Friday 22nd of October 2021

English Tamil
Advertiesment


“ලෝකයට පෙර රට හඳුනා ගත යුතුය”


2019-07-02 5670

 

රනිල්ගේ “සඳු” කර්මස්ථානයේ උච්ඡ වෙයි..!

සඳලු තලයෙන් බිමට බැසීමට සිද්ධ වෙයි..!

විශ්වාස භංග අනාවැකිය පළ දරයි..!

හෙට රට කාලීන ජ්‍යෙතිෂ්‍ය විග්‍රහය

“හෙට-රට” කාලීන ජෝතිෂ්‍ය විග්‍රහයේ පසු ගිය ලිපිවලින් බුධගේ නීචත්වය හරහා දරුවන්ට මාරක අපල ගෙන දෙන බවත්, ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කර වන ලෙසත්, අප ඔබගෙන්  ඉල්ලා සිටියා ඔබට මතක ඇති.ඒ අනුව මේ වන විටත් දරුවන් විශාල වශයෙන් ජිවිතක්ෂයට පත් වන්නේ ඉතාමත් ශෝචනීය අන්දමටය.රිය අනතුරුවලට, ජල අනතුරුවලට ලක් වීමෙන් දරුවන් මිය යන්නේ නොසැලකිලිමත්කම නිසාය.  මිට වග කිව යුත්තේ සෘජුවම දෙමාපියන්ය.

එසේම රනිල් වික්‍රමසිංහ  මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව  පුස්සක් වීමට ඉඩ ඇති බව අප ප්‍රකාශ කළා ඔබට මතක ඇති. සඳු අප්‍රේල් 03 දා රනිල් වික්‍රමසිංහ  මහතාගේ කේන්දරයේ පුණ්‍යස්ථානයට පිවිසීමත් සමඟම පෙර යම් පිං ඵලදීමට හේතුවී ජය අත් කර ගත හැකි බවට ප්‍රකාශ කෙරුණු ශ්‍රී ලංකාවේ එකම අනාවැකිය අපේ එම අනාවැකිය  බවද සඳහන් කරන්නෙමු.

ආධ්‍යාත්මවේදීන් සහ අධි මානසික බලයෙන් යුක්ත ඉසිවරයන් පවා සිටින  රටක විශ්වාස භංග යෝජනාව ගැන අනාවැකි පළ කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම පුදුම සහගතය.  පෙර පිං  ඵලදීම හෝ පැවතීම දිගු කාලීන වශයෙන් නොවිය හැකියි. එසේ පෙර පිං ඵලදීම  දින, පැය, විනාඩි සහ තත්පර ලෙසින් ද විය හැකිය.

ඒ නිසා මේ ජයග්‍රහණය සදාකාලික ජයග්‍රහණයක් නොවීමට ද පුළුවන.  තාවකාලික සුවයක් වීමට ද බැරි නැත.  කෙසේ වෙතත්, පවතින ග්‍රහ චලන ඔස්සේ ඉදිරි කාලයේ එතුමාට ලැබෙන පීඩනය අති මහත්ය.  පෙර සඳහන් කළ පරිදි රැක ගත් ඔටුන්න හිස පැළදීම සහ දරා සිටීම අසීරුය.  හේතුව ඒ ඔටුන්න  කටු ඔටුන්නක් නිසාවෙනි.

අප්‍රේල් මස හය වැනිදා දක්වා පුණ්‍යස්ථානයේ ගෝචර වු සඳු මීළගට පිවිසියේ රනිල් වික්‍රමසිංහ  මහතාගේ කර්මස්ථානයටය.  ඉතාම හොඳ ප්‍රවිශ්ඨයකි.  නිවැරදි දැක්මෙන් කටයුතු කිරීමට යහපත් කාල පරාසයකි.  මුලින්ම “ලෝකය” හඳුනා ගැනීමට පෙර “රට" හඳුනාගත යුතුය.  ජනතාවගේ මුලික ප්‍රශ්න හඳුනා ගෙන ජනතාවට සඳක් වීමට හැකි අවස්ථාවකි.

මහ ගෙදර උදවිය ඔටුන්න රැක දෙන්නට උදව් කළ ද, බහුතර ජනතාවගේ අදහස මීට වඩා හාත්පසින්ම වෙනස් වීමට පුළුවන.  ඒ නිසා ඔටුන්න රැක දුන් උදවියට අමාත්‍යාංශ මාරු කරමින් සුඛ විහරණ වැඩි කළාට ඵලක් නොවන්නේ සමස්ථ බලය රැඳි තිබෙන්නේ රට වැසියාගේ ඇගිලි තුඩුවලට සිරවු පැන්සලය මත නිසා වන අතර ඒ  බව සිහි තබා ගත යුතුය.

විස්කි, බ්‍රැන්ඩි,වයින්,ෂැම්පේන් අයත් සමාජයට වඩා කිතුල් රා, පොල් රා, කිතුල් හකුරු ඇති සමාජය ගැන මීට වඩා පාලකන්  දැනුවත් විය යුතුය.  ඔවුන් ගැන මීට වඩා උනන්දු විය යුතුය.  ඉහළ සමාජයේ දරුවන්ට “ටැබ්ලට්” සහ “ලැප්ටොප්” ඇතුළු  ඩිජිටල් තාක්ෂණය ලබා දෙනවාට අප විරුද්ධ නැත.  නමුත්, ගමේ කිතුල් හකුරු කෑල්ලකින් කහට කෝප්පයක් බොන දරුවන්ට ලියන්න පොතක්, පෑනක්, සපත්තු ජෝඩුවක් තියෙනවද යන්නත් සොයා බැලිය යුතුය.

රටේ,සමාජයේ බිම් මට්ටමේ සහ ගම මට්ටමේ මේ සැබෑ යථාර්තය හෙංචයියන්,එහෙයියන්,ගැත්තන් ඉත්තන් සහ  පුරෝහිතයින් මාර්ගයෙන් දැනුවත් වනවාට වඩා තමාම සඳලු තලයෙන් මහ පොළවට බැස ගම් නියම්ගම් සිසාරා ගොස්  සොයා බැලීම වඩා වැදගත් වනු ඇත.

කරුණු කරණා  සොයා බැලීමට හෙළිකොප්ටර් උවමනා නැත.  පරිවාර වාහන අවශ්‍ය නැත.  පාලකයින්ට ජනතාව ආදරෙයි නම්, ආරක්ෂක පියවර ඕනේම නැත.  ජනතාවම ඔවුන් ආරක්ෂා කරනු ඇත.  ඔබ ජනතාවට සඳක් නම්, ඒ සඳ බැස යන්නට ඔවුන් ඉඩ නොදේවී.  දෝතින් රැක ගනිවී.  එවිට තිස් එක් වැනි  මැතිවරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවසඳක් නොවී පුර සඳක්ම වනු ඇත.

ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

Advertiesment