Thursday 24th of September 2020

English Tamil
Advertiesment


දේශගුණික විපර්යාසවලට දෙවියන් වගකිව යුතු නැත


2020-09-13 1237

(දේශප්‍රිය නානායක්‌කාර) 

 

අද්‍යතන පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ අන්තර්ගත හරිතාගාර වායුවල පරිපූර්ණ බලපෑම 2050 වසර වන තෙක්‌ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ පාලකයන්ටත් නොදැනෙනු ඇත.

නමුත් තමන් ජීවත් වන රටවල අභ්‍යවකාශයේ ඕසොන් වියමන සිදුරුව ඇති නිසා හිරු රශ්මියේ විෂම ක්‍රියාකාරිත්වයෙන් මිදීම සඳහා නොයෙක්‌ ආලේපන වර්ග ශරීරයේ ගැල්වීම, අව් කණ්නාඩි හා හිස්‌ වැසුම් පැළඳීම අත්‍යවශ්‍ය බව නවසීලන්තය ප්‍රමුඛ දකුණු දිග රටවල ජීවත් වන කුඩා ළමයකු පවා දන්නා කාරණයෙකි.

ඕසොන් ස්‌ථරය සිදුරුවීමට හේතුවූ කාරණා වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය වෙනස්‌ වීමට හේතු වූ කාරණාවලට වඩා වෙනස්‌ය. (EN. WIKKPEDIA. ORG WIKI. OZONEHOLE) පෘථිවි මානුෂිය වාර්ගිකයන් ප්‍රමුඛ ජීවින්ට ජීවත් වීම සඳහා අවශ්‍යය ඔක්‌සිජන් වායුවේ එකිනෙකට බැඳුණු ඔක්‌සිජන් පරමානු ද්වයක්‌ (2) ඇත. 

කිලෝමීටර් 10 ත් 50 ත් අතර අභ්‍යවකාශ ප්‍රදේශයේ පිහිටා ඇති ස්‌ටැට්‍රොෂ්පියරයේදී (STRATOSPHERE - ස්‌තර ගෝලය) පාරජම්බුල විකිරණ බොහෝ විට ඔක්‌සිජන් පරමානු ද්වයට (2 ට) තවත් පරමාණුවක්‌ එක්‌ කරනු ලබයි. එසේ එක්‌ කිරීමේ ක්‍රියාවලියෙන් ජනිත වනුයේ අහස්‌ ගැබ නිල්වන් පැහැයෙන් බබලවන ඕසොන් වායුවයි. 

ඕසොන් වායුව බෙහෙවින් අස්‌ථාවර වායුවකි. ඊට හේතුව නිරන්තරයෙන් තම අතිරේක පරමාණුව අහිමි කර ගන්නා හෙයිනි. එහෙත් සූර්ය රශ්මිය විසින් නැවත නැවත නව පරමාණු ත්‍රිත්වයන් නිපදවනු ලබයි. එම නිසා අනතුරට පත් නොවන ස්‌ටැට්‍රොෂ්පියරයේදී ඕසෝන් සංයුතිය අපහසුතාවයකින් තොරව වායු කොටස්‌ මිලියනයකට ඕසොන් කොටස්‌ දහය බැගින් වූ ප්‍රමාණයක්‌ පවත්වා ගෙන යනු ලබයි. (EN. WIKIPEDIA ORG. WIKI/ STRATOSPHERE) ස්‌ටැටොස්‌පියරයේ සිසාරා ඇති සමස්‌ත ඕසොන් වායුව ප්‍රමාණයෙන් ඉතා අල්පය.

සත්‍ය වශයෙන්ම ඕසොන් වායුව යනු පෘථිවියේ ආරක්‌ෂාවටත් එහි ජීවත් වන සියලු ප්‍රාණින්ගේ ආරක්‌ෂාවටත් සොබාදහම මගින් යොදා ඇති ආරක්‌ෂක සූර්ය ආවරණයයි. සූර්ය රශ්මිය සමග පතිත වන පාරාජම්බුල විකිරණවලින් (EN WIKIPEDIA. ORG/ WIKI/ ULTRAVIOLOT )  95% ක්‌ම පෘථිවිය මතට පතිත වීම වළක්‌වාලනුයේ ස්‌ටැට්‍රොෂ්පියරයේ ඇති ඕසොන් වායුවේ ක්‍රියාකාරිත්වයෙනි. ස්‌ටැට්‍රොෂ්පියරයේදි ඕසොන් වායුව නිවැරදිව ක්‍රියාශීලී නොවුණ හොත් එසේ නැතහොත් ඕසොන් වියමන විනාශ වුවහොත් පෘථිවි චිපිට ගෝලයේ ජීවත් වන මානුෂිය වාර්ගිකයන්ගේ ඩී.එන්.ඒ. (D.N.A) බිඳ දමමින් ඔවුන්ව මරණය කරා ගෙන යනු ඇත.

ස්‌ටැට්‍රොෂ්පියරයේ ඇති ඕසොන් වියමන හානියට පත්වූයේ ඒ පිළිබඳ විද්‍යාඥයින් දැන ගැනීමට බොහෝ කලකට පෙර සිටය. 1928 වන විට කාර්මික රසායඥයින් විසින් C.F.C. හෙවත් ක්‌ලෝරොෆ්එරෝ කාබන් ((CHLOROFLUORO CARBON) හා H.F.C. නොහොත් හයිෙඩ්‍රාෆ්එරෝ කාබන් (HYDROFLUORO CARBON) නමින් ප්‍රසිද්ධ රසායන ද්‍රව්‍යය හඳුනා ගෙන ඇත. 

