Thursday 3rd of December 2020

English Tamil
Advertiesment


ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය ගැන කුමන කතාද..?


2020-10-21 2736

සැබෑ සෙන්පතියා කවුද..? 

 

බැසිල් රාජපක්ෂ හැර සියල්ලෝම 19 ට අත ඉස්සුවෝය 

 

ඉර බැස යාම ලොව දහමකි සනාථන... 

 

පසු බැස යාම යුද ක්‍රමයකි උපක්‍රම... 

 

ඉර හඳ සේම විශ්වාසයි මව්නි මට... 

 

අලිමංකඩ අපි නැවතත් එනවා හෙට..! 
 

 

 

 
(ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්)

මෙම කවිය මට මුණ ගැසෙනුයේ යුද්ධයේ අදුරුමය යුගය වූ 90 දශකයේ අලිමංකඩ දී පරාජයට පත් වී පසු බසින නාදුනන සොල්දාදුවෙකු තැබූ විශේෂ සටහනක් ලෙසිනි. 

ඉතිහාසය තුළ ගෞරවයට, පූජනීයත්වයට, දේවත්වයට පත් වීර නරපති⁣යෙකු වන දුටු ගැමුණු කුමරු මලය රටට පලා යන්නේත් විජිත පුරදී පසු බසින්නේත් "යුද්ධයේදී වීරයා වීමට වෙහෙසෙන්නා මෝඩයාය" යන හුදු ජනතා කතාව අවබෝධ කර ගත්තෙකු ලෙසය.යුද්ධයත්, සංග්‍රාමයත්, කැරැල්ලත්, අරගලයත් කළ යුත්තේ උපක්‍රමශීලීව බව මනාව අවබෝධ කර ගත්  නිසාය. 

වළගම්බා මහ රජු "මහ කලු සිංහලයා බයේ පලා යනවෝ" යැයි කියද්දීත් පසු බැස රාජ්‍යයත්, සිංහාසනයත්, කිරුළත් අත හැර අප්‍රකට ජීවිතයකට යන්නේ රට, ජාතිය සහ ආගම රැක ගැනීම උදෙසා අරගලයට නැවත ප්‍රවිෂ්ඨ වීමේ උපක්‍රමික මෙහෙයුමකටය. ඔවුන් නැවත පැමිණ රට එක්සේසත් කළා සේම ඉතිහාසයට උත්තුංග වීර පුරා වෘත්තයන් මනාව එක් කළෝය.

හස්තියෙකු ප්‍රහාරයකට ප්‍රථම පියවර කිහිපයක් පසු පසට තබනුයේ ප්‍රහාරයට යොද වන ජවය තව තවත් වැඩි කර ගැනීමටය. දුන්නක දුනු දිය වඩාත් පසු පසට අදිනුයේ ඊතලය ඉලක්කය කරා වඩාත් වේගවත්ව සහ මරු පහරක්ව විදුලියක් සේ ඉලක්කය පසාරැ කර ගෙන යාම සදහාය. මේ කරුණු කාරණා ඉතිහාසයට සහ සමාන්‍ය දැනුමට අදාළ බව මම විශ්වාස කරමි.
 
පසු බැසිමෙන් පසු නිහඩ වීම සහ මමත්වයෙන් යුතුව කටයුතු කිරීම පළා යෑම වන අතර පසු බැසීමෙන් පසු නැවත සංවිධානය වීම,  වඩාත්  හොදින් සන්නද්ධව අරගලයට ප්‍රවිෂ්ඨ වීමේ උපක්‍රමයයි. 2015 පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂ ද පසු බැස  ගියේය. නමුත් ඔහු පොදු සතුරාටත් නොදැනෙන ලෙස අරගලය සංවිධානය කළේය. ඒ පසු බැසීම එක් අතකට භාග්‍යවන්තය. මන්දයත් රටටම විනයක් වු 19 වන සංශෝධනයට බැසිල් රාජපක්ෂගේ අත එසවී නැත. සියල්ලෝම අතර එහි දී ඔහු නිදොස් කොට නිදහස්ය. ඒ සියල්ල සිදු වන අතරත් ඔහු වඩා සූක්ෂමව, වගකීමෙන් සහහැගීමෙන් යුතුව කටයුතු කළේය.

බැසිල් රාජපක්ෂගේ පසු බැසීම වරදක් නම් ඉතිහාසය තුළ ද වීරයන් බිහි නොවනු ඇත. අද තර්කයට අනුව ඒ ඉතිහාසයේ  සියල්ලෝම පවා දුන්නෝ වෙති. ඉතිහාසයේ වීරයන් එසේ වී නම් අවස්ථානෝචිතව පසු බැස නැවත කඳවුර පිහිටුවා සේනා සංවිධානය කොට විජයග්‍රහණය කරා ගෙන ගිය බැසිල් රාජපක්ෂ  නිරායාසයෙන්ම වීරයකි.

කවුරු කොඩිය ඔසවා ගත්තද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණීයය.සෙන්පතියා බැසිල් රාජපක්ෂය. කතාව අදට එපමණකි.

Advertiesment