Friday 18th of September 2020

English Tamil
Advertiesment


කරූගේ එජාප සාමාජිකත්වය ගැන රනිල් කිව්ව බොරුව මාට්ටු


2020-08-28 5840

කරූ සිය සාමාජිකත්වය ඔප්පු කරයි-රනිල් අනාථයි 

 

සන්දිත් සමරසිංහ වහලා පාක්ෂිකයින් නොමඟ යැවූ හැටි 

 

රනිල්ගේ කුමන්ත්‍රණය ඔහුටම  පාරාවළල්ලක් වෙලා 

 


(සුජිත් මංගල ද සිල්වා)  
 

හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු නොවන බවට, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රට-ජනතාව හමුවේ කළ අසත්‍ය සහ පදනම් විරහිත හෙළිදරව්ව මේ වන විට ඔහුට සහ ඔහුගේ දේශපාලන වහලුන්ටම පාරාවළල්ලක් වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ සිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සාක්කි සහ සාධක සහිතව ඔප්පු කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා රට-ජනතාව හමුවේ කරුණු හෙළිදරව් කර රනිල් වික්‍රමසිංහ මහතාට කර ඇති අභියෝගය මතය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් 2020 වර්ෂය සඳහා වන සිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය මේ වන විට ඔප්පු කර ඇති කරු ජයසූරිය මහතා ඒ ලිපිය සමග ඔහු වෙත සිය පක්ෂ සාමාජිකත්වයේ පිටපතක් ද ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ දේශපාලන වහලුන් ගෙන ගිය කුමන්ත්‍රණය මුළුමනින්ම හෙළිදරව් කර ඇත.

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සාම්ප්‍රදායික සාමාජිකයෙකු සහ "1000 M" ගණයේ විශේෂ සාමාජිකයෙකු නොවන බවට, රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පාක්ෂිකයින් ප්‍රධාන රටේ පොදු ජනතාව බොරුවෙන් මුලා කරනු ලැබුවේ සිය ප්‍රධානතම වහලෙකු වන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ඇතුළු වහලුන් යොදා ගනිමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම දේශපාලන කුමන්ත්‍රණයට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතාත් සම්බන්ධ ද යන සැකය මතු වන අතර ඊට හේතු වී තිබෙන්නේ කරු ජයසූරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ඔහු ජනමාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ අනුවය.

දේශබන්දු කරු ජයසූරිය මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහවුරු කරන ලිපි ලේඛන ද, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අභියෝගයට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ වහලුන් ජන සමාජය නොමඟ යැවූ ආකාරයට අදාළ ලේඛන ද පහත දැක්වේ.   

Advertiesment