බෙල්ජියම් ගාගනට්‌ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ප්‍රෙඩ්රික්‌ ස්‌වොට්‌ස්‌ (PROFREDERIC SWARTS 1866-1940) විසින් C.F.C. හඳුනා ගෙන ඇත. ඉන් අනතුරුව ඉහත රසායන ද්‍රව්‍යය ද්වය ශීතකරණ, වායු සමීකර‌ණ නිෂ්පාදනයේ දී හා තවත් නොයෙක්‌ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම බහුල විය. 1975 වසර වන විට මෙම රසායන ද්‍රව්‍ය ටොන් 500,000 පමණ වායුගෝලයට එක්‌වී තිබිණි. 1986 වන විට C.F.C. භාවිතය ටොන් මිලියන 1.8 දක්‌වා වර්ධනය වී ඇත. උක්‌ත රසායනික ද්‍රව්‍යවල හානිය පිළිබඳ ප්‍රධාන සාධකය වනුයේ එම රසායනික ද්‍රව්‍යවල ස්‌ථායිභාවය හා එම ද්‍රව්‍යය බොහෝ කලක්‌ වායු ගෝලයේ රැදී පැවැතීමය.

C.F.C. රසායනික ද්‍රව්‍යයේ ඇති ක්‌ලෝරීන් (CHLORINE - ATOMIC NUMBER. 17 AND SYMBOL. CL) වායුගෝලීය ඕසොන් වායුවට ඉතාමත් අහිතකරය. එක ක්‌ලෝරීන් අනුවකට ඕසොන් අණු එක්‌ ලක්‌ෂයක්‌ පමණ විනාශ කළ හැකි බව විද්‍යාඥයින්ගේ නිගමනයයි. නාසා විද්‍යාඥ ආචාර්ය පොල් නිව්මන් මේ පිළිබඳ කරන පැහැදිලි කිරීමක් ‌( YOU TUBE, NASA EXPLORING OZONE) දර්ශනයෙන් ශ්‍රවණය කළ හැකිය. 

C.F.C. වල උක්‌ත විනාශකාරී ක්‍රියාවලිය වඩා තිව්‍ර වනුයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 43 ට වඩා අඩු වූ විටදීය. උෂ්ණත්වය සෙන්ටිග්‍රෙට්‌ 62 තරම් අඩු දක්‌ෂිණ ධ්‍රැව ප්‍රදේශයේදී පළමු ඕසොන් විවරය ඇති විය. 2006 ඔක්‌තෝම්බර් මාසය වන විට ඕසොන් තරලයෙන් ඕසොන් වායුව ටොන් මිලියන 40 ක්‌ පමණ අඩු වී තිබිණි. අද්‍යතනව ඕසොන් සිදුරේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 28 ක්‌ පමණ බවත් එය ඩොබ්සන් ඒකක 100 ක්‌ බවත් සඳහන්ය.

එහෙත් ඕසෝන් ස්‌ථරයේ තත්ත්වය මනිනු ලබන්නේ බ්‍රිතාන්‍යය භෞතික-දේශගුණික විද්‍යාඥයකු වන ගොර්ඩන් මිලර් ඩොබ්සන් සැමරීම සඳහා නම් කරන ලද DOBSON UNITS ඩොබ්සන් ඒකක මගිනි.(GORDON MILLER BOURNE DOBSON 1889 - 1976 WAS A BRITISH PHYSICIST AND METEOROLOUIST)

ඕසොන් ස්‌ථරයේ තොරතුරු ලබා ගනුයේ අභ්‍යවකාශයේ කක්‌ෂගත කර ඇති ENVISAT SATELLITE චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත මගිනි. (EN WIKIPEDA. ORG. WIKI.ENVSAT SATELLITE) මෙම දත්තවලට අනුව වායුගෝලයේ ක්‌ලෝරීන් ප්‍රමාණය ඉහළ යෑම තිව්‍ර වී ඇත. එම නිසා දක්‌ෂිණ ධ්‍රැවය ආසන්න ප්‍රදේශවල අක්‌ෂාංශ 40 ක්‌ දකුණින් ජීවත් වන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ බහුතරයකට චර්ම පිළිකා බහුල වශයෙන් වැළඳී ඇති බව අනාවරණය වී ඇත. මෙම තත්ත්වයට වැඩි වැඩියෙන් ගොදුරුවී ඇත්තේ නවසීලන්තයේ දකුණු දිග දිවයින, තස්‌මේනියාව, ආජන්ටිනාව හා චිලි රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශවල ජනතාවයි.

පෘථිවි චිපිට ගෝලයේ දකුණු සීමාවේ පිහිටි නිත්‍ය ජනාවාසයක්‌ වනුයේ චිලි රාජ්‍යයේ දක්‍ෂිණ අක්‍ෂාංශක 53 හි පිහිටි "ප්‍රන්ටා අරිනාස්‌" නගරයයි. (EN.WIKIPEDIA. ORG WIKI. PUNTAARENAS) 1994 වන විට මෙම නගරයේ ජීවත්වන ජනයාගෙන් 66% කට චර්ම පිළිකා වැළඳී ඇත. මීට හේතුව ඕසොන් ස්‌ථරය විවර වීම නිසා පාරාජම්බුල විකිරණ බහුල වශයෙන් සම මත පතිත වීමය.

