසිල්ලේ පසුතැවෙන්න සිද්ධ වෙයි කියලා. අනික නළුවෙක් කියද්දී වෙනම ප්‍රතිරූපයක් මැවෙනවා. නළුවා කියන පුද්ගලයාව ඔහුගේ සහකාරිය හොඳින් තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගැනීම රංගනය වගේ වෘත්තීයකට තදින් බලපානවා. ඒ නිසා මං කැමැති නෑ ඉක්මනින් කලබලෙන් විවාහ වෙන්න. නිවී සැනසිල්ලේ විවාහ වෙලා නිවී සැනසිල්ලේ ජීවිතේ විඳින්නයි මගේ බලාපොරොත්තුව.
සුදත්ත අයියාගේ ‘හොඳ වැඩේ‘, අරුණ ජයවර්ධන මහත්මයාගේ ‘සල් මල් ආරාමය‘,බුද්ධික ලොකුකැටිය අධ්‍යක්ෂණය කරන ‘පුලිඟු‘, සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන ‘ඇය‘ සහ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරන ‘රාවණා‘ දෙවෙනි කොටස. ඒ නිර්මාණවල තමා මං මේ දවස්වල රඟපාන්නේ.
සම්මාන කියන දේ සාපේක්ෂයි. මං කරපු චරිත ප්‍රේක්ෂකයන්ට සෑහෙන්න දැනිලා තියෙන වග මට අන්තර්ජාලයෙන් ලැබෙන ප්‍රතිචාර වලින්, මඟ තොටදී හමු වෙන අය මට කියන දේවල්වලින් හොඳාකාරව දැනෙනවා. මොනවා වුණත් සම්මාන උළෙලවල් වල විනිශ්චය මණ්ඩලයට මගේ රංගනය තවම දැනිලා නැතුව ඇති. ඒකයි මම තාම සම්මාන සඳහා නිර්දේශ නොවී ඇත්තේ.
Lanka Newsweek © 2021