Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


එජාපය ගොඩ ගන්න කොල්ලෙකුට බැහැ  


2020-09-01 7911

 

එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය හැක්කේ අත්දැකීම් නොමැති තරුණයෙකුට නොව දේශපාලන උපාය උපක්‍රමවලට දක්ෂ සිංහල-බෞද්ධ පදනමක් ඇති මනා පරිචයකින් යුතු පුද්ගලයෙකුට පමණක් යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ උප සභාපති නුවන් නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

තරුණ වෘත්තිකයින් දේශපාලනයන් ඈත් වන වකවානුවක එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ තරුණ වෘතිකයන්ගේ සංගමය වශයෙන් මේ තීරණාත්මක අවස්ථාවේ අපගේ මතය මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශ කරමු. වෘතිකයන් යනු තම අදාළ ක්ෂේත්‍රයේ යම් කිසි හර පද්ධතියක කටයුතු කරන පිරිසකි. දේශපාලනයේදී ද එය එසේම විය යුතු බව අපගේ හැගීමයි.

පසු ගිය මැතිවරණයේදී අප පක්ෂය ලැබූ දැවැන්ත පරාජය හමුවේ මේ අභිමානවත් පක්ෂයේ අනාගතය පැහැදිලි අවදානමකට පත් කර ඇත. අප වෘතිකයන් ලෙස අනුගමනය කරන නායකත්ව රාමුවන්වලට අනුව පක්ෂය 1994 පටන් දැවැන්ත පසු බෑමකට පත්ව එහි අවසාන තීරණාත්මක අවස්ථාවට පැමිණ ඇත්තේ අර්බුද සමුහයක් නිර්මාණය කරමින් වීම අපගේ තියුණු අවදානයට ලක් කළෙමු. 

එනමුත් මේ අතිශය තීරණාත්මක මෙහොතේ පවා, යම් පුද්ගලයන් තම පුද්ගලික වාසි තකා පක්ෂ ක්‍රියාකාරීන්ගේ දේශපාලන අනාගතය අවදානමට හෙළමින් කටයුතු කිරීම පිළිකුල් සහගතව හෙළා දකිමු. අප නිරන්තරයෙන්ම පක්ෂය සමග රැදෙමින් පක්ෂයේ තීරණ සමගින් කටයුතු කළ ද, තව දුරටත් එසේ කළ නොහැකි බව දක්වනු කැමැත්තෙමු.

අද පක්ෂය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒමට තරුණ ජවයෙන් පමණක්ම නොහැකි බව උද්ගත වී ඇති තත්ත්වය මනාව අධ්‍යනය කරන ඕනෑම පුද්ගලයකුට පැහැදිලි වන කාරණයකි. මේ අවස්ථාවේ පක්ෂයේ නායකත්වයට වඩා හොඳ දේශපාලන පරිචයක් ඇති දේශපාලන උපායේ දක්ෂ පුද්ගලයකු පත් කළ යුතු බව තරුණ වෘතියවේදීන් වන අපගේ මතයයි.

මෙවන් වටපිටාවක පක්ෂයේ නායකත්වය තරුණ නායකයකු අතට පත් කළ යුතු බවට කර තිබෙන මාධ්‍ය ප්‍රකාශය අවස්ථානුකුල නොවන අතර එය කළ යුතුව තිබුණේ මිට වසර කිහිපයකට පෙර බව අපගේ හැගීමයි. එය එසේ වූවා නම් එම තරුණ නායකත්වයට පරිනත නායකත්වයක පරිචය ලැබිමට හොද අවස්ථාවක් තිබු අතර, අද අප පක්ෂය පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය වළකා ගත හැකිව තිබු බව අපගේ හැගීමයි.

නායකත්වය අවස්ථානුකුලව තම අනුප්‍රාප්තිකයාට පවරා දීමට වත්මන් නායකත්වය පැහැදිලිවම අපොහොසත් වී තිබේ. එය සබැ නායකයුතු සතු ප්‍රධාන වගකීමකි. වෙවන් වට පිටවක දී අප පාක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගනිමින් උපායශීලිව පක්ෂය සබැ තරුණ නායකත්වයට භාර දීමේ බැරෑරුම් අභියෝගයට නායකත්වය දෙන මෙන් ගරු කරු ජයසුරිය මැතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment