Monday 26th of October 2020

English Tamil
Advertiesment


සියලු ආගම් 20 ට විරුද්ධයි-ඔප්පු තිරප්පු සහිතයි 


2020-10-13 2681

මහා සංඝ රත්නය එක්ක කතෝලික සභාවත් සටනේ 

 

ආණ්ඩුව කපෝතියි 

(සුජිත් මංගල ද සිල්වා)

20 වැනි  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මහා සංඝ රත්නය ආරම්භ කර ඇති සටනට සහය පළ කරමින් එම ව්‍යවස්ථා සංශෝධනය අකුළා ගෙන, ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන ලෙස කතෝලික රදගුරු සම්මේලනය ද ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් ඉල්ලා සිටීයි.  

20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අකුළා ගන්නා ලෙස අඟහරුවාදා (12) ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව කළ  ඉල්ලීමට  සමගාමිව කතෝලික සභාව මෙම ඉල්ලීම කරමින් විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ..

එහෙත්, සියම් මහා නිකාය නියෝජනය කරන අස්ගිරි-මල්වතු-කෝට්ටේ සංඝ සභාවන් මේ වන තෙක් විසි වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමන කරයි.

කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ එහි මහ ලේකම් කොළඹ සහායක රදගුරු අති උතුම් ඇන්තනි ජයකොඩි හිමිපාණන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ තව දුරටත් මෙසේ ද සඳහන් වේ.

එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර වන අතර, සංවරණ - තුලන මූලධර්මයට සෑම විටම ගරු කළ යුතු අතර ජනතා පරමාධිපත්‍යය සෑම විටම ආරක්ෂා කළ යුතු බවත්, 20 වන සංශෝධනය පාර්ලිමේන්තු ගෙන ඒමට පෙර මේ පිළිබඳව  පුලුල් ලෙස තව දුරටත් අධ්‍යයනය කළ යුතුයි.

තව ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය හරහා රටේ සියලු ජනකොටස්ගේ ජනමතය ප්‍රදර්ශනය නොවන බවද එම නිවේදනයේ සඳහන් වෙයි. එබැවින්  සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වී, විවිධ අරථකථ වලට ඉඩ නොතබමින් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බවද සඳහන් කර  සිටීයි.


20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා-අමරපුර- රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඇතුළු සර්ව ආගමික සංවිධාන නිකුත් කර ඇති ප්‍රකාශ මෙසේය.


 
 

Advertiesment