පරාජම්බුල විකිරණ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ප්‍රතිශක්‌ති පද්ධතියට මෙන්ම ඇස්‌වලට ද හානිකරය. පර්යේෂකයන්ගේ සොයා ගැනීම්වලට අනුව වායුගෝලීය ඕසොන් සංයුතිය 1% අඩු වන විට පෘථිවි මානුෂීය වාර්ගිකයන් ඇතුළු සියලු දෑස්‌ ඇති ජීවීන්ට වැළඳෙන තිමිර පටල රෝගය නොහොත් ඇස්‌ සුදුවීමේ (CATARACT) රෝගය පැතිර යැමේ ප්‍රමාණය 0.5% කින් වර්ධනය වේ. (EN . WIKIPEDIA. ORG. WIKI. CATARACT)

අද්‍යතන ගෝලය සිසාරා තිමිර පටල රෝගයට ගොදුරු වන පුද්ගලයන් මිලියන 250 කට වඩා අධික බව සඳහන් වන අතරම මෙම රෝගය වැළඳීමෙන් පුද්ගලයන්ගේ අක්‍ෂිකාච අනතුරට පත් වී අන්ධභාවයට ද පත් වේ. පාරාජම්බුල විකිරණවල විෂම බලපෑම මුළු පරිසර ආකෘතිය සිසාරාම ක්‍රියාත්මකය. සාගර ජාලයේ ආහාර දාමයේ පදනම වශයෙන් සැලකෙන ක්‍ෂුද්‍ර ඒක ශෛලික ශාකයන්ට මෙන්ම හාල්මැස්‌සන්ගේ සිට බිත්තර මගින් බිහි වන සියලුම ප්‍රාණීන්ට උක්‌ත පාරාජම්බුල විකිරණ බරපතල ලෙස බලපානු ලබයි. මෙම පාරාජම්බුල විකිරණවල බලපෑම හේතුවෙන් ගෝලය සිසාරා කෘෂි කාර්මික අස්‌වැන්න ද 20% ක්‌ පමණ අඩු වී ඇති බව අදාළ ලේඛනවල සඳහන් වී ඇත.

CFC හේතුවෙන් ඕසොන් ස්‌ථරයට සිදු වන හානිය පිළිබඳ දිගින් දිගටම ගෝලීය රාජ්‍යයන්වල සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතා හේතුවෙන් 1987 දී කැනඩාවේ මොන්ටි්‍රියල් MONTREAL නගරයට ඒකරාශි වූ බොහෝ රාජ්‍ය නියෝජිතයෝ ඕසෝන් ස්‌ථරය ක්‍ෂය වීමට හේතු වන අහිතකර රසායන ද්‍රව්‍යය යොදා ගැනීම අනුක්‍රමයෙන් ඉවත් කරන ගිවිසුමට අත්සන් තබන ලදී. එම වසරේදීම ඕසොන් ක්‍ෂය වීම හා CFC අතර ඇති නිසැක සම්බන්ධතාව පිළිබඳ විද්‍යාත්මක නිගමනයන් ද ප්‍රකාශයට පත් විය.

1989 පින්ලන්තයේ HELSINKI

1990 එංගලන්තයේ LONDON

1991 කෙන්යාවේ NAIROBI

1992 ඩෙන්මාර්කයේ COPENHAGEN

1993 තායිලන්තයේ BANGKOK

1995 ඔස්‌ටි්‍රයාවේ VIENNA

1997 කැනඩාවේ MONTREAL 

1999 චීනයේ BEJJING

නගරවලදී මෙම රාජ්‍ය නායකයන් රැස්‌වී මේ පිළිබඳ නිවැරැදි කැපවීම ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරන ලදී. මෙම ප්‍රයත්නය මොන්ටි්‍රියල් එකඟතාව නමින් ජනාදරයට පත් විය. (MONTREAL PROTOCOL) මෙම එකඟතාවට අනුව කටයුතු සිදු නොවුණා නම් 2050 වන විටදී ජනගහනය අධික උත්තර ගෝලයේ මධ්‍යම අක්‍ෂාංශක කලාපය තුළ ජීවත්වන මිනිසුන්ට ආවරණය ගෙන දෙන ඕසොන් වියමනෙන් 50% ක්‌ හා ඊට සමගාමීව දකුණු අර්ධගෝලීය කලාපයේ ඕසොන් ස්‌ථරයෙන් 70% ක්‌ ද ක්‍ෂය වීමට හොඳටම ඉඩ තිබිණි.

1980 දශකයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පාලක ප්‍රජාවගේ තිබූ දැවැන්ත උගත් බුද්ධිමත්භාවය හා ඥනාන්විත ක්‍රියාකලාපය හා කැපවීම මෙන්ම නිසි කලට මේ සියල්ල ක්‍රියාත්මක කිරීම නිසා 2001 වන විට ඕසොන් ස්‌ථරය ක්‍ෂයවීම වළක්‌වා ගැනීමට හැකිවීම පෘථිවි මානුෂිය වාර්ගිකයන් ලැබූ විශිෂ්ට හා සාමූහික ජයග්‍රහණයකි. 

