Monday 26th of October 2020

English Tamil
Advertiesment


වෛද්‍ය වසන්ත බණ්ඩාර විදේශ ඔත්තුකරුවෙක්ලු..?


2020-10-05 3226

විමල් වීරවංශගේ අගමැති සිහිනය සැබෑ වෙයිද..?

 

ජාතියේ පංචායුධයට විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් අභියෝගයක් 

 

ජනපති-අගමැති ජන වරමට  ඊර්ෂ්‍යා නොකරනු 

 

වසන්ත බණ්ඩාරගේ නිහඬතාවය සැක සහිතයි

 

"විමල්ගෙයි-වසන්තගෙයි" ජාතික සළු පට අහසට 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රබලයෙකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විදේශ ඔත්තු සේවයක කුලීකරුවෙකු බවට සබරගමුව විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ භාෂා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා චෝදනා කර සිටියි. 

විදේශීය බුද්ධි අංශ සිය ඔත්තුකරුවන් ලෙස තෝරා ගන්නේ දැඩි දේශීය හෝ ජාතික නැඔුරුවක් ඇති පුද්ගලයින් යැයි ද, එම ඔත්තු සේවා එසේ කරන්නේ එවිට අදාළ පුද්ගලයා ගැන කිසිවෙකු සැක නොකරන නිසා යැයි ද පෙන්වා දෙන මහින්ද පතිරණ මහතා රටට-ජාතියට එරෙහි මෙම විදේශ ඔත්තුකරුවන්ගේ   එක් ප්‍රධාන අරමුණක් වන්නේ පාලන තන්ත්‍රවල ස්ථාවරත්වය බිඳ දැමීම යැයි ද සඳහන් කර සිටියි.

2015ට පෙර මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් කළ ආචාර්ය පීබී ජයසුන්දර මහතාට ආර්ථික ඝාතක චෝදනා එල්ල කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ක්‍රියා කළේ මෙම පසුබිම යටතේ බව ද ඔහු කියා සිටියි.  

මේ චෝදනාව පදනම් විරහිත, අසත්‍ය සහ අභූත චෝදනාවක් නම් ඒ සම්බන්ධයෙන් මහින්ද පතිරණ මහතාට එරෙහිව නඩු පැවැරීමට හෝ එම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශයක් නිකුත් කර ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට අවස්ථාව තිබෙන නමුත් ඔහු මේ දක්වා එවැනි පියවරක් අනුගමනය නොකර නිහඬව සිටීම සියලු දෙනාගේ බරපතළ සැකයට, සංවාදයට සහ විශේෂ අවධානයට තුඩු දී තිබේ.

කථිකාචාර්ය මහින්ද පතිරණ සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් කාලයක් මුළුල්ලේ එකම දේශපාලන කඳවුර නියෝජනය කරමින් දේශපාලනයේ යෙදී සිටින නිසා එකිනෙකාගේ කිල්ලෝටවල තිබෙන කුණු එකිනෙකා හොඳින්ම දන්නවා විය හැකි බවට උපකල්පනය කළ හැකි අතර වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් මුණිවත රකිනුයේ කිනම් මොහොතක හෝ සිය ඊනියා දේශ හිතෛශී සහ සිංහල-බෞද්ධ ජාතික සළු පිළි ගැළවී යනු ඇතැයි යන බිය නිසා විය හැකිය.     

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින්ම, මහින්ද පතිරණ මහතා අවධාරණය කර සිටින්නේ මහින්ද රාජපක්ෂ-ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ත්‍රිත්වයෙන් යැපෙන විමල් වීරවංශ වැනි දේශපාලන පරපෝෂිතයන් කළ යුත්තේ සිය  බල ලෝභී අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ගෝඨාභ රාජපක්ෂගේ ජන වරමට ඊර්ෂ්‍යා නොකර සිය දේශපාලන පක්ෂය යටතේ තනිවම ඡන්දය ඉල්ලා ප්‍රාදේශීය සභාවක් හෝ දිනා පෙන්වීම බවය.

සැබෑ නොවන අගමැති සිහිනයෙන් පෙළෙමින් සිය දේශපාලන ප්‍රතිරූපය සහ බඩ වඩා ගැනීම සඳහා වියරුවෙන් කටයුතු කරන විමල් වීරවංශ වැන්නන් කුමන යටිකූට්ටු වැඩ කළ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සිය ජන වරමට අනුව රටේ කේන්ද්‍රීය ප්‍රශ්න විසඳමින් ඉදිරියට ගමන් කරනු ඇති අතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජන වරමක් ලබා දුන්නේ ප්‍රතිරූප වඩන්නන්ගේ බඩ වඩා ගැනීම පිණිස නොව, ජනතාවට දැනෙන සේවයක් ලබා ගැනීමට බව ද මහින්ද පතිවරණ මහතා කියා සිටියි. 

මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආවේ තමා බවට සිය ගෝලයින්ට මුදල් දී විමල් වීරවංශ කරමින් සිටින ප්‍රචාරය මිත්‍යාවක් යැයි ද, මහින්ද රාජපක්ෂ යනු දශක පහකට ආසන්න කාලයක දේශපාලන පන්නරයක් සහිතව තෙම්පරාදු වූ දේශපාලකයෙකු බව කිසිවෙකු අමතක නොකළ යුතු යැයි ද, ඔහු දේශපාලනය කරන දිශාව සහ කාලය තීරණය කර ගැනීම සඳහා ඔහුට විමල් වීරවංශ වැනි දේශපාලන අතදරුවෙකුගේ සහාය අවශ්‍ය යැයි සිතීම විහිළුක් යැයි ද, මහින්ද පතිරණ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ පරාජයට පත් වීමෙන් පසු ඔහුගේ පාක්ෂිකයන් "කාල්ටන්" ගියේ කිසිවෙකුගේ උපදෙස් අනුව නොවන අතර එම ක්‍රියාවලිය සිදු වූයේ  අවිඥානිකව සිය නායකත්වය සොයා යාමේ තත්ත්වයක් ලෙස බව එම ජනයාගේ චර්යාවෙන් පෙනී යන්නේ යැයි ද, මේ අවස්ථාවේ දී විමල් වීරවංශලා කළේ මහින්ද රාජපක්ෂ පැත්තට හැරෙන මහා ජනතා රැල්ල මත ඔරු පැදීම යැයි ද කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අවධාරණය කර සිටියි.

ඇත්ත වශයෙන්ම විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂගේ ඇඟේ නැගී සිය දේශපාලන ගමන නිර්මාණය කර ගත්තා විනා කිසිවක් නොකළ බව පෙන්වා දෙන මහින්ද පතිරණ මහතා වේදිකාවල වාචාලකම් දෙඩවීම දේශපාලනය නොවන බව විමල් වීරවංශ ද, ඔහුගේ දැනුමින් අඩු ගෝල බාලයින් ද තේරුම් ගත යුතු අතර හැකි නම් සිය දේශපාලන පක්ෂය යටතේ තනිවම තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වන ලෙසට විමල් වීරවංශට අභියෝග කරන බව ද වැඩි දුරටත් අවධාරණය කර සිටියි. 


Advertiesment