Tuesday 1st of December 2020

English Tamil
Advertiesment


සංචාරක සභාපතිනියගේ පැටිකිරිය ගැන ජනපතිට පැමිණිලි


2020-08-26 14216

පවුල් සමාගම පෝෂණය කරන බවට චෝදනා

 

සුදුසුකම්-අත්දැකීම්-පළපුරුද්ද නැහැ

 

කිමාලි ප‍්‍රනාන්දුගේ දුෂණ එළියට   

 

ශ‍්‍රී ලංකාවෙි සංචාරක කර්මාන්තය යළි ගොඩනගන්නේ මෙහෙමයි

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

සංචාරක කර්මාන්තය දියුණු කිරීම පසෙක තබා සිය පවුල් සමාගම පෝෂණය කිරීමට අත්තනෝමතික සහ නීති විරෝධී ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනිය වහාම එම ධූරයෙන් පහ කර ඊට සුදුසු අයෙකු පත් කරන්නැයි සංචාරක ක්ෂේත්‍රය සුරැකීමේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනි  කිමාලි ප‍්‍රනාන්දු මහත්මියගේ අත්තනෝමතික සහ නීති විරෝධී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු පැහැදිළි කරමින් සංචාරක ක්ෂේත්‍රය සුරැකීමේ එකමුතුව තරයේ කියා සිටින්නේ කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය සංචාරක ක්ෂේත්‍රයට මරු පහරක් බවට පත්ව ඇති බවය.

සංචාරක ක්ෂේත්‍රය සුරැකීමේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙන එම ලිපිය මෙසේය. 

2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අනුව ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලබන තැනැත්තාට අලෙවි කරනය සහ ප‍්‍රචාරණය පිළිබද දැනීමක් හා පළපුරුද්දක් තිබීම අනිවාර්ය සුදුසුකමක් ලෙස ප‍්‍රකාශ කර ඇති නමුත්, එම කාර්යාංශයේ වත්මන් සභාපතිනියට එවැනි කිසිදු සුදුසුකමක් නොමැති අතර ඇයට ඇත්තේ හුදෙක් පෞද්ගලික ආයතන කීපයක අඛණ්ඩ සේවයක් නොමැතිව ඉතා කෙටි කාලීනව ලබා ගත් අත්දැකීමි පමණි. 

කිමාලි ප‍්‍රනාන්දුගේ් සුදුසුකම් පවතින්නේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළව වන අතර, ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධූරය දැරීමට එම සුදුසුකම කිසිසේත් අදාළ නොවේ. ඇයගේ මෙම නිත්‍යනුකූල නොවන පත්වීම හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රයට අදාළව සියලුම පෞද්ගලික හා රාජ්‍ය  ආයතනවල සියලු කටයුතු දැඩි අදිබුදකාරී තත්ත්වයක පත්ව ඇත. 

තවද සංචාරක ක්ෂේත්‍ර ඉතිහාසයේ සියලුම සෑම අවස්ථාවකදීම පත්වූ සභාපතිවරුන් අදාළ ක්ෂේත‍්‍රය පිළිබද හසල දැනුමක් තිබුණා පමණක් නොව ඒ අය ඊට අදාළ සුදුසුකම් ද සපුරාලූ අය වූ අතර, ඒ හේතුවෙන්ම වර්තමානයේ පවතිනවා වැනි කිසිදු අර්බුදකාරී තත්ත්වයක් එම වකවානුවල දී දැක ගැනීමට නොලැබුණි.

COVID-19 වසංගතයත් සමග දැඩි ලෙස හානියට පත්වූ සංචාරක ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීම ඉතා අභියෝගයක් බවට පත්ව ඇති අවස්ථාවක, සංචාරක ක්ෂේත‍්‍රය පිළිබදව හසල දැනුමක් ඇති අයෙකු ගේ නායකත්වය අත්‍යවශ්‍ය මොහොතක සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම මෙහෙය වන ජාතික තලයේ සංචාරක සංවිධාන සමග එක්ව කටයුතු කිරීමට පවා හැකියාවක් සහ දැනුමක් නොමැති මෙම සභාපතිනියගේ කි‍්‍රයා කලාපය හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය සහ එහි නියුතු සියලුම ආයතන අතරමං වූ ස්වරූපයකින් සේම කිසිදු සාමූහික සහයෝගීතාවයකින් තොරව කි‍්‍රයාත්මක වීම සංචාරක ක්ෂේත‍්‍රයට වැදුණු මරු පහරක් බව කිව යුතුය.  

තවද මෙම සභාපතිනියගේ පවුල් පසුබිම අනුව ඇය හෝටල් කර්මාන්තයට සම්බන්ධ පවුලක සාමාජිකාවක්  වන බැවින් ශ‍්‍රී ලංකා සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ රාජ්‍ය ආයතනවල සභාපතිත්වය දැරීම ශ‍්‍රී ලංකාවෙි පවතින නීතිය අනුව "Conflicts of Interest" යන තත්ත්වයක් බව පැහැදිළිව කිව යුතුය. එසේම ඇය විසින් ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිත්වයට පත්වූ පළමු දින සිටම රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු විධිවිධාන නිර්දය ලෙස උල්ලංඝනය කරමින් සිය පවුල් සමාගමෙි වර්ධනය උදෙසා ඉතා වටිනා රාජ්‍ය දේපල මංකොල්ලයක යෙදෙමින් සිටී. මේ සමිබන්ධව ජාතික තලයේ මාධ්‍ය ආයතන කීපයක් මගින්ම කරුණු හෙළිදරව් කළ ද ඇය තව දුරටත් පෙර කී අකටයුතුකමි දිගින් දිගටම සිදු කරමින් සිටී.