නමුත් සියලුම රටවල් මොන්ටි්‍රයල් සම්මේලනයේදී අනුමත වූ ලේඛනය (MONTREAL PROTOCOL) සම්පූර්ණ කැපවීමෙන් අනුගමනය කළේ නැත. ඊට හොඳම උදාහරණය චීන සමූහ ආණ්‌ඩුවය. අද්‍යතනවද චීනය CFC භාවිත කරනු ලබයි. මොන්ටි්‍රයල් එකඟතාව ක්‍රියාත්මක වීමේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දියුණු තාක්‍ෂණික දැනුම ඇති මහා පරිමාණික විද්‍යාත්මක චින්තනයෙන් මේ සඳහා විකල්ප සොයා ගැනීමට කටයුතු කරන ලදී. අද්‍යතනව එම ප්‍රයත්නය සාර්ථකව ඔවුන් ජයග්‍රහණය කර ඇත. එම මහා පරිමානිකයන්ගේ බුද්ධියේ හා විද්‍යාත්මක චින්තනයේ කැපවීමෙන් ඇති වූ නව ක්‍රියාවලිය හේතුවෙන් අද්‍යතනව ඕසොන් ස්‌ථරයේ සිදුර ප්‍රමාණයෙන් කුඩා වී ඇති බව ENVISAT චන්ද්‍රිකාව මගින් ලැබෙන දත්ත මගින් තහවුරු වී ඇත.

1987 මොන්ටි්‍රයෙල් සම්මේලනයේදී අනුමත වූ එම ක්‍රියාවලිය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සාමුහික එකඟතාවයෙන් පාරිසරික-ස්‌වභාවික අර්බුදයක්‌ ජයගත් මුල්ම අවස්‌ථාවයි. එම නිසා ගෝලය සිසාරා පෘථිවි මානුෂිය වාර්ගිකයන්ට 1987 MONTREAL PROTOCOL පූර්වාදර්ශයකි. සැබැවින්ම 1980 දශකයේ රාජ්‍ය පාලකයන් ද අනාගත පරපුරට ආදර්ශයකි. පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයේ අගති සහිත නිර්මාණ හේතුවෙන් සොබාදම් ආකෘතියේ ඇති වන විකරණයන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේම සාමුහික කැපවීම තුළින් නිවැරැදි කර ගැනීමට හැකි වූ මුල් අත්දැකීමෙන් අමන්දානන්දයට පත් වූ රාජ්‍ය පාලකයන් 1997 දී නැවත වරක්‌ ජපානයේ කියොටෝ (KYOTO) නගරයට එකරාශී වූයේ තවත් වැදගත් පියවරක්‌ තැබීමටය.

එම වැදගත් තීරණාත්මක පියවර වූයේ පෘථිවි චිපිට ගෝලීය වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 5% කින් අවම කර ගැනීමට අවශ්‍ය එකඟතාවට පැමිණීමටය. එහෙත් ඇමරිකා එක්‌සත් ජනපදය (U.S.A.) ඔස්ට්‍රේලියාව (AUSTRALIA) මොනාකෝ හා ලයිඑටෙන්ස්‌ටයින් යන සිව් (4) රාජ්‍යයන් උක්‌ත ගිවිසුමට අත්සන් තැබීමට විරුද්ධ විය. මෙයින් මොනාකෝ රාජ්‍යය ගෝලයේ දෙවෙනි කුඩාම රාජ්‍යය වන අතර එහි ජනගහනය 35,000 පමණය. (EN.WIKIPEDIA.ORG.WIKI.MANACO).

අද්‍යතන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ජීවන ක්‍රමයට බල ශක්‌තිය අත්‍යවශ්‍යයය. එම නිසා බල ශක්‌ති නිෂ්පාදනය අතිශයින් ලාභදායි ව්‍යාපාරයකි. සංවර්ධනය වන රටවල බල ශක්‌ති ඉල්ලුමේ දළ වර්ධනය වසරකට 2% ක්‌ පමණය. මෙපමණ අඩු වර්ධන වේගයකින් යුත් වෙළෙඳ පොළක සුළං, න්‍යෂ්ඨික, ගෑස්‌ වායු, ගල් අඟුරු, ආදී විවිධ බල ශක්‌ති ප්‍රභේද අතුරින් එකක්‌ හෝ දෙකක්‌ පෙරමුණ ගැනීම බල ශක්‌ති ප්‍රභේද අලෙවිකරුවන්ට තිබූ තර්ජනයකි.

කියොටෝ ඉලක්‌ක ලෝක බල ශක්‌ති වෙළෙඳ පොළ වෙනස්‌ කිරීමට හේතු වු බැවින් ගිවිසුමේ යෝජනාවලට හා අන්තර්ගතයට මහා පරිමාණික බල ශක්‌ති අලෙවිකරුවන් විරුද්ධ විය. ගෝලීය බලශක්‌ති අලෙවි සමාගම් අතරින් ප්‍රධාන සමාගම් 50 පාලනය කරනු ලබන්නේ රටවල් 6 ක්‌ විසිනි. ගෝලීය මහා පරිමානික බලශක්‌ති සමාගම් 10 වනුයේ. 

