Friday 4th of December 2020

English Tamil
Advertiesment


රනිල්ට වගේම සජිත්ටත් කිරිඇල්ල නැතිව බැරි රහස මෙන්න


2020-08-23 21813

කිරිඇල්ල ගැන රනිල් දුන්නු සහතිකය

 

රනිල්ගේ සහතිකය සජිත් අනුමත කළ හැටි

 

සජිත් රටේ නායකයා වුණොත් කිරිඇල්ල කොතන සිටි ද..?

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, විනය සහ නීති සම්බන්ධයෙන් හසල දැනුමක්, පළපුරුද්දක් සේම අත්දැකීම් ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය අතිශය දුරදර්ශි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

යහ පාලන රජය යටතේ පාර්ලිමේන්තු සභා නායක ධූරය සඳහා එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගනු ලැබුවේ ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. 

ඒ අනුව යමින් වත්මන් විපක්ෂ නායක සහ සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තෝරා පත් කර ගැනීම විශේෂ සිද්ධියකි.

මේ සිද්ධීන් අනුව ජාතික දේශපාලන තිරය පිටුපස සිද්ධ වන කතා, විග්‍රහ සහ දේශපාලන ඕපාදුප අතර ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහ සහ  සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම සිය පාර්ලිමේන්තු අගසව්වා ලෙස සෑම අවස්ථාවකදීම ලක්ෂ්මන් කිරිඇල්ල පමණක් තෝරා ගන්නා රහස කුමක්ද යන්න පිළිබදවය.

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ අඛණ්ඩව තිස් අවුරුද්දක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෘත්තියෙන් අත්දැකීම් බහුල අධිනීතිඥයෙකු වන අතර ඔහුට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, විනය සහ නීති රීති සම්බන්ධයෙන් හසල දැනුමක්, පළපුරුද්දක් සේම බහුල අත්දැකීම් ඇති බවය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වුණාට පසුව ඒ සම්බන්ධයෙන් සිය සමීපතමයින් සමග අදහස් දක්වා ඇති   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ එවකට තමා අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කරද්දී, පාර්ලිමේන්තුව රැස් වන දිනවලදී සිය රාජකාරි, නිල සහ පෞද්ගලික කටයුතු වෙනුවෙන් කිසිදු බියක් නොමැතිව පාර්ලිමේන්තු රැස්වීම් වාර මග හැර යා හැකි වුයේ සභා නායකවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ඉතා වගකීමෙන් යුතුව සිය පාර්ලිමේන්තු වගකීම් ඉටු කළ නිසා බවය.

යහ පාලන රජය යටතේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභා නායකවරයා වශයෙන් කටයුතු කරද්දී එම රජයේ කිසිදු මුල්‍ය පනතක් පරාජයට පත් නොවූ අතර එම රජයේ ප්‍රබල අමාත්‍යවරුන්ව සිටි පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අමාත්‍යංශ වැය ශිර්ෂ ආණ්ඩු බලය තිබියදී පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුයේ එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ගයන්ත කරුණාතිලක මහතාට පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කටයුතු සුළු මොහොතකට භාර දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිල කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට ගොස් සිටි අවස්ථාවකදීය.     

Advertiesment