Monday 26th of October 2020

English Tamil
Advertiesment


විමල්ට-විජේට-විදුරට විපක්ෂයෙන් මල් මිටක්..!


2020-10-11 2722

විජේදාසගෙන් කරූට ඇමතුමක් 

 

රනිල්ගේ ගුණ වයමින් විජේ මුජිබර්ට කිව්ව කතාව 

 

රාජිතගෙන් විමල්ට චරිත සහතිකයක් 

 

20 ට එරෙහි සටනට විමල්-විජේ-විදුර එකතු කර ගැනීමේ මෙහෙයුම සාර්ථකයි

 

"විමල්-පාඨලී" හමුව ගැන "lankacnews" පුවත ආන්දෝලනයට තුඩු දෙයි 

 
 
(සුජිත් මංගල ද සිල්වා)  

 

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගෙන යන සටනට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක යන මහත්වරුන් ද සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගය සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රධාන සිවිල් ව්‍යාපාර කටයුතු කරමිනි සිටියි. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ දී සෙනසුරාදා (11) පැවැත්වූ සිය විශේෂ අභ්‍යන්තර සහ රහස් සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර එම ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු "lankanewsweek" සමග පැවැසුවේ විජයදාස රාජපක්ෂ මහතා, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සමග මේ වන විටත් විශේෂ සංවාදයක් සිදු කර ඇති බවය.

එමෙන්ම විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ සහ විදුර වික්‍රමනායක යන මහත්වරුන් සමග සංවාද කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි දේශපාලන ව්‍යාපාරයට අදාළව දේශපාලන ගනුදෙනුව අඛන්ඩවම සිදු කරමින් එම සම්බන්ධතාවය පවත්වා ගෙන යාමේ වගකීම තෙවැනි පාර්ශවයකට පැවරීමට ද සිවිල් ක්‍රියාකාරීන් පියවර ගෙන තිබෙන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 

එපමණක් නොව විජේදාස රාජපක්ෂ මහතා, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමග පාර්ලිමේන්තුවේ දී මීට දෙසතියකට පෙර කියා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ප්‍රධාන එම කඳවුරට වඩා එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා දහස් ගුණයක් හොඳ බවය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් හමු වී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි දේශපාලන ව්‍යාපාරය ඇතුළු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක් සිදු කර ඇති බව "lankacnews" අන්තර් ජාල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක යන මහත්වරුන් ගෙන යන මතවාදී දේශපාලන ව්‍යාපාරය අතිශයින් අගය කරන බව සමගි ජන බලවේගය සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රධාන සිවිල් ව්‍යාපාර පෙන්වා දෙයි.

විශේෂයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගෙන යන සටන සටන අතිශයින් අගය කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙත දේශපාලන චරිත සහතිකයක් ලබා දෙමින් දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනුවෙන් එදා ඇපකැප වී ක්‍රියා කරමින් රටේ ප්‍රජාතත්‍රවාදය ශක්තිමත් කිරීමට ක්‍රියා කළ විමල් වීරවංශ මහතා එම ප්‍රජාතන්ත්‍රවාදය වළලන ඒකාධිපතියන් බිහි කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කිසිසේත් ඡන්දය ලබා නොදෙනු ඇති බවය.

විමල් වීරවශ මහතා ගෙන යන සටනට සිය ගෞරවය සහ ආචාරය පුද කරමින් දොස්තර රාජිත සේනාරත්න මහතා ඔහු අතිශයින් අගය කිරීමන් පැහැදිළි වන්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහි සටන් ව්‍යාපාරයේ දී සමගි ජන බලවේගය සහ විමල් වීරවංශ මහතා ප්‍රධාන ජාතික නිදහස් පෙරමුණ අතර තිබෙන සම්බන්ධය, අවබෝධය, එකඟතාවය සහ ඒකාබද්ධතාවය යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

 

Advertiesment