(01.) EXXON MOBIL, (02) B. P. (03.) ROYAL DUTCH SHELL, (04.) TOTAL, (05.) CHEVRON, (06.) ENIL, (07.) PETRO CHINA, (08.) GAZPRON, (09.) SINOPEC, (10.) PETRO BRAS ය. පෘථිවි චිපිට ගෝලයේ ප්‍රධානතම තෙල් සහ ගෑස්‌ සමාගම් 50 අතුරින් ප්‍රධාන සමාගම් 8 ක්‌ හිමි රාජ්‍යයන් වනුයේ 1. ඉරානය, 2. සවුදි අරාබියාව, 3. කටාර් රාජ්‍යය, 4. ඉරාකය, 5. වෙනිසියුලාව, 6. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, 7. කුවේට්‌ රාජ්‍යය, 8. ලිබියාව ආදි රාජ්‍යයන්ය.

මේ අනුව පැහැදිලි වනුයේ බල ශක්‌ති අධිකාරිය ගෝලයේ එක්‌ සුවිශේෂි ජාතියකට වැඩිමනක්‌ වශයෙන් හිමිව ඇති බවය. කෙසේ වෙතත් පෘථිවි චිපිට ගෝලයේ යහපත් පැවැත්ම උදෙසා ගෝලීය ගිවිසුමක්‌ අත්‍යවශ්‍ය බව විශ්වාස කළ පුද්ගලයන්ද දේශපාලනික ආර්ථික හේතු මත එවැනි ගිවිසුමකට එකහෙලා විරුද්ධ වූ අයද වශයෙන් දෙපිරිසක්‌ පෘථිවි ගෝලයේ ඇතිවීමට උක්‌ත කියොටෝ ගිවිසුම හේතු විය. කියොටො එකඟතා එහි මූලික අවස්‌ථාව ඉක්‌මවා ප්‍රතිඵල ලබා ගෙන නැත. එහෙත් කුමන අඩුපාඩු කම් තිබුණත් කියොටෝ එකඟතාව පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ සමස්‌ත ජාතීන්ම ඉදිරි දශකවලදි අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වැදගත් ක්‍රියා පිළිවෙතකි.

කියොටෝ සාකච්ඡාවට අත්තිවාරම වූයේ 1985 දී ඕස්ට්‍රේලියාවේ විලාච් නගරයේ පැවැති ගෝලීය විද්‍යා සමුළුවයි. (1985 SEPT. 28 OCT. 2 THE FIRST MAJOR INTERNATIONAL CONFERENCE ON THE GREEN HOUSE EFFECT WAS HELD IN VILLACH - AUSTRIA) ඉන් අනතුරුව 1992 දී රියෝඩි ජනයිරෝ නගරයේ පැවැති ලෝක පරිසර සමුළුවේදී රටවල් 155 ක්‌ UNFCC යන කෙටි යෙදුමෙන් හඳුන්වන දේශගුණය වෙනස්‌වීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතින්ගේ සම්මුතික රාමුවට සිය එකඟතාවය දක්‌වමින් සාමුහිකව අත්සන් තබන ලදී. (FRAME WORK CONVENTION ON CLIMATE CHANGE) වසර 2000 වන විට වායුගෝලයට නිකුත් කරන හරිතාගාර වායු ප්‍රමාණය උක්‌ත සම්මුතියට අනුව එම රටවල් වසර 1990 පැවැති මට්‌ටම අඩු කළ යුතු විය. බෙහෙවින් සුබවාදිමුත් පහසුවෙන් ජය ගත හැකි වූත් ඉලක්‌කයක්‌ ලෙස යෙදුණු මෙම ක්‍රියාවලිය දැඩි කැපවීමක්‌ නොකර ලබා ගැනීමට අසීරු ඉතා අපහසු ඉලක්‌කයකි.

සම්මුතියට අත්සන් කළ රාජ්‍යයන් අතර වසර 05 ක පමණ කාලයක්‌ ගතවීමෙන් පසුව 1997 දෙසැම්බර් මාසයේදි ජපානයේ කියොටෝ නගරයට රැස්‌වූ නියෝජිත සමුළුවේදී හරිතාගාර වායු නිකුත් වීම අඩු කිරීම පිළිබඳ නව ගිවිසුමක්‌ සකස්‌ කරන ලදි. කියොටෝ සම්මුතිය (KYOTO PROTOCOL) වශයෙන් ප්‍රසිද්ධ මෙම ලේඛනයේ අන්තර්ගතය තම රටවලට අදාළ වනුයේ කෙසේ දැයි ඒ ඒ රටවල් ස්‌වාධිනව අධ්‍යයනය කළ යුතු විය. උක්‌ත සම්මුතිය මගින් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ රාජ්‍ය නායකයන් වෙත වැදගත් කරුණු ද්වයක්‌ ඉදිරිපත් කර ඇත. 

ඉන් පළමුවැන්න වනුයේ දියුණු රටවලින් නිකුත් වන (විප්‍රෙෂණය) හරිතාගාර වායු සඳහා සීමා පැනවීම හා ඩොලර් බිලියන 10 ක තක්‌සේරු වටිනාකමක්‌ ඇති විප්‍රෙෂණ අලෙවි කර ගැනීම සඳහා ක්‍රමවේදයක්‌ හඳුන්වාදීම මගින් නරකම හරිතාගාර වායු 06 ක්‌ වායුගෝලයට මුදා හැරීම සීමා කර ගැනීමය. කියොටෝ සම්මුතියට අනුව එක්‌ එක්‌ රටවලට සිය කාබන් අයවැය නිර්ණය කර ගැනීමට අවස්‌ථාව උදා වන අතර කාබන් අලෙවි කර ගැනීමෙන් නොහොත් පරිසර දූෂණය වෙනුවෙන් ගෙවීම මගින් සිය විප්‍රෙෂණ ප්‍රමාණය ඵලදායි ලෙස අඩු කර ගැනීමට කම්හල් හිමියන්ට එම යෝජිත ක්‍රියාවලිය හරහා අවස්‌ථාව ලැබී ඇත.

