Friday 18th of September 2020

English Tamil
Advertiesment


රනිල්ට එරෙහිව කරූ විෂයෙහි මල්වතු ස්ථාවරය මෙන්න..!


2020-09-03 2595

එජාපය යළි ගොඩනැඟිය හැක්කේ කරූට විතරයි 

 

ඇත් රජෙකු සේ ඉදිරියටම යන්නැයි මල්වතු පාර්ශවය ඉල්ලයි

 

මල්වතු-අස්ගිරි සහතිකයවත් රනිල්ට ප්‍රමාණවත් නැද්ද..? 

 
 
(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට අවශ්‍ය බුද්ධිය අත්දැකීම් සහ පිළිගැනීම ඇති එකම නායකයා හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කු⁣ඹුරේ විමලධම්ම නා හිමියෝ අවධාරණය කර සිටිති.

එමනිසා යුධ බිමේ දී එල්ල වන ඊතල පහර නොතකා පෙරටම යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්නැයි විශේෂ අනුශාසනවක් කරමින් දිඹුල්කු⁣ඹුරේ විමලධම්ම නා හිමියෝ කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියහ.

දිඹුල්කු⁣ඹුරේ විමලධම්ම නා හිමියෝ මේ බව අවධාරණය කර සිටියේ, කරු ජයසූරිය මහතා සඳුදා (31) මහනුවර මල්වතු මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාවේ දී විශේෂ අනුශාසනයක් කරමිනි. එහිදී කරු ජයසූරිය මහතා කෙරෙහි විශ්වාසය පළ කළ උන් වහන්සේ, වැදගත් ඉතිහාසයක් සහිත එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති ඛේදජනක ඉරණම පිළිබදව තමන් වහන්සේ බෙහෙවින් කණගාටු වන බවද පැවසුහ.

එහිදී වැඩි දුරටත් අනුශාසනා කරමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කු⁣ඹුරේ විමලධම්ම නා හිමියෝ මෙසේ පැවසූහ. 

"එක්සත් ජාතික පක්ෂයට උණු විපත්තිය හිතා ගන්නත් අමාරුයි. ඩී.එස් සේනානායක මැතිතුමා ඇතුළු මුස්ලිම්, හින්දු, සිංහල, ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙලා හදපු පක්ෂය. ඒකනෙ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නෙ. මේ පක්ෂය කොච්චර කාලයක් ආණ්ඩු බලය තියා ගෙන රට පාලනය කළා ද..? ඩී.එස්.සේනානායක මහත්තයා මොනතරම් විශිෂ්ඨ සේවයක් කරලා තියනවද..? ජනවාසවල පදිංචි කරන්න එතුමානෙ කටයුතු කළේ. එහෙම පක්ෂයක් අන්තිමටම බින්දුවටම වැටුණා. ඒක අනිත් පක්ෂවලටත් හොද ආදර්ශයක්.

ඔබතුමා මේ කටයුත්තට සුදුස්සෙක්. දීර්ඝ පළපුරුද්දක් ඔබතුමාට තියනවා. හමුදාවල ඉදලා, ව්‍යාපාර ක්ෂේත්‍රවල ඉදලා, කොළඹ නගර සභාවෙ නගරාධිපති වෙලා ඉදලා, මන්ත්‍රී වෙලා ඉදලා, ඇමති කෙනෙක් වෙලා ඉදලා, ඊළගට පාර්ලිමේන්තුවෙ ප්‍රධානියා බවට පත් වුණා දීර්ඝ කාළයක්. ඒ වගේම ඔබතුමාට කෙතරම් ගල් මුල්-මිරිස් කුඩු, ප්‍රහාර ආවද..? ඒවාට නොබියව අර යුද්ධයේ දී ඇතාට විදින ඊතල ඇතා ඉවසනවා වගේ ඔබතුමත් ඒ සියලු දේ ඉවසලා ඒ කටයුතු කළා. එහෙම ඉවසීමේ ශක්තියක්, ඒ වගේම බුද්ධිමත් භාවයක්, කාර්යශුරත්වයක්,  ඒ ඔක්කොම තියනවා. ඒ වගේම ඔබතුමාට ධන බලයත්, පිරිස් බලයත් තියනවා. ඔබතුමා කථානායක අසුනෙ ඉන්දැද්දි මේ ජාතින් එකතු කරන්න අපිත් එකතු කර ගෙන ගිහිල්ලා තැන් තැන්වල රැස්වීම් තියලා සිංහල, දෙමල, මුස්ලිම්, හින්දු, කතෝලික, මේ සියලු දෙනා එකතු කර ගත්තා. මේවා සත්පුරුෂයන්ගෙ ලක්ෂණ.." 

Advertiesment