Friday 18th of September 2020

English Tamil
Advertiesment


රුවන්ගේ නායකත්වය යටතේ එජාපයේ තනතුරු බෙදෙන හැටි


2020-08-30 2994

උත්තරීතර නායක රනිල්-නාමික නායක රුවන් 

 

මහා ලේකම් ආශු මාරසිංහ 

 

උප නායකයා සන්දිත් සමරසිංහ 

 

ජාතික සංවිධායක සමන්-භාණ්ඩාගාරික ලසන්ත 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 


රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණොත් එම පක්ෂයේ ඉහළම තනතුරු සඳහා පත් කළ යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරුණු අභ්‍යන්තර සකච්ඡාවල තොරතුරු රැසක් "lankanewsweek" වෙත වාර්තා වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් දැනට ලැබෙමින් පවතින තොරතුරුවලට අනුව රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වුණොත්, එම පක්ෂයේ සියලු මෙහෙයුම් බලතල සහිත උත්තරීතර හෝ ජ්‍යෙෂ්ඨ හෝ යාවජීව නායකයා ලෙස තිරය පිටුපස සිටිමින් ක්‍රියා කරුනු ඇත්තේ එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර එම සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරා වන චන්න වික්‍රමසිංහ මහතාගේ අදහසකි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය, ආශු මාරසිංහ මහතාට හිමි වනු ඇති අතර, තමා එක්සත් ජාතික පක්ෂ නායකත්ව තරගයට නියත ලෙසම ඉදිරිපත් වන්නේ ආශු මාරසිංහ මහතාගේ ආරාධනයට අනුව බව රුවන් විජේවර්ධන මහතා අනුරාධපුරයේ දී සෙනසුරාදා (29) පැවැති ප්‍රසිද්ධ රැස්වීමේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කළේ එම එකඟතාවයට අනුවය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා අවධාරණය කර සිටියේ, ආශු මාරසිංහ මහතාගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස තමා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන බවය.

කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට පත් කෙරෙනු ඇති අතර සමන් රත්නප්‍රිය මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා සහ ලසන්ත ගුණවර්ධන මහතා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් පත් කිරීමට නියමිතය. 

රුවන් විජේවර්ධන් මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරය ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීමට යන පුද්ගලයින් සම්බන්ධ තොරතුරු දැනට වාර්තා නොවන අතර එම තොරතුරු ලද විගස "lankanewsweek" ඒ සම්බන්ධයෙන් ද කරුණු හෙළිදරව් කර සිටින්නෙමු.    

 


Advertiesment