ඒ අනුව ව්‍යාපාරවලට සිය කාබන් විප්‍රෙෂණ අඩු කර ගැනීම මගින් කාබන් බැර ඒකක උපයා ගත හැකි වන අතර එම කාබන් බැර ඒකක පරිසරය වඩා දූෂණය කෙරෙන කාර්මික ව්‍යාපාරවලට අලෙවි කළ හැකිය. ඒ මගින් සිය කාබන් නිකුත් වීම අල්ප කර ගැනීමට කටයුතු කරන කාර්මික රටවල් දිරි ගැන්වෙන අතර කාබන් නිකුත් කිරීම අඩු කිරීමට අසමත් වන කර්මාන්තවල වියදම ඉහළ යනු ඇත.

මෙම විධිවිධාන සහ යෝජනා සමග එකඟ නොවූ ඇමරිකා එක්‌සත් ජනපදය කියොටො එකඟතාවය තම රටවල කටයුතු හා සැසඳීම ප්‍රතික්‍ෂේප කළේය. නොයෙකුත් සාකච්ඡා එකඟතා, විරුද්ධතා, යෝජනා, මධ්‍යයේ මෙම කියොටෝ ක්‍රියාවලිය පෘථිවි චිපිට ගෝලයේ සිසාරා ක්‍රියාත්මක කිරීමට 2004 වන තෙක්‌ම අපහසු විය.

මෙම ක්‍රියාවලිය තිව්‍ර ලෙස විවේචනය කළ රටවල අදහස වූයේ මෙම එකඟතාව හා ක්‍රියාවලිය දත් නැති කොටියකු හා සමාන බවය. 1990 ත් 2012 ත් අතර වසර 22 ක සම්පූර්ණ කාලයේදී වායුගෝලයට නිකුත් කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 5% කින් අවම කර ගැනීම මෙම ගෝලීය සාමුහික උත්සාහයේ පරමාර්ථ ඉලක්‌කය විය.

එහෙත් ගෝලය සිසාරා අද්‍යතනව ඇතිවී තිබෙන දේශගුණ විපර්යාස දෙස අවධානය යොමු කිරීමේදී මෙම ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉතා සුපැහැදිලිය. දේශගුණය සුවදායිව ස්‌ථාවරව පවත්වා ගැනීමට නම් මෙම ඉලක්‌කය 12 ගුණයකින් තව දුරටත් ඉහළ දැමිය යුතුය. වායුගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වසර 2050 වනවිට 1800 පූර්ව කාර්මික යුගයේ පැවැති මට්‌ටම මෙන් දෙගුණයකින් පවත්වා ගැනීමට පවා කාබන් නිකුත් වීම නොපමාව 70% කින් අඩු කළ යුතු බව විද්‍යාත්මක පිළිගැනීමයි. කියොටෝ එකඟතාවය (KYOTO PROTOCOL) විසින් ජයග්‍රහණය කර ගත යුතූ දෘඩ අභියෝගයයි එයයි.

එක්‌ එක්‌ රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විවිධ විප්‍රෙෂණ සීමා කියොටෝ ලේඛනයේ සඳහන් කර ඇත. උක්‌ත විප්‍රෙෂණ සිමා එක එක රටවලට අනුව 92% ක්‌ 110% ක්‌ අතර පරාසයකින් වෙනස්‌ වේ. සංවර්ධනය වන රටවල් වශයෙන් සැලකෙන චීනය හා ඉන්දියාවේ ගිවිසුමේ පාර්ශ්වකරුවන් වුවද කාබන් නිකුතුව නිර්ණය කිරීමේ ක්‍රියාවලියෙන් එම රටවල්වලට 2012 තෙක්‌ නිදහස්‌ කර ඇත.

කියොටෝ ලේඛනයට අනුව වසර 2012 දක්‌වා වන පළවූ කාලය තුළ විප්‍රෙෂණ සීමාවන් ගණනය කිරීමේදී යුරෝපීය සංගමයට අයත් රටවලට 1990 පැවැති ප්‍රමාණයට වඩා 8%ක්‌ අඩුවෙන්ද ඇමරිකා එක්‌සත් ජනපදයට 7% ක්‌ද වශයෙන් නිර්ණය කර ඇත. ඔස්‌ට්‍රෙලියාවට 1990 පැවැති කාබන් නිකුතුවට වඩා 8% කින් වැඩියෙන් කාබන් නිකුතුවට ඉඩ ලැබිණි. වාසිදායකම පහසුකම ලැබුණේ නවසීලන්තයටයි. 1990 පැවැති විප්‍රෙෂණ ප්‍රමාණයට වඩා 10% ක්‌ විප්‍රෙෂණය කිරීමට නවසීලන්තයට අවස්‌ථාව ලැබිණි. සියලුම කාර්මික රටවල් අතුරින් වැඩිම හරිතාගාර වායු නිකුත් වීම සිදු කරනුයේ ඔස්‌ට්‍රෙලියාවය. එම ප්‍රමාණය ඇමරිකා එක්‌සත් ජනපදයටත් වඩා 25% කට වැඩිය.

