Monday 26th of October 2020

English Tamil
Advertiesment


කිරිඇල්ලගේ සාක්කිවලින් පවිත්‍රා දේවිගේ දත කට පූට්ටුයි 


2020-10-10 2827

වසංගතය යළි පැතිරුණේ ආණ්ඩුවේ සිල්ලර කතා නිසයි 

 
(සුජිත් මංගල ද සිල්වා)

 

"COVID - 19 වෛරසය ඉවරයි කිව්වා...රට අභ්‍යන්තරයේ එම වසංගතය අවසානයි කිව්වා. මේ කතාව මහා මැතිවරණය අවසන් වනතුරුම ආණ්ඩුව කිව්වා. ආණ්ඩුවේ මේ සිල්ලර කතා රටේ ජනතාව COVID - 19 සැහැල්ලුවට ගත්තා. සාමාන්‍ය ජනතාව රජය කිව්ව කතා විශ්වාස කරලා ආරක්‍ෂා වුණේ නැහැ. ඒ නිසයි වසංගතය යළි හිස එසෙව්වේ.." යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔහුට කළ අභියෝගයකට පාර්ලිමේන්තුවේ දී උත්තර ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය. 

"2020.10.07 දින පාර්ලිමේන්තුවේදී විවාදය පවත්වන අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මා හට අභියෝගයක් කරමින් කියා සිටියේ "COVID - 19 වසංගතය අවසානයි" යන ප්‍රකාශය කිසිදු දිනක ප්‍රකාශ කර නොමැති බවත්, එවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඇය විසින් ඉල්ලා සිටින ලදී.

(01) ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කෝවිඩ් - 19 නිවාරණය සම්බන්ධයෙන් 2020.09.03 දින Sri Lanka Army Media YouTube චැනලය ඔස්සේ කරන ලද ප්‍රකාශය මේ සමග ඉදිරිපත් කරමි. 

එහි පැහැදිළිව සඳහන් කර ඇත්තේ, "COVID - 19 රෝගය මුළු ලෝකයේම අද සමාජය තුළ පැතිරිච්ච රෝගයක්. මම විශ්වාස කරනවා මෙම රෝගය සමාජය තුළ පැතිරීම සම්පූර්ණයෙන් තුරන් කර වූ ලෝකයේ තිබෙන එකම රට ශ්‍රී ලංකාව කියලාග."

(02)    තවදල ඇය විසින් 2020.04.22 දින Lanka C news හි කරන ලද ප්‍රකාශයද මේ සමග ඉදිරිපත් කරමි. එහි සඳහන් කර ඇත්තේ "කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නොමැති බවත් මහා ජනතාව අතර බෝවීමක් සිදු වන්නේ නැති බවත්ය."

ගරු කතානායකතුමනි...වෛද්‍යවරු හැමදාම කිව්වා මේ COVID -19 වසංගතය අවසන් නැහැ කියලා. GMOA සහ MRI එකත් කිව්වා. නමුත් අවාසනාවට රජය දේශපාලන ලකුණු ලබා ගන්න මේ වසංගතය ඉවරයි කියලා මහා මැතිවරණය අවසන් වන තුරු කිව්වා. ඒ සිල්ලර කතාව කියපු නිසයි ජනතාව මේ වසංගතය සැහැල්ලුවට ගත්තේ. සාමාන්‍ය ජනතාව රජය කියපු දේ විශ්වාස කරලා අවශ්‍ය ආරක්‍ෂාව ගත්තේ ලබා ගත්තේ නැහැ. මොකද රජය කිව්වා කොවිඞ් 19 ඉවරයි කියලා. රජය කිව්වා නම් මේ වසංගතය අළු යට ගිණිපුපුරු වගේ තියෙනවා කියලා ජනතාව මීට වඩා ආරක්‍ෂා වෙනවා.

අනිත් කාරණය Brandix කර්මාන්ත ශාලාවේ ඇති වූ සිද්ධිය. මම අභියෝග කරනවා හැකි නම් ඒ කම්හලට ඉන්දියාවෙන් ආපු  අයගේ ලැයිස්තුවත්, ඒ අය නිරෝධායනය කරපු ස්ථානත් පිළිබඳ විස්තර අපිට දෙන්න කියලා. ඒ සමාගම විශාල සේවයක් රටට කරනවා. නමුත් සැප්තැම්බර් මාසයේ ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ආණ්ඩු පක්‍ෂ මන්ති‍්‍රවරයෙක් හරහාම ලබා දෙන්න කියලා මං අභියෝග කරනවා.

ඒ විතරක් නෙවෙයි..,සෞඛ්‍ය අමාත්‍යතුමිය අපේ‍්‍රල් මාසයේදී කිව්වා කොරෝනා වෛරසය මහා ජනතාව අතර බෝවීමක් සිදු වන්නේ නැති බව. සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එහෙම ප‍්‍රකාශ කලා. එතකොට අපේ‍්‍රල් මාසයේදී කොහොමද කිව්වේ. අනිත් එක තමයි අපේ‍්‍රල් මාසයේදී එහෙම කිව්වේ මොන දත්ත පදනම් කර ගෙනද..? ඡන්දය පදනම් කර ගෙනයි එහෙම කිව්වේ. GMOA සහ MRI හැමදාම කිව්වා මෙම වෛරසය අළු යට ගිණි පුපුරු වගේ කියලා. නමුත් ඒවා පිළි ගත්තේ නැහැ. ඡන්දය හින්දා ලෝකෙටම කිව්වා මේක ඉවරයි කියලා."


 

Advertiesment