Thursday 22nd of October 2020

English Tamil
Advertiesment


සියදිවි නසාගැනී මරණයට කරන අවනම්බුවක්


2020-09-27 1164

මේ සංසාර ගමන තුළ අප කොතරම් නම් ජිවන නවාතැන්පළවල් තුළ නතර වෙන්නට ඇද්ද? ඉතින් මේ ජිවිත ගමන තුළ අප හොයන්නේ සතුටයි. නමුත් ඒ හොයන සතුට හැමෝටම ලැබෙනවද කියන දේ ප‍්‍රශ්නයක්. අපි ජීවත් වෙනවා කියන්නෙත් හරියට විභාග ප‍්‍රශ්න පත්තරයකට උත්තර ලියනවා වගේ වැඩක්. මවුකුස පිළිසිඳගත් දා පටන්ම ජිවිතයට එන්නා වූ කරදර එමටය. එයට විසදුම ඉන් පලා යෑම හෝ මරණය ද? අමාරුවෙන් ලබා ගත්තා වූ මිනිසත් භවය විඳීම හෝ විඳවීම තීරණය වන්නේ ඔබේ ආකල්ප මතයි. ඉතින්”අද අපි කතා කරන්න හිතුවේ සමාජයට දැඩි ඛේදවාචකයක් එල්ල කරන සියදිවි නසා ගැනීම ගැනයි.

 

දිවි නසා ගැනීම කියන්නේ මොකක්ද..?

 

විශාදය” උන්මාදය වැනි මානසික රෝගී තත්ත්වයක්” මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇති දැඩි ඇබ්බැහි වීමක්” පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීමක්” රැකියා අහිමි වීමක් හා ආර්ථික අපහසුතා ආදී යම් හේතුවක් මත ඇති වූ මානසික පීඩනය නිසා යම් පුද්ගලයෙක්” ගෙල සිර කර ගැනීමෙන්” අධිමාත‍්‍ර ඖෂධ භාවිතයෙන්” විවිධ රසායන ද්‍රව්‍ය” කෘමිනාශක හෝ තියුණු ආයුධයක් භාවිතය වැනි ක‍්‍රමයක් යොදා ගනිමින් තමන්ගෙජීවිතය නැති කර ගැනීම සියදිවි නසා ගැනීම විදියට හඳුන්වන්න පුළුවන්.

 

අද වෙනකොට දිවි නසා ගැනීම පිළිබඳව ගෝලීය තත්ත්වය මොන වගේද..?

 

මේ වෙද්දි ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම එක් පුද්ගලයෙක්ගේ සියදිවි නසා ගැනීමක් වාර්තා වෙනවා. වසරකට ලෝකයේ පුද්ගලයන් ලක්ෂ 8ක් පමණ සියදිවි නසා ගන්නා තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝකයේ සිය දිවි හානි කරගැනීම් වලින් 79%ක් වාර්තා වෙන්නේ අඩු ආදායම් ලබන සහ මධ්‍යම පාන්තික රටවල්වලින්. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන් අතර සියදිවි හානි කර ගැනීම සංසන්දනාත්මකව වැඩි බවක් පහුගිය දත්ත පරීක්ෂා කර බලද්දී අපිට පෙනී යනවා.

 

ශ‍්‍රී ලංකාව තුළ කොවිඞ් වසංගතය නිසා මේ තත්ත්වය වැඩි වෙලා කියන්නේ ඇත්තද ?

 

ලංකාවේ සියදිවි හානි කරගැනීම් ප‍්‍රමාණය පහුගිය වසර 25ක කාලයේදී යම් අඩු වීගෙන යාමක් පෙනෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව දැනට පුද්ගලයන් ලක්ෂයකට සියදිවි නසා ගැනීම් 14.6ක් සිදුවන බව තමයි සඳහන් වෙන්නේ. ඒත් මේ ජදඩසා-19 තත්ත්වයත් එක්ක පහුගිය මාස කිහිපයේ මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වෙලා තියන බව පේනවා.

 

එලෙස මෙම තත්ත්වය වැඩිවීමට බලපාන හේතු මොනවාද..?


විශේෂයෙන්ම මේ ජදඩසා-19 තත්ත්වය සමඟ ඇතිවුණු ආර්ථික අපහසුතා” රැකියා අහිමිවීම්” ව්‍යාපාර කඩාවැටීම්” අවිනිශ්චිත භාවය සමඟ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ලෝකයේ තත්ත්වය ගත්තොත්” මේ වසංගත තත්ත්වයට ගොදුරු වෙයැයි ඇති බිය” සංචරණ සීමා නිසා නිවෙසට වී සිටීමට සිදු වීම සමඟ ඇති වී තිබෙන තනිකම සහ පාළුව එක්ක ඇතිවන මානසික පීඩනයත් මේ වැඩිවීමට හේතුවක් විය හැකි බව මේ අලලා සිදු වුණ පරීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

 

සිය දිවි නසා ගැනීමට වයස් භේදයක් තියෙනවද..?


සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමට  ඕනෑම වයසක සිටින අයකුට සිතුවිල්ලක් එන්න පුළුවන්. කුඩා දරුවකුගේ සිට වයෝවෘද්ධ කෙනකු දක්වා ඇති වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 11 ට අඩු ළමයින්ගේ සියදිවි නසා ගැනීම් බොහොම අඩුයි. නව යොවුන් වියේ” අවුරුදු 11 න් පස්සේයි” සියදිවි නසා ගැනීමේ සිතුවිලි එන්නේ. නමුත්  ඕනෑම වෙලාවක නව යොවුන් වියේ කෙනකුට” වැඩිහිටි අයකුට” සිය දිවි නසා ගැනීම ගැන සිතුවිල්ලක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් හෝ මානසික රෝගයක ලක්ෂණයක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදියට අවුරුදු 15ත් 29ත් අතර වයස් කාණ්ඩයේ මරණවලට හේතු වන දෙවන ප‍්‍රධාන හේතුව වශයෙන් හඳුනා ගෙන ඇත්තේ සියදිවි නසා ගැනීමයි. ඒ වගේම සිය දිවි නසා ගැනීම් බොහොමයක් වයස අවුරුදු 40 ත් 55 ත් අතර වයස් කාණ්ඩයේ අයගේ බවත් හඳුනාගෙන තියෙනවා.

 

පිරිමින් සිය දිවි නසා ගන්නවා වැඩියිද..?


ඔව්. කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩියි. එසේ මත්වන අවස්ථාවලදී ඔවුන් ගන්නා තීරණ නිවැරදි නොවීම වගේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට දරාගැනීමේ හැකියාව අඩුවීමත් ඊට හේතුවනවා. මැදි වයස වන විට කාන්තාවන්ගේ දරාගැනීම් හැකියාව වැඩිවනවා. ජිවිතය එපා වන තරම් ප‍්‍රශ්න තිබුණත් දරුවන් නිසා හෝ ඔවුන් ඒවා දරාගන්නවා. ඒ වගේම කාන්තාවන් තමන්ගෙ ප‍්‍රශ්න ගැන කා සමඟ හෝ කතා කරනවා. ඒ වගේම කාන්තාවන්ට උදව් කිරීමට ඉදිරිපත් වන පිරිසත් වැඩියි. ඒ නිසාම ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා. නමුත් පිරිමින් ප‍්‍රශ්න කතා කරන්නේ නැහැ. හිතේ හිර කර ගෙන සිටින විට පීඩනය වැඩියි. සියදිවි නසා ගැනීම් ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. ඒ සඳහා අවදානම් සාධක හඳුනාගැනීම” අනතුරු සංඥා ගැන දැනුවත් වීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සිදුකළ යුතුයිි.

 

සිය දිවි නසා ගැනීමට බලපෑම් කරන මානසික ගැටලූ පිළිබඳව පැහැදිලි කළොත්..?


සියදිවි හානි කරගැනීම් සහ සියදිවි හානි කර ගැනීමට සිතුවිලි පහල වූ බොහොමයක් අතර දකින්න ලැබුණු තත්ත්ව විදියට විශාදය” ද්වි අන්ත ආබාධය” උන්මාදය” භින්නෝන්මාදය” සීමස්ත පෞරුෂත්ව ආබාධ” මත්ද්‍රව්‍ය වලට ඇති ඇබ්බැහිවීම් පෙන්වා දෙන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සවිධානයට අනුව ලෝකයේ සියදිවි නසා ගැනීම් බොහොමයකට හේතුව විශාදය තත්ත්වයයි.

 

මෙවැනි තත්ත්වයක් වැළදී ඇත්නම් කුමක් කළ යුතුද..?


මෙවැනි තත්ත්වයක් සඳහා අනිවාර්යයෙන්ම ප‍්‍රතිකාර සඳහා යොමුවෙන්න  ඕනි. ඖෂධ ප‍්‍රතිකාර වගේම මනෝ උපදේශන සහ මනෝ චිකිත්සා ප‍්‍රතිකාර සඳහා ද යොමුවිය යුතුයි. මෙවැනි තත්ත්වයක් සඳහා පවුලෙන්” යාලූවන්ගෙන් සහ සමාජයෙන් ලැබෙන සහාය ඉතාම වැදගත්. මෙවැනි තත්ත්වයක ඉන්න අය අපි වටේ ඉන්න පුළුවන්. විමසිල්ලෙන් ඉන්න. ඇහුම්කන් දෙන්න. ප‍්‍රතිකාර සඳහා ඔවුන්ව යොමු කරන්න. මෙවැනි තත්ත්වයක් ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයි” ජීවිතය සහ ජීවත් වීම කොයිතරම් නම් වටිනවා ද යන්න පැහැදිලි කර දීම හරිම වටිනවා.

 

 

බිනුකා වික‍්‍රමතුංග
මනෝවිද්‍යාඥ/ උපදේශක
ප‍්‍රතිභා මානසික පුනරුත්ථාපන හා සම්පත් මධ්‍යස්ථානය

(නවලිය) 

Advertiesment