නමුත් ඇමරිකා එක්‌සත් ජනපදය මෙන්ම ඔස්ට්‍රේලියාව ද කියොටෝ එකඟතාවයට අත්සන් කළේ නැත. කියොටෝ ලේඛනයට අත්සන් නොතැබීමට හේතු වශයෙන් මෙම රටවල ද්වයම එක හෙළා ප්‍රකාශ කළේ මෙය ඉතා අධික වියදමක්‌ දරා සිදු කළ යුතු කාර්යක්‌ වශයෙනි. ඊටත් අමතරව එම දෙරටේ අදහස වූයේ අනාගතයේ ඇති විය හැකි උවදුරුවලින් බේරී සිටීමට ඇති හොඳම ක්‍රමය ශක්‌තිමත් ආර්ථිකයක්‌ සතු කර ගැනීම බවය. නමුත් ඊට පිළිතුරු දුන් සොබා දහම් පවුල 1998 එල්-නිනෝව හරහා ඇමරිකාවට ඇති කළ පාඩුව ඇමරිකා එක්‌සත් ජනපද ඩොලර් බිලියන 89 ක්‌ හා මිනිස්‌ ජීවිත 32,000 කි. 1980 දශකය සිසාරා ඇති වූ දේශගුණ විපත්වලට අදාළ මුදල එක්‌ වසරකදී ගෙවා දැමීමට 1998 එල්-නිනෝව ක්‍රියා කළේය.

පෘථිවි මානූෂීය වාර්ගිකයන්ගේ ක්‍රියා හේතුවෙන් උද්ගත වන කාලගුණික විපත් ස්‌වාභාවික ක්‍රියාවලිය හේතුවෙන් සිදු වන කාල ගුණ විපත් අභිභිවා යන දිනයක්‌ මේ ශත වර්ශය තුළදී ක්‍රියාත්මක වනු ඇති බව බොහෝ විද්‍යාඥයන්ගේ පොදු එකඟතාවයයි. එසේ වුවහොත් දෙවියන් හෝ දෛවය ඊට වග කිව යුතු නොවන බව පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට නිසැකවම අවබෝධ වනු ඇත. 

මක්‌නිසාද යත් පාලනයකින් තොරව, අත්තනෝමතිකව වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්‌සයිඩ් හේතුවෙන් සිදු විය හැකි දේශගුණ විපර්යාස කල්තියාම පුරෝකථනය කිරීමට තරම් පෘථිවි මානුෂීය වාර්ගිකයන් විද්‍යාත්මකව සවිබල ගැන්වී ඇති හෙයිනි. එසේ නැත හොත් ඒ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක සාක්‍ෂි වුවමනා තරම් සොයා ගෙන ඇති හෙයිනි.

කෙසේ වෙතත් මෙවැනි මානුෂීය වාර්ගිකයන්ගේ ක්‍රියා හේතුවෙන් සිදු වන දේශගුණික විපර්යාස පිළිබඳ වග කිව යුත්තේ කුමන කණ්‌ඩායමද යන්න සොයා ගෝලීය හා මහද්වීප මට්‌ටමේ නෛතික ප්‍රතිපාදනවල පිහිට පැතීමටද සමහර ආදි වාසි ජන කොටස්‌ පෙරට පැමිණ ඇත. එම තත්ත්වය සෑම ශිෂ්ටාචාරයකම රටවැසියන්ට මහත් වූ පූර්වාදර්ශයකි.

ඊට හොඳම උදාහරණ වනුයේ ඇමරිකානු ධ්‍රැව කලාපයේ පාරම්පරිකව ජීවත් වන ඇමර් ඉන්ඩියන් ඉනියුට්‌ (AMERINDIAN INUIT) කැනේඩියානු ඉනියුට්‌ හා (CANADIAN INUIT) ග්‍රින්ලැන්ඩික්‌ ඉනියුට්‌ (GREEN LANDIC) යන පෘථිවි මානුෂීය වාර්ගික ජාතීන් අන්තර් ඇමරිකානු කොමිසම වෙත දේශගුණ විපර්යාස හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදුව තිබෙන ව්‍යසනවලට සාධාරණය ඉටු කර දෙන ලෙස පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබීමය. මෙම තත්ත්වයට ඉතා කිට්‌ටුව බලපෑ කාරණය වූයේ 2005-2006 වසරවලදී ඉනියුට්‌ ගෝත්‍රික ජනාවාසවලට අවශ්‍ය භාණ්‌ඩ ප්‍රවාහනය කළ ට්‍රක්‌ රථ අයිස්‌ තට්‌ටු මතින් ධාවනය කිරීමේදී නොසිතූ අවස්‌ථාවලදී අයිස්‌ තට්‌ටු සමග ට්‍රක්‌ රථද ජලයේ ගිලියැමය. එසේම තවදුරටත් ඔවුන්ගේ ආහාර ප්‍රභවයන්ද විනාශ වී යැමය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම හේතුවෙන් මුහුදු අයිස්‌ දියවීම හා වෙරළ ඛාදනය හේතුවෙන් ඇලස්‌කානු මුහුද සමීපයේ පිහිටි ෂිෂ්මාරෙෆ් (SHISHMAREF) ජනාවාසද විනාශවීමේ තර්ජනයට මුහුණදී ඇත. (EN.WIKIPEDIA.ORG.WIKI.SHISHMAREF) වසර 4000 ට වඩා දිගු ඉතිහාසයක්‌ තිබෙන බව සඳහන් වන මෙම ජනාවාසවල පදිංචිකරුවන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුවෙන් දේශගුණිකව සරණාගත වන පළමු ජන කොට්‌ඨාසය (CLIMATE REFUGEES) වනු ඇත.

ඉනියුට්‌ ගෝත්‍රිකයන්ට සිදුව ඇති අපහසුතා පිළිබඳ ඇමරිකානු රජයට හෝ අමරිකානු කර්මාන්ත කරුවන්ට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු කොමිසම (INTERAMERICAN COMMISSION ON HUMEN RIGHTS) (IACHR) ක්‍රියාකරනු ඇතැයි සිතීමට ඉඩ ඇත.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට "මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ" (UNIVERSAL DECLARATION ON HUMAN RIGHTS) අන්තර්ගත වන සෑම පුද්ගලයකුටම ජාතිකත්වයක්‌ සඳහා අයිතියක්‌ ඇත. "කුමන පුද්ගලයෙකුගෙන් හෝ ඔහු සතු දේපොළ අත්තනෝමතික ලෙස අහිමි නොකළ යුත්තේය." යන ප්‍රතිපාදන සහිත වගන්තිද, එක්‌සත් ජාතින්ගේ සිවිල් සහ දේශපාලනික අයිතින් පිළිබඳ සම්මුතියේ - (UNITED NATIONS COVENENTION CIVIL AND POLITICAL RIGHTS) අන්තර් ගත කිසිදු අවස්‌ථාවක කුමන හෝ ජන කොට්‌ඨාසයකට තම යෑපීම් මාර්ග අවහිර හෝ අහිමි නොකළ යුත්තේය යන ප්‍රතිපාදනවල ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනවත් වනු ඇත.

නමුත් මේ ආකාරයට නොයෙක්‌ සාගර-මුහුදු ජාලයන් අශ්‍රිතව චිරාත් කාලයක සිට පැවැත එන සාම්ප්‍රදායික ජනාවාස රාශියක්‌ ඇත. ඒවා ඇටොල් දූපත් වශයෙන් ප්‍රසිද්ධය. (EN. WIKIPEDIA.ORG. WIKI.ATOLL) මෙම දූපත්වල නියෝජිතයන් කියොටෝ සාකච්ඡා වටවලදී ඉල්ලා සිටියේ දේශගුණ විපර්යාස පිළිබඳ දැඩි තීරණයක්‌ ගන්නා ලෙසය. නමුත් ඊට එරෙහි වූ ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසේ ප්‍රධානියා වූ ආචාර්ය බ්‍රයන් ෆිෂර් ප්‍රකාශ කළේ කර්මාන්තකරුවන්ට කාබන් නිකුතුවට බල කරනවාට වඩා උක්‌ත සියලු දූපත් වාසීන් සුදුසු මහද්වීපයකට නැවැත පදිංචි කිරීම වඩා වාසිදායක බවය.

කෙසේ වෙතත් කියොටෝ එකඟතාවයට (KYOTO PROTOCOL) පෙර අසීමිත ප්‍රමාණයකින් හරිතාගාර වායු විප්‍රෙෂණයට තිබූ නිදහසට අද්‍යතනව ඉඩ නැත. පෘථිවි චිපිට ගෝලයේ රටවල් 162 ක්‌ මෙම සම්මුතියට එකඟතාවය ප්‍රකාශ කර ඇත. එම නිසා 21 වන සියවසේ පෘථිවි ගෝලීය වැදගත්ම එකඟතාවය කියොටෝ සම්මුතියට පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පාලකයන් බහුතරයක්‌ එකඟවීමය. 

සත්‍ය වශයෙන්ම අති දැවැන්ත විනාශකාරී ක්‍රියාවලියකට එරෙහිව එකමුතුව ක්‍රියාත්මක වීමට අද්‍යතනව ඇති එකම එකඟතාවය කියොටෝ එකඟතාවයයි. (KYOTO PROTOCOL) සෑම රටවැසියෙක්‌ම, සෑම රාජ්‍ය නායකයෙකුම, සෑම රාජ්‍ය සේවයකුම තම ස්‌වාභාවික යුතුකම්-වගකීම් නිවැරදිව ඉටුකිරීමට කටයුතු කරන්නේ නම් උක්‌ත ව්‍යසනවලින් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට නිදහස්‌ වීමට හැකි වනු නොඅනුමානය. එම නිසා ඔබේ, අපේ දූ දරුවන්,  අසල්වැසියන්, කාර්යාල මිත්‍රයන් ආදි සියලු දෙනා සමග එකමුතු වී සොබා දහම සමග ඒකාත්මික වනු මැනවි. රවීන්ද්‍රනාත් තාගොර් මෙසේ පවසා ඇත. "රාත්‍රි කාලයේදි හිරු නොපෙනෙන නිසා ඔබ කඳුළු සැලුවොත් ඔබට තාරකාවන්ද නොපෙනී යනු ඇත".


 

Advertiesment