Friday 4th of December 2020

English Tamil
Advertiesment


ආශු මාරසිංහ මැරුම් නොකා බේරුණු හැටි මෙන්න


2020-08-30 7368

රනිල් නිසා දිවි ගලවා ගනී 

 

ආශුගේ හොරකමට-දෙපැත්ත කෑමට විරෝධය 

 

ආශු නිසා රුවනුත් අනාථයි-රනිලුත් අනාථයි  

 

කුණු බිත්තර ප්‍රහාරයෙන් ගැල වුණේ අනූ නවයෙන්

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

රුවන් විජයවර්ධන මහතා සමග සති අන්තයේ අනුරාධපුර සහ මහනුවර යන දිස්ත්‍රික්වල විශේෂ සංචාරයක යෙදී සිටී ආශු මාරසිංහ මහතා එම සංචාරය අතරතුරදී වහාම කොළොඹ කැඳවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඊට හේතු වූයේ රුවන් විජයවර්ධන මහතා සමග ආශු මාරසිංහ මහතා මහනුවරට පැමිණිය හොත්, ඔහුට මාරාන්තික ලෙස පහර දීමට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ තරුණියන් ඇතුළු ප්‍රබල පාක්ෂිකයින් පිරිසක් සූදානමින් සිටින බවට රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබුණු අභ්‍යන්තර සහ රහස් තොරතුරුය.

රුවන් විජයවර්ධන මහතා සිය අනුරාධපුර සහ මහනුවර සංචාරය සඳහා ආශු මාරසිංහ මහතා එක් කර ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනු දැනුමෙන් තොරව වන අතර මේ සංචාරය යෙදී තිබුණේ සිකුරාදා (28), සෙනසුරාදා (29) සහ ඉරිදා (30) යන දිනයන්හිදී ය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තරඟ කරන ලෙසට උපදෙස් ලබා දී, ඒ වෙනුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති නා හිමිවරුන්ගෙන් සහ මහනුවර මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ආශීර්වාද ලබා ගෙන එන ලෙසට නියෝග කරමින්, දේශබන්දු කරු ජයසූරිය මහතාට එරෙහිව රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් මේ සංචාරය සංවිධානය කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

එහිදී රුවන් විජයවර්ධන මහතා වෙත විශේෂ උපදේශයක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, මේ සංචාරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා සහ අදාළ දිස්ත්‍රික්වල  මහජන නියෝජිතයින් පමණක් සම්බන්ධ කර ගන්නා ලෙසටය.

කෙසේ නමුත් ආශු මාරසිංහ මහතා, රුවන් විජයවර්ධන මහතාව අන්දවා ගෙන මේ සංචාරයට එක් වූ අතර අනුරාධපුරයේ දී සෙනසුරාදා (29) පැවති ප්‍රසිද්ධ රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා රුවන් විජයවර්ධන මහතාට ආරාධනා කරන අතර ඊට එකම සුදුස්සා සහ නියම උරුමක්කාරයා වන්නේ ද ඔහු බවය. 

එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා එම ආරාධනය පිළිගනිමින් ඉතා පැහැදිළිව කියා සිටියේ, ආශු මාරසිංහ මහතාගේ ඉල්ලීම මත තමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නියත ලෙසම ඉදිරිපත් වන බවය.

එකසත් ජාතික පක්ෂයේ මහනුවර දේශපාලන කඳවුර සේම කොළඹ දේශපාලන කඳවුර ද ගිනි ගත්තේ රුවන් විජයවර්ධන සහ ආශු මාරසිංහ යන මහත්වරුන්ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශ සමගය.

ආශු මාරසිංහ මහතාගේ මෙම ප්‍රකාශය සහ ඊට රුවන් විජයවර්ධන මහතා පිළිතුරු දුන් ආකාරය සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ තරුණ තරුණියන් මහනුවර දී ආශු මාරසිංහ මහතාට පහරදීමට සැලසුම් කළේ, ඔවුන් ඔහුගේ කුට දේශපාලන ගනුදෙනු උපාය, උපක්‍රම, දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු දන්නා නිසාය.

මේ සිද්ධියත් සමග අතිශය කලබලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන ලසන්ත ගුණවර්ධන මහතා ද රුවන් විජයවර්ධන සහ ආශු මාරසිංහ යන මහත්වරුන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් නායකයා හමුවේ සිය විරෝධය පළ කර ඇත. 

"සිරිකොත" මූලස්ථාන ආරංචි මාර්ග "lankanewsweek" සමග කියා සිටියේ ආශු මාරසිංහගේ ආරාධනය මත එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පැමිණෙනවා යැයි රුවන් විජයවර්ධන මහතා කියා සිටින්නේ නම් ඔහුට සහය පළ කිරීමට නොහැකිය යන ස්ථාවරයේ ලසන්ත ගුණවර්ධන මහතා ද සිටින බවය. 

මේ අතර එක්සත් ජාතික පක්ෂය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරඟ කළ ජනප්‍රිය මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශක මහේෂ් සේනානායක මහතා මීට දින කිහිපයකට ඉහත දී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණටම කියා තිබුණේ, පක්ෂයේ කිසිදු දේශපාලන කටයුත්තක් සඳහා ආශු මාරසිංහ මහතා මහනුවරට නොඑවන ලෙසය. 

ආශු මාරසිංහ මහතා කඩුගන්නාව කන්දෙන් උඩට එව්වොත් ඔහුට නියත ලෙසම පහර දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා සමග කියා ඇති මහේෂ් සේනානායක මහතා එසේ කළා යැයි කියා තමා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරියත් තමාට ප්‍රශ්නයක් නැතැයිද දැනුම් දී තිබිණ.

සිය අණ, නියෝග සහ උපදෙස් නොතකා ආශු මාරසිංහ මහතා මෙම සංචාරයට එක් කර ගැනීම සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතාට ද දෝෂාරෝපණය කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා, වහාම මැදිහත් වී ආශු මාරසිංහ මහතා කොළඹ නොකැඳ වූයේ නම් ඔහුගේ ඉරණම අතිශය ශෝචනීය වීමට ඉඩ තිබිණ.

 

   

          

Advertiesment