වඩාත් බරපතළම කාරණාව වන්නේ ඇය විසින් "System Change" සිදු කරමින් සංචාරක ක්ෂේත‍්‍රයේ රාජ්‍ය ආයතන ඉතා විධිමත් ආකාරයෙන් සේවා සපයන ස්ථාන බවට පත් කරන්නේ යැයි පුරසාරමි දෙඩුවද, ඇය විසින් සිදු කරන බරපතළ ගණයේ නීතිරීති උල්ලංඝනය කිරීමෙි කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කරන බැවින් එම තත්ත්වය රාජ්‍ය සේවයට  අතිශය වැරදි පූර්වාදර්ශයක් වනු නොවනුමානයි. 

ඊට කදිම නිදසුන වන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය කටයුතු සමිබන්ධ වගකීම දරන අධ්‍යක්ෂක මණ්ඩලයේ විරෝධතාවය කිසි ලෙසකට මායිම්  නොකර ඇය විසින් ඇයගේ පවුල් සමාගමට රජය සතු ඉඩමක් ලබාදීම සදහා අත්තොනෝමතික ලෙස එම ඉඩමටම අදාළ පෙර එළඹි ගිවිසුමක් අහෝසි කිරීම හේතුවෙන් උත්ගත වූ නීතිමය කටයුත්තක් සදහා නීතිපති දෙපාදිතුමෙින්තුවෙි නිතීඥ සහය ලබා නොගෙන අයථා ලෙස රජයේ මුදල් අවභාවිතා කරමින් පෞද්ගලික නීතීඥවරයෙකුගේ සේවය ලබා ගැනීමයි. මෙවැනි කටයුතුවලින් පැහැදිළි වන්නේ තමාට නොමැති බලතල පවා භාවිතා කරමින් නීති විරෝධී කටයුතුවල අත්තොනෝමතික ලෙස ඇය යෙදී සිටින බවය. 


අතිගරු ජනාධිපතිතුමනි..,

ඔබතුමා මැනවින් දන්නා පරිදි සංචාරක ක්ෂේත‍්‍රය ශ‍්‍ර‍්‍රී ලංකාවෙි ආර්ථික සංවර්ධනයට අති විශාල දායකත්වයක් සපයන කර්මාන්තයකි. වර්තමානය වන විට ඉතා අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇති මෙම කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා අදාළ ක්ෂේත‍්‍රය පිළිබද හසල දැනුමක් හා පළපුරුද්දක් මෙන්ම විශේෂයෙන් තමන්ගේ පෞද්ගලික ලාභ අරමුණු වෙනුවෙන් සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම අනතුරක නොහෙලමින් සමස්ත සංචාරක ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීම හා එහි ප‍්‍රගතිය මූලික අරමුණ කර ගත් හා ඒ වෙනුවෙන් සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ රාජ්‍ය ආයතන සියල්ල සේම පෞද්ගලික අංශයේ ජාතික තලයේ සංචාරක  සංගම් ඒකරාශී කරමින් මනා සමිබන්ධීකරණයක් සහිතව විධිමත් සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කළ හැකි සභාපතිවරයෙක් පත් කර ගනිමින් සංචාරක ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඔබතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගන්නා ලෙස කෘතඥ පූර්වකව ඉල්ලා සිටිමු.

තවද, අප විසින් තරයේ විශ්වාස කරනුයේ, ශ‍්‍රී ලංකාව දියුණු දේශයක් බවට පත් කිරීම ඔබතුමාගේ ඉතා දිගු කාලීන මෙන්ම විද්‍යාත්මක දැක්ම සාක්ෂාත් කර ගැනීම සදහාත් සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඔබතුමාගේ රජයේ ප‍්‍රශංසනීය ප‍්‍රතිපත්ති කඩාකප්පල් නොකරමින් එම සංකල්ප යථාර්තයක් බවට පත්කරලීම සදහා වර්තමානයේ ඉතා අභියෝගයකට ලක්ව ඇති සංචාරක ක්ෂේත‍්‍රය හා එහි නියුතු කර්මාන්තකරුවන් තව තවත් අසීරුවට පත් කරමින් සමස්ත සංචාරක ක්ෂේත‍්‍රයම වළ පල්ලට ගෙනයන ඔබතුමා විසින් නායකත්වය දුන් ඉතා ප‍්‍රශංසනීය වියත් මඟ සංකල්පය බිඳ දමමින් එහි අනෙකුත් ඉතා උගත් සහ ප‍්‍රශංසනීය සාමාජිකයන්හටද කළු පැල්ලමක් එකතු කරමින් තම නොහැකියාව ප්‍රදර්ශනය කර මතභේදාත්මක ලෙස රාජ්‍ය සේවයේ විනය අමු අමුවෙි දූෂණයට ලක් කරමින් හැසිරෙන කිමාල් ප‍්‍රනාන්දු යන අය කඩිනමින් ඉවත් කොට පෙර කී පරිදි සංචාරක ක්ෂේත‍්‍රය පිළිබඳ හසල දැනුමක් හා ඊට අදාළ සුදුසුකමි සපුරා ඇති සංචාරක ක්ෂේත‍්‍රය නැවත ගොඩනැගීම මූලික අරමුණු කර ගත් සුදුසු සභාපතිවරයෙකු පත්කරලීම සඳහා ඔබතුමා, කඩිනමින්  මැදිහත් වීමක් සිදු කරනු ඇත යන්නයි.

 

Advertiesment