Saturday 28th of November 2020

English Tamil
Advertiesment


හකීම් එක්ක තිස්සත් ආණ්ඩුවට පනී..?


2020-10-26 7178

තිස්සගේ භූමිකාව ගැන රංජිත්ට සැක හිතිලා 

 

ජාතික සංවිධායක වුණාට පක්ෂයට දායකත්වයක් නැහැලු 

 

හාරිස්ගේ ප්‍රකාශයෙන් හකීම්ගේ රෙදි ගැළ වෙයි

 

හකීම් වෙනුවෙන් තිස්ස රැස්වීම් 50ක් අමතලා

 

ලිපි දහස් ගණනක් යවලා 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 
 


රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමේ සිද්ධිය හේතුවෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ගැන ද එම පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ සැකයක් මතුව තිබේ.

ඊට හේතු වී තිබෙන්නේ තිස්ස අත්තනායක මහතා රාවුෆ් හකීම් මහතාගේ අති ජාත දේශපාලන මිත්‍රයෙකු වන අතර මහා මැතිවරණයේ දී සිංහල-බෞද්ධ අපේක්ෂකයින්ට එරෙහිව රාවුෆ් හකීම් මහතා මහා නුවර දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට කෙසේ හෝ පත් කර ගැනීමට තිස්ස අත්තනායක මහතා ඇප කැප වී ක්‍රියා කළ සිද්ධිය වේ.

මේ අතර මහනුවර, යටිනුවර, මහයියාවේ පිහිටි සිය දේශපාලන කාර්යාලය ද, මහා මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාට ලබා දීමට තිස්ස අත්තනායක මහතා පියවර ගෙන තිබූ අතර ඒ අනුව රාවුෆ් හකීම් මහතා සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යමින් එක්සත් ජාතික පක්ෂයේ සිංහල-බෞද්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දුන්නේ ද මෙම කාර්යාලය කේන්ද්‍ර කර ගෙනය.

එම මහා මැතිවරණ ව්‍යාපාරයේ දී රාවුෆ් හකීම් මහතා වෙනුවෙන් මහා නුවර දිස්ත්‍රික්කය පුරා මහා ජන රැස්වීම් 50ක් ඇමතූ තිස්ස අත්තනායක මහතා, සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ලිපි ශීර්ෂ යොදා ගෙන මහනුවර ජනතාවට දහස් ගණන් ලිපි යවමින් ඉල්ලා සිටියේ රාවුෆ් හකීම් මහතාට ඡන්දය ලබා දෙන ලෙසය.

මේ අතර සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන එම පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් සමග කියා තිබෙන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා පක්ෂයේ උන්නතියට දක්වන දායකත්වය ප්‍රමාණවත් නොවන අතර පක්ෂයේ විශේෂ සහ අතිශය වැදගත් රැස්වීමකට පැමිණියත් ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියා කරවමින් ඒ දෙස බලා සිටිනවා හැර කිසිවක් නොකරන බවය.

එපමණක් නොව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය උත්තරීතර මණ්ඩලයේ දී ඒකමතිකව තීන්දු කළ බව එම පක්ෂයේ නායක රාවුෆ් හකීම් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී කියා තිබෙන්නේ බොරුවට බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

රාවුෆ් හකීම් මහතා කළ එම බොරුව හෙළිදරව් වූයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ දී කිසිදු තීන්දුවක් නොගත් අතර ඒ සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බවට ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හාරිස් මහතා මේ වන විට කර ඇති ප්‍රකාශය වේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා සිය සමීපතම දේශපාලන ක්‍රියාකාරීන්ට පොරොන්දු වී ඇත්තේ ඒ අයට ඉතා ඉක්මනින් රජයේ ඉහළ තනතුරු ලබා දීමට හැකි වනු ඇති අතර ඒ ගැන බලාපොරොත්තුවෙන් සිටින ලෙසය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සමග එකට එක්ව මහා මැතිවරණ සමයේ සිටම සිදු කළ මෙම කුමන්ත්‍රණය, "අල්ලසින් මහනුවර අල්ලන හකීම්ගේ කුමන්ත්‍රණය එළියට" යන ශීර්ෂය යටතේ "lankanewsweek" හෙළිදරව් කළේ 2020.05.24 වැනිදා වන අතර එම ප්‍රවෘත්තිය ද මෙසේය.   

 

අල්ලසින් මහනුවර අල්ලන හකීම්ගේ කුමන්ත්‍රණය එළියට

 

ප්‍රා-මන්ත්‍රීන්ට රු.10,000 බැගින් අල්ලස් දෙයි
 

සිංහල බෞද්ධ මයන්තගෙයි-තිස්සගෙයි සහයත් හිමි වෙයි 
 

සමගි බලය සිංහල බෞද්ධ විරෝධී අන්තවාදයට ගොදුරු වෙලා  
 

සෙංකඩගල සිංහල බෞද්ධ පදනම වැනසීම අරමුණයි
 

හකීම් අල්ලස් දුන්නේ තිස්සගේ කාර්යාලයේ

 

 (සුජිත් මංගල ද සිල්වා)

 

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා, මැතිවරණ නීති රීති උල්ලංඝණය කරමින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ සහ සිංහල බෞද්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙත මුදලින් අල්ලස් ලබා දෙමින් සිටියි.

රාවුෆ් හකීම් මහතාගේ සහ ඔහු නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන න්‍යාය පත්‍රය වී තිබෙන්නේ, අල්ලස් ලබා දීමෙන් මෙම පළාත් පාලන මන්ත්‍රීවරුන් හරවා ගෙන, ඒ අය මාර්ගයෙන් ජන මතය හසුරුවමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ සහ තරුණ සිංහල බෞද්ධ දේශපාලන නායකයින්ගේ මනාප ඡන්ද අඩු කරවා, කෙසේ හෝ එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජනය වැඩි කර ගෙන ඓතිහාසික සෙංකඩගල පුරවරයේ සිංහල බෞද්ධ ජන පදනම දෙදරවා හැරීම බව බුද්ධි අංශ හඳුනා ගෙන තිබේ.

මේ අතර සිංහල බෞද්ධ නායකයෙකු වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට අයත් මහනුවර, යටිනුවර, මහයියාවේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙනසුරාදා (23) හමු වී ඇති රාවුෆ් හකීම් මහතා එම මන්ත්‍රීවරුන්ට රුපියල් 10,000 බැගින් අල්ලස් ලබා දී ඇත.

එම මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබා දෙන එම අවස්ථාව ඡායාරුප ගත කිරීමට ද රාවුෆ් හකීම් මහතා පියවර ගෙන ඇති අතර එසේ කර ඇත්තේ නිසි අවස්ථාව උදා වූ විට එම ඡායාරුප ප්‍රසිද්ධ කරවා එම පිරිස "BlackMail" කර ඒ අය එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ දේශපාලන වශයෙන් අනාථ කරමින් සිය ග්‍රහනයට ගැනීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නියමයෙන් සහ අනියමින් බල කර රුපියල් 10,000 ලබා ගැනීම සඳහා එම පිරිස තිස්ස අත්තනායක මහතාගේ මෙම කාර්යාලයට ගෙන්වා ගනිමින් රාවුෆ් හකීම් මහතා වෙනුවෙන් එම සියලු වැඩ කටයුතු සංවිධානය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කඩුගන්නාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායිකා ෆවායිනා මොහිදීන් මහත්මිය වේ. ඇයගේ ස්වාමි පුරුෂයා වන සුනිල් ගුණසේකර මහතා ද ඊට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර ඔහු රාවුෆ් හකීම් මහතාගේ ප්‍රබල සහ උග්‍ර ආධාරකරුවෙකි.

මෙම අන්තවාදී දේශපාලන කුමන්ත්‍රණය මහනුවර දිස්ත්‍රික්කය අභ්‍යන්තරයේ ඉතා රහසිගතව, උපක්‍රමිකව සහ බරපතළ ලෙස ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරඟ කරන සිංහල බෞද්ධ තරුණයෙකු වන ප්‍රවීණ දේශක සහ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා ද, "lankanewsweek" සමග තහවුරු කර සිටියේය.

ඔහු ඒ බව පැවසුවේ, රුපියල් 10,000 බැගින් අල්ලස් දුන් මේ සිද්ධිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ජන පදනම දෙදරවා හරිමින් එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජනය කූට ලෙස වැඩි කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන මෙම අන්තවාදී දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධව  එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි "lankanewsweek" ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

සියලු ජාතීන්, ආගමිකයින් සහ සංස්කෘතීන් නියෝජනය කරන අතර ඒ සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය සියලුම ආකාරයේ අන්තවාදයන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර කිසිදු බලපෑමකින් තොරව නිදහස්ව, නිවහල්ව සහ ස්වාධීනව තමා කැමති දේශපාලන පක්ෂයට සහ අපේක්ෂකයාට ඡන්දය ලබා දීමට ජනතාවට අයිතිය තිබිය යුතු බව ද මහේෂ් සේනානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Advertiesment