Wednesday 29th of November 2023

English Tamil
Advertiesment


කවුද මේ නව කෝප් සභාපති ?


2020-09-27 8830

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරයට පත්වූ නව වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස අභිනවයෙන් පත්වූ මහාචාර්ය චරිත හේරත් මහතා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු, ශාස්ත්‍රඥයෙකු සහ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරිකයෙකුව සිටි අයෙකි.

මහාචාර්ය චරිත හේරත් මහතා 1995 වසරේ සිට මේ දක්වා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වරයෙක් ලෙස දීර්ඝ කාලයක් සේවයකර අත්දැකීම් රැසක් ඇති ශාස්ත්‍රඥයෙකි.

ඔහු පරිසර ආචාරධර්මීය දාර්ශනික ප්‍රවේශය (Conservation in Environmental Ethics) පිළිබඳව සිය ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ.

මූලික වශයෙන් ඔහුගේ ශාස්ත්‍රීය රුචිකත්වය පල කොට ඇත්තේ අද්‍යතන විශ්ලේෂණාත්මක දර්ශනය (Contemporary Analytical Philosophy) පිළිබඳ ක්ෂේත්‍රරය කෙරෙහි වන අතර ඔහුගේ පර්යේෂණ පසුකාලීනව විට්ගන්ස්ටයින්ගේ දර්ශනය සහ පරිසර ආචාරධර්ම පිළිබඳව (Later Wittgenstein’s Philosophy and the Environmental Ethics) සිදුකර තිබේ.

ආචාර්ය උපාධිය ලබාගැනීමට පෙර ඔහු ඇමෙරිකානු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ ඔහයිඕ (Ohio) විශ්වවිද්‍යාලයෙන් සමාජ හා දේශපාලන දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති අතර චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලයෙන් චීන-ශ්‍රී ලංකා සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබේ.

චරිත හේරත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙසද 2016 සිට 2018 කාලය තුළ කටයුතු කර තිබේ.

ඊට පෙර ඔහු 2012 වසරේ ජූලි මස සිට 2015 වසරේ ජනවාරි දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ස්ථිර ලේකම්වරයා වශයෙන් සේවය කර ඇති අතර, 2010 වසරේ මැයි මස සිට 2013 වසර දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

එයට පෙර ඔහු 2005 වසරේ සිට 2010 වසර දක්වා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ උපදේශකවරයෙක් ලෙස ද දීර්ඝ කාලයක් සේවය කර තිබේ.

ආචාර්ය චරිත හේරත් මහතා වෘත්තීය ජීවිතයට අමතරව ඔහු වසර ගණනාවක් පුරා මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදන කාර්ය සඳහා ද විශාල දායතක්වයක් සපයා ඇති විද්වතෙකි.

ක්‍රියාකාරී දේශපාලනය පිවිසෙන තෙක්ම එතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්වරයා ලෙස කටයුතු කළේය.

 

 

Advertiesment