Thursday 24th of September 2020

English Tamil
Advertiesment


රුවන්ගේ ආරාධනය සරසවි ප්‍රජාව ප්‍රතික්ෂේප කරති


2020-08-30 5067

වෘත්තීයවේදීනුත් ඒ අතර..!

 

දිවා භෝජන සංග්‍රහය අවලංගුයි

 

සරසවි ඇඳුරන්ටයි-වෘත්තීයවේදීන්ටයි "කන්න බොන්න" දී සහය ගන්න හදලා  

 

"එජාපය බෙදෙන තීරණවලට සහය දෙනු බැහැ"

 
(සුජිත් මංගල ද සිල්වා)

 

විශේෂ සාකච්ඡාවක් සහ දිවා භෝජන සංග්‍රහයක් සඳහා තමා හමු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා කළ ආරාධනය විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෘත්තීයවේදීන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව මහනුවර  සුපිරි හෝටලයක දී ඉරිදා (30)  දහවල් 12.300 ට සංවිධානය කර තිබූ මෙම විශේෂ සාකච්ඡාව සහ දිවා භෝජන සංග්‍රහය අවලංගු කිරීමට රුවන් විජයවර්ධන මහතාට සිදුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහු අතිශය ව්‍යාකූලත්වයට පත්ව සිටියි.

රුවන් විජයවර්ධන මහතා මෙම විශේෂ හමුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට එකම සුදුස්සා තමා බවට වන මතය විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෘත්තීයවේදීන් මාර්ගයෙන් සමාජ ගත කර ගැනීමට සහ ඒ සඳහා ඒ අයගේ ද සහය ලබා ගැනීමේ අරමුණිනි.

කෙසේ නමුත් එම ආරාධනය ඉතාම සුහදශීලී ලෙස ප්‍රතික්ෂේප කරමින් විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෘත්තීයවේදීන් රුවන් විජයවර්ධන මහතාට දැනුම් දී තිබෙන්නේ මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් විය යුත්තේ ඔහු නොව සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි පුදගලයෙකු වන බවය.

රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණොත් පක්ෂය තව දුරටත් කැඩී, බිදී, බෙදී යන බව පෙන්වා දී ඇති එම විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෘත්තීයවේදීන්, ඒ අනුව පක්ෂය යළි එකට ඒකරාශී කරන පියවරවලට විනා බෙදී යන ක්‍රියාමාර්ගවලට සහය පළ කළ නොහැකි බව ද අවධාරණය කර ඇත.    

  

Advertiesment