එක්සත් ජාතික පක්ෂය බිමටම සමතලා කරමින් විනාශ කළ රනිල් වික්‍රමසිංහ මහතාව, පාක්ෂිකයින් ඇතුළු රටේ පොදු ජනයා මහා මැතිවරණයේ දී අතිශය පිළිකුල් ලෙස තරයේ ප්‍රතික්ෂේප කර ඇති හෙයින් ඔහු වහාම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී ගෙදර යා යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ හෙංචයියන් විනාශ කළ එක්සත් ජාතික පක්ෂය යළි නඟා සිටුවා ඊට දේශපාලන වශයෙන් ජීවන හුස්ම පිඹිය හැක්කේ සියලු දෙනාටම පිළි ගත හැකි සහ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි පරිණත සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරු ජයසූරිය මහතාට පමණක් බව ද ඔවුහූ පෙන්වා දෙති.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ හෙංචයියන්ගෙන්, එහෙයියන්ගෙන්, වහලුන්ගෙන් සහ ලිංගික ශ්‍රමිකයින්ගෙන් යුතු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහාම විසුරුවා හැරිය යුතු බව ද එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දෙති.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ මහා ලේකම් උපාලි අමරසිරි මහතා නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
Lanka Newsweek © 2021