Friday 18th of September 2020

English Tamil
Advertiesment


අතේ මුදලට Nano වතුර ෆිල්ටරයක්


2020-08-30 5259

 

(සුජිත් මංගල ද සිල්වා)

 

දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර මහතා විසින් සිදු කරනු ලැබීය. 

ඒ ප්‍රසන්න රණවීර මහතාගේ ආරාධනයකට අනුව ලෙස්ලි සේනානායක මහතා ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන අමාත්‍යාංශයට පසුගිය දා  පැමිණි අවස්ථාවේදීය.

මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. මේ අතර වයඹ විශ්ව විද්‍යාලයේ "Nano" තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය සී.ඒ.එන් ප‍්‍රනාන්දු මහතා මේ පිළිබද වැඩිදුර පරීක්ෂණයක් සිදු කරනු ලබයි.

මේ කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කළ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා ඉදිරියේදී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩි කොට මහ ජනතාවට දැරිය හැකි මුදලකට දේශීය වෙළෙඳ පොළට වගේම විදේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම සිය අමාත්‍යාංශය හරහා ලබාදීමට  කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.


